රවිඳු, අහන්, මුදිත සහ චාමික දක්ෂතා දක්වයි

Major Club 50 Over Tournament 2026

1
Major Club 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් අද අවසන් වූ අතර එහි දී Bloomfield C & AC කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු  සහ NCC කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ශතක ලබා ගත් අතර පන්දු යැවීමේ දී Colts CC කණ්ඩායමේ මුදිත ලක්ෂාන් සහ NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න දක්ෂතා දැක් වූවා.

ඔවුන් අතුරින් Bloomfield C & AC කණ්ඩායමේ නායක රවිඳු ප්‍රනාන්දු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 140ක් ලබා ගත් අතර NCC කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Colts CC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන මුදිත ලක්ෂාන් Baduraliya SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 21කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න ද කඩුලු 5ක් දවා ගත්තා.

මේ අතර පිතිකරුවන් අතුරින් CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 64), Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික (59) සහ ශාරුජන් ශන්මුගනාදන් (57), ACE Capital CC කණ්ඩායමේ රනේෂ් පෙරේරා (52) සහ චාමික හීනටිගල (59), SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (55) සහ NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ (52)  අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

අද පැවැති තරග අතුරින් Panadura SC සහ Moors SC අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අතහැර දැමුණා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Kurunegala Youth CC සහ CCC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 93 (26.5)ගයන වීරසිංහ 24, ඉසුරු උදාන 4/25, දිලුම් සුදීර 2/31
  • CCC– කඩුල්ලක් දැවී 97 (15.2)ලසිත් කෲස්පුල්ලේ නොදැවී 64, ඉනුක කරන්නාගොඩ නොදැවී 26

CCC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Tamil Union C & AC සහ ACE Capital CC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Tamil Union C & AC – කඩුලු 8ක් දැවී 279(50.0)තනුක දාබරේ 42, නවෝද් පරණවිතාන 33, විහස් තෙව්මික 59, ශාරුජන් ශන්මුගනාදන් 57, සචිත ජයතිලක 45, ට්‍රවීන් මැතිව් 3/50, පවන්ත වීරසිංහ 2/49
  • ACE Capital CC – කඩුලු 8ක්දැවී 250(36.5) පවන්ත වීරසිංහ 26, රනේෂ් පෙරේරා 52, චාමික හීනටිගල 59, වනුජ සහන් 46, පවන් පතිරාජ 20, ලහිරු සමරකෝන් 3/48, විජයකාන්ත් වියස්කාන්ත් 3/37

ACE Capital CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 2ක ජයක්.

Panadura SC සහ Moors SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – කඩුලු 4ක් දැවී 47 (16.2)ශාලිත් ප්‍රනාන්දු නොදැවී 16, සංතුශ් ගුණතිලක 3/22

තරගයේ විසඳුමක් නෑ.

Police SC සහ SSC අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • Police SC – සියලුම දෙනා දැවී 205 (49.0)තිලකරත්න සම්පත් 42, ධනුජ ඉඳුවර 48, භානුක රාජපක්ෂ 38, නිපුන් ප්‍රේමරත්න 24, ප්‍රමෝද් මදුශාන් 2/14, කවිඳු නදීශාන් 2/48, නිපුන් ධනංජය 3/23
  • SSC– සියලුම දෙනා දැවී 136 (27.3)ශෙවෝන් ඩැනියෙල් 55, අවිශ්ක ප්‍රනාන්දු 26, නිපුන් ප්‍රේමරත්න 2/41, චාරුක ප්‍රමෝද් 2/37, දමිත් කප්පාගොඩ 2/25, හේෂාන් මදුශංක 3/17

Police SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 5ක ජයක්.

 

Baduraliya SC සහ Colts CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – සියලුම දෙනා දැවී 132(36.2)ශලින් ද මෙල් 29, මුදිත ලක්ශාන් 23, සීක්කුගේ ප්‍රසන්න 3/37, චතුරංග ද සිල්වා 4/25, ඩිල්ශාන් ද සොයිසා 2/14
  • Baduraliya SC – සියලුම දෙනා දැවී 103 (42.3)මිලින්ද සිරිවර්ධන 22, අලංකාර අසංක 23, මුදිත ලක්ෂාන් 5/21, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 2/32, සහන් මිහිර 2/10

Colts CC කඩුලු 3 ක ජයක්.

Bloomfield C & AC සහ NCC අතර තරගය, කොළඹ Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC – සියලුම දෙනා දැවී 276 (44.4)අසිත වන්නිනායක 26, රවිඳු ප්‍රනාන්දු 140, තරින්ද නිර්මාල් 24, කවිඳු පතිරත්න 2/49, චාමික කරුණාරත්න 5/39
  • NCC– කඩුලු 6ක් දැවී 269 (38.3)කමිල් මිෂාර 25, අහන් වික්‍රමසිංහ නොදැවී 108, සහන් ආරච්චිගේ 52, චාමික කරුණාරත්න 47, දුලාජ් සමුදිත 3/41

NCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 4ක ජයක්.

Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<