Home Sinhala තෙවැනි දිනයේ දැක්වූ විශිෂ්ට දස්කම් ඵල රහිත වෙයි

තෙවැනි දිනයේ දැක්වූ විශිෂ්ට දස්කම් ඵල රහිත වෙයි

10580

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බොඳ කර දමමින් දෙරට අතර පැවති පළමු සිව්දින ටෙස්ට් තරගයේ ජය තහවුරු කර ගැනීමට අද (21) සත්කාරක දකුණු අප්‍රිකානු නැගී එන පිළ සමත් විය. ඒ ඉතාමත් උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 28ක තියුණු ජයක් වාර්තා කරමිනි. ඒ අනුව ඔවුන් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සමත් විය.

ඇඹුල්දෙණියගේ පන්දුකරණය ශ්‍රී ලංකා පිළේ දෛවය කණපිට හරවන ලකුණු!

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට දරුණු පරාජයක් උරුම කර දෙමින් අවසන් වන්නට තිබූ පළමු සිව්දින ටෙස්ට් තරගය……….

අද සිව්වැනි සහ අවසන් දිනයට මෙම තරගය ආරම්භ වූයේ දෙපිළටම ජයග්‍රහණය වෙනුවෙන් සම අවස්ථාවක් සහිත වටපිටාවකයි. සංඛ්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 186ක් ද, දකුණු අප්‍රිකානුවන්ට කඩුලු 9ක් ද ඒ සඳහා අවශ්‍ය විය. නමුත් තරගය ආරම්භයේ සිට දින දෙකක් අවසන් වන තුරුම මෙහි සම්පූර්ණ අණසක පතුරුවා සිටියේ සත්කාරක දකුණු අප්‍රිකාවයි. එවන් තරගයක් මේ අයුරින් විවෘත වීමට මූලික හේතුව ලෙස ඊයේ ලසිත් ඇඹුල්දෙණිය ප්‍රමුඛ පන්දු යවන්නන් පෙන්වූ දක්ෂතාත්, මිනෝද් භානුක ඇතුළු පිතිකරුවන්ගෙන් ප්‍රකට වූ සටන්කාමීත්වයත් හේතු විය.

ඒ අනුව දෙපිළේම ක්‍රීඩකයින් ජයග්‍රහණයක් පිළිබඳ සුබ සිහින දකිමින් අද ක්‍රීඩා පිටියට පිවිසි අතර ඒ වන විට ලකුණු 331ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා පිළ එක් කඩුල්ලක් දැවී ලකුණු 145ක් ලබා සිටියහ. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි මිනෝද් භානුක ලකුණු 80ක් ද, පැතුම් නිස්සංක ලකුණු 25ක් ද ලබා සිටියේ පන්දු යවන්නන්ගේ මහන්සියට සාධාරණයක් ඉටු කිරීමේ අභිප්‍රායෙනි. කෙසේ වෙතත් අද වැඩි වේලාවක් මොවුන් දෙදෙනාට සබඳතා ගොඩ නගන්නට නොලැබුණු අතර ලකුණු 89ක් ලබා සිටි මිනෝද් භානුක අද දිනයේ මුල්ම කඩුල්ල බවට පත්විය. ශතකය ආසන්නයේ අවාසනාවන්ත වූ ඔහුගේ අගනා ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් විය.

රබාඩාලගේ හිසට ඉහළින් හයේ පහර ගැසූ මොරටු පුත්‍රයා

පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගයක් වෙනුවෙන් තරග වදිනවා මා දකින්නේ 1998 වසරේ දී ය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු තවදුරටත් බොඳ කිරීමට හේතු වූයේ නායක චරිත් අසලංක සහ අශේන් බණ්ඩාර වැඩිකල් නොයවාම තනි ඉලක්කමේ ලකුණුවලට දැවී යාමයි. මැදපෙළේ මෙම ක්ෂණික කඩා වැටීම නිසා සෙසු පිතිකරුවන්ට ද එල්ල වූ පීඩනය සුළුපටු නොවීය. ශ්‍රී ලංකා පිළේ තවත් එක් සුවිශේෂී බලාපොරොත්තුවක් වූ පැතුම් නිස්සංක අද පන්දු 117ක දී ලකුණු 47ක් රැස්කර සිටිය දී දැවී ගියේ දකුණු අප්‍රිකානුවන්ට ජය මාවත පැහැදිලි කර දෙමිනි.

කෙසේ වෙතත් ජාතික වර්ණ දරා ඇති කමිඳු මෙන්ඩිස් වැනි තුරුම්පුවක් පිතිකරණ ලැයිස්තුවේ මුල් ස්ථාන 5 තුල ක්‍රීඩා නොකරවීම අනවශ්‍ය ලෙස තරගයේ පාලනය දකුණු අප්‍රිකානුවන් වෙත නතු කිරීමට හේතු වූ බව ද පැහැදිලි කරුණකි. 

කමිඳු මෙන්ඩිස් අද හතරේ පහර 2ක් සමඟින් රැස්කළේ ලකුණු 17ක් පමණි. කෙසේ නමුත් පසුපෙළ පිතිකරුවන් ද ක්‍රමයෙන් තමන් කෙරෙන් ගිලිහෙමින් තිබූ තරගය ජය ගැනීමට ප්‍රශංසනීය උත්සාහයක් ගත් නිසා ශ්‍රී ලංකාව අද පරාජයට පත්වූයේ ලකුණු 28ක සුළු පරතරයකිනි. 

ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියට ආයුබෝවන් කියන සුපිරි තරු

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය (14) එංගලන්තයේ ලෝර්ඩ්ස් පිටියේ දී නිමා වූයේ………….

එහි දී කැපී පෙනුණේ නිශාන් පීරිස් පන්දු 57කට මුහුණ දෙමින් රැස් කර ගත් ලකුණු 25 සහ මොහොමඩ් ශිරාස් පන්දු 96කට මුහුණ දෙමින් ලබා ගත් ලකුණු 49යි. මොවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවයක් ද ගොඩ නැගූහ. එම උත්සාහය ජයග්‍රහණයක් බවට පරිවර්තනය වූවා නම් අද මෙම තරගය ශ්‍රී ලංකාවට අමතක නොවෙන මතකයක් වන්නට ඉඩකඩ තිබුණි. 

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානුවන්ට තියුණු ජයක් ලබා දෙමින් අවසන් කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය දැවී යනවිට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව සටහන් වී තිබුණේ 302ක් ලෙසයි.

ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල කළ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ වමත් වේගපන්දු යවන ක්‍රීඩක නන්ද්‍රේ බර්ගර් සහ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ට්ලඩි බොකාකෝ කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. මාර්කෝ ජැන්සන් කඩුලු 2යි. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ මුල් ඉනිමේ විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් ආරම්භක වාසිය දකුණු අප්‍රිකානු පිළට හිමිකර දුන් මැතිව් බ්‍රීස්කිටයි. 

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වෙනස් වෙයි!

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ නායක මෂ්රෆි………..

ඒ අනුව ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර පැවති පළමු සිව්දින ටෙස්ට් තරගය උණුසුම් ලෙස නිමා වූ අතර සංචාරය නිමා කරමින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 25 වැනිදා ප්‍රිටෝරියා හිදී ආරම්භ වීමට නියමිතව ඇත. එම සියලු තරග තොරතුරු ThePapare.com වෙතින් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka Emerging Team
241/10 (60.5) & 302/10 (94.1)

South Africa Emerging Team
382/10 (99.2) & 189/10 (39.4)

Batsmen R B 4s 6s SR
Janneman Malan b Mohamed Shiraz 75 93 12 1 80.65
Matthew Breetzke c Minod Bhanuka b Chamika Karunarathne 114 187 10 0 60.96
Raynard van Tonder c Kamindu Mendis b Asitha Fernando 69 117 6 0 58.97
Jason Smith c Mohamed Shiraz b Lasith Embuldeniya 1 12 0 0 8.33
Sibonelo Makhanya c Minod Bhanuka b Nishan Peiris 22 42 2 0 52.38
Sinethemba Qeshile b Lasith Embuldeniya 20 34 3 0 58.82
Dayyaan Galiem lbw b Mohamed Shiraz 28 43 4 0 65.12
Kyle Simmonds lbw b Nishan Peiris 4 17 0 0 23.53
M Jansen c Charith Asalanka b Lasith Embuldeniya 3 8 0 0 37.50
Nandre Burger c Pathum Nissanka b Asitha Fernando 9 42 1 0 21.43
Tladi Bokako not out 14 6 2 1 233.33


Extras 23 (b 10 , lb 8 , nb 5, w 0, pen 0)
Total 382/10 (99.2 Overs, RR: 3.85)
Fall of Wickets 1-145 (33.1) Janneman Malan, 2-259 (61.6) Matthew Breetzke, 3-266 (64.5) Jason Smith, 4-288 (69.6) Raynard van Tonder, 5-318 (78.2) Sibonelo Makhanya, 6-328 (81.1) Sinethemba Qeshile, 7-339 (86.2) Kyle Simmonds, 8-348 (89.3) M Jansen, 9-368 (96.6) Dayyaan Galiem, 10-382 (99.2) Nandre Burger,

Bowling O M R W Econ
Asitha Fernando 18.2 3 63 2 3.46
Mohamed Shiraz 15 4 63 2 4.20
Lasith Embuldeniya 31 2 120 3 3.87
Chamika Karunarathne 11 1 40 1 3.64
Nishan Peiris 24 1 82 2 3.42
Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Raynard van Tonder b Kyle Simmonds 0 1 0 0 0.00
Hasitha Boyagoda lbw b Kyle Simmonds 40 52 7 0 76.92
Pathum Nissanka lbw b Tladi Bokako 7 5 1 0 140.00
Charith Asalanka b Kyle Simmonds 56 84 6 2 66.67
Ashen Bandara c Nandre Burger b Kyle Simmonds 10 14 1 0 71.43
Kamindu Mendis lbw b M Jansen 33 54 5 0 61.11
Chamika Karunarathne b Nandre Burger 27 49 5 0 55.10
Nishan Peiris not out 52 56 8 2 92.86
Lasith Embuldeniya lbw b M Jansen 0 2 0 0 0.00
Asitha Fernando b Nandre Burger 0 11 0 0 0.00
Mohamed Shiraz c & b Nandre Burger 12 37 2 0 32.43


Extras 4 (b 1 , lb 3 , nb 0, w 0, pen 0)
Total 241/10 (60.5 Overs, RR: 3.96)
Fall of Wickets 1-0 (0.1) Minod Bhanuka, 2-7 (1.2) Pathum Nissanka, 3-89 (16.5) Hasitha Boyagoda, 4-111 (24.1) Ashen Bandara, 5-116 (28.3) Charith Asalanka, 6-176 (42.6) Chamika Karunarathne, 7-176 (43.1) Kamindu Mendis, 8-176 (43.3) Lasith Embuldeniya, 9-185 (46.6) Asitha Fernando, 10-241 (60.5) Mohamed Shiraz,

Bowling O M R W Econ
Kyle Simmonds 19 4 88 4 4.63
Tladi Bokako 5 0 24 1 4.80
Nandre Burger 13.5 3 58 3 4.30
M Jansen 14 8 32 2 2.29
Dayyaan Galiem 8 1 28 0 3.50
Matthew Breetzke 1 0 7 0 7.00
Batsmen R B 4s 6s SR
Janneman Malan c Nishan Peiris b Asitha Fernando 1 2 0 0 50.00
Matthew Breetzke lbw b Lasith Embuldeniya 14 35 1 0 40.00
Jason Smith b Lasith Embuldeniya 2 11 0 0 18.18
Sibonelo Makhanya c Minod Bhanuka b Lasith Embuldeniya 5 4 1 0 125.00
Sinethemba Qeshile lbw b Chamika Karunarathne 31 38 7 0 81.58
Raynard van Tonder lbw b Nishan Peiris 17 48 1 0 35.42
Dayyaan Galiem lbw b Lasith Embuldeniya 0 3 0 0 0.00
Kyle Simmonds c Minod Bhanuka b Asitha Fernando 50 44 5 2 113.64
M Jansen b Lasith Embuldeniya 49 44 7 2 111.36
Nandre Burger c Hasitha Boyagoda b Asitha Fernando 16 12 2 0 133.33
Tladi Bokako not out 0 0 0 0 0.00


Extras 4 (b 0 , lb 1 , nb 3, w 0, pen 0)
Total 189/10 (39.4 Overs, RR: 4.76)
Fall of Wickets 1-2 (0.5) Janneman Malan, 2-14 (5.1) Jason Smith, 3-20 (5.6) Sibonelo Makhanya, 4-29 (9.6) Matthew Breetzke, 5-62 (18.4) Sinethemba Qeshile, 6-63 (19.4) Dayyaan Galiem, 7-86 (25.2) Raynard van Tonder, 8-151 (34.6) Kyle Simmonds, 9-183 (38.6) Nandre Burger, 10-189 (39.4) M Jansen,

Bowling O M R W Econ
Asitha Fernando 9 0 47 3 5.22
Lasith Embuldeniya 15.4 2 74 5 4.81
Chamika Karunarathne 6 2 16 1 2.67
Mohamed Shiraz 3 0 12 0 4.00
Nishan Peiris 6 0 39 1 6.50


Batsmen R B 4s 6s SR
Hasitha Boyagoda c Sibonelo Makhanya b Kyle Simmonds 33 49 7 0 67.35
Minod Bhanuka c Sinethemba Qeshile b Tladi Bokako 89 134 12 0 66.42
Pathum Nissanka c Sinethemba Qeshile b Dayyaan Galiem 47 117 3 1 40.17
Charith Asalanka b M Jansen 9 17 0 0 52.94
Ashen Bandara c Sinethemba Qeshile b Tladi Bokako 1 6 0 0 16.67
Kamindu Mendis lbw b Nandre Burger 17 31 2 0 54.84
Chamika Karunarathne lbw b Nandre Burger 10 22 1 0 45.45
Nishan Peiris b Nandre Burger 25 57 2 0 43.86
Mohamed Shiraz c Sinethemba Qeshile b M Jansen 49 96 7 0 51.04
Lasith Embuldeniya c Sinethemba Qeshile b Tladi Bokako 7 35 1 0 20.00
Asitha Fernando not out 0 4 0 0 0.00


Extras 15 (b 8 , lb 4 , nb 3, w 0, pen 0)
Total 302/10 (94.1 Overs, RR: 3.21)
Fall of Wickets 1-74 (15.6) Hasitha Boyagoda, 2-159 (42.3) Minod Bhanuka, 3-170 (47.1) Charith Asalanka, 4-173 (48.6) Ashen Bandara, 5-201 (57.2) Pathum Nissanka, 6-207 (60.6) Kamindu Mendis, 7-214 (62.5) Chamika Karunarathne, 8-272 (80.6) Nishan Peiris, 9-302 (93.2) Mohamed Shiraz, 10-302 (94.1) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Nandre Burger 16 7 38 3 2.38
Tladi Bokako 21.1 4 70 3 3.32
Dayyaan Galiem 15 2 37 1 2.47
M Jansen 17 2 58 2 3.41
Kyle Simmonds 22 0 74 1 3.36
Sibonelo Makhanya 3 0 13 0 4.33