The Hundred තරගාවලියේ ඉදිරිය අවිනිශ්චිතයි

60
The Hundred's future on the line as English cricket chiefs meet sinhala
The Hundred

විවාදාත්මක මංගල The Hundred තරගාවලිය පැවැත්වීම පිළිබඳ විවාදාත්මක තත්වයක් හටගෙන තිබෙනවා. මේ දිනවල පවතින කොරෝනා වෛරස තත්වය හමුවේ තරගාවලියේ ආරම්භය පිළිබඳව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයන් පසුගියදා වැදගත් සාකච්ඡාවක් පැවැත්වූවා. 

T20 ලෝක කුසලානය ගැන හෑන්ඩ්ස්කොම්බ්ට සුබවාදී බලාපොරොත්තුවක්

කොරෝනා වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට කළ බලපෑම සුළුපටු නැත. ලොව පුරා සියලු ක්‍රීඩා තරග හා …

පළමු වරට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුනු The Hundred තරගාවලිය එක් ඉනිමකට පන්දු 100 බැගින් වූ තරගාවලියක්. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කවුන්ටි 18ක් තිබුනත් මේ තරගාවලියට ක්‍රීඩා කරන්නට නියමිතව තිබුනේ කණ්ඩායම් අටක් පමණයි. තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

මේ නිසා එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවට නව ප්‍රේක්ෂකයින් රැසක් ආකර්ෂණය කරන්නට හැකි වේ යැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරනවා. නමුත් පවතින නව කොරෝනා වෛරස අර්බුදය නිසා එංගලන්තයේ නව තරගවාරය ආරම්භ වීම මැයි මස 28 වනදා දක්වා කල් ගොස් ඇති නමුත් තත්වය යහපත් නොවීම හේතුවෙන් නව තරගවාරය ආරම්භය තවත් කල් යනු ඇති බවයි වාර්තා වන්නේ. එලෙස නව තරගවාරය තවත් කල් ගියහොත් The Hundred තරගාවලිය 2021 වසර දක්වා කල් යනු ඇත. 

බ්‍රිතාන්‍යයේ දැනට පවතින කොරෝනා පාලන නීති ජූලි මාසයට පෙර ලිහිල් වුනත් මිනිසුන් එක් තැනක රැස්වීම, ක්‍රීඩා තරග තහනම් වීම දිගටම පවතින්නට ඉඩක් පවතිනවා. මෙලෙස ප්‍රේක්ෂකයින්ට මෙම තරගාවලියේ තරග නැරඹීම තහනම් වුවහොත් The Hundred තරගාවලිය පැවැත්වීමේ අරමුණ සාර්ථක නොවනු ඇති නිසා තරගාවලිය කල් දැමෙනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

මෙම ආපදා තත්වයට පෙරම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අනුමාන කළේ පළමු තරගවාර පහ තුළ The Hundred තරගාවලිය ලාභයක් උපයන්නට අසමත් වනු ඇති බවයි. තරගාවලියේ පළමු තරගාවය සඳහා ඩොලර් මිලියන 72ක වියදමක් වැය වේ යැයි අනුමාන කරන අතර ආදායම ඩොලර් මිලියන 63ක් පමණ වේ යයි ඔවුන් අනුමාන කරනවා. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සිය දේශීය තරග පිටියට යුරෝ මිලියන 61ක ප්‍රදානයක් කර තිබෙන්නේ කොරෝනා ව්‍යාප්තිය නිසා ඇද වැටුනු ක්‍රීඩා සමාජ යළි නගා සිටුවීමේ අරමුණින්. කෙසේ වෙතත් The Hundred තරගාවලිය නොපැවැත්වීම නිසා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට මිලියන ගණනක් ලාභ වනු ඇතැයි ද පැවසෙනවා. 

එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජුනි 04 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

පාකිස්තාන ඉදිරි තරග සංචාරයකටත් කොරෝනා හරස් වෙයි

එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නෙදර්ලන්ත තරග …

කෙසේ වෙතත් මෙම තරගාවලිය ජුනි 04 වනදාට ආරම්භ කිරීමට නොහැකි වන බව පෙනී යන අතර එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සති අන්තයේ දී ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් එංගලන්තයට පාකිස්තානය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් හා අයර්ලන්තය සමඟ සීමිත පන්දුවාර තරගාවලි දෙකක් ද පැවැත්වීමට නියමිතයි. 

එංගලන්ත දේශීය ක්‍රිකට් පිටිය ද තරමක ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අතර පසුගියදා මිඩ්ල්සෙක්ස් කවුන්ටි ක්‍රීඩා සමාජය ප්‍රකාශ කර සිටියේ ඔවුන් සිය ක්‍රීඩකයින්ගේ වැටුප් කපන බවයි. ඒ බ්‍රිතාන්‍ය රජයේ රැකියා සුරැකීමේ කොරෝනා වෛරස සහන පැකේජය ලබා ගැනීමේ අරමුණින්. 

මීට අමතරව යුරෝ 27,000ට වඩා වැටුප් ලබන එම ක්‍රීඩා සමාජයේ සේවකයින් 17%ක වැටුප් කප්පාදුවක් සඳහා කැමැත්ත පළකර තිබෙන අතර ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය 20%ක වැටුප් කප්පාදුවකට ද කැමැත්ත පළකර තිබෙනවා.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<