06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 06 වැනි දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විසින් සමස්ත ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම් ද්විත්වයක් සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් සමඟ සමස්ත පදක්කම් 05ක් ජය ගැනීමට සමත් වී තිබෙනවා.
මෙහි පස්වැනි පදක්කම අද (27) උදෑසන ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම විසින් හිමි කර ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වෙරළ කබඩි කණ්ඩායම් ඊයේ (26) දිනයේ දී සිය තරග ඉසව්වල අවසන් පූර්ව තරගවලට සහභාගී වුනා.
එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නේපාලයට එරෙහිව ලකුණු 46-23ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ අතර, අවසන් තරගයේ දී ඔවුන්ට ඉන්දීය කණ්ඩායම මුණ ගැහුනා.
එම තරගයේ දී 31-47ක් ලෙස තරගයෙන් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, ඒ අනුවයි ඔවුන්ට රිදී පදක්කමින් සෑහීමකට සිදු වුනේ.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර පිරිමි කබඩි කණ්ඩායම ඊයේ ඉරානය හමුවේ 42-29ක් ලෙස පරාජයට පත් වෙමින් අවසන් පූර්ව වටයෙන් සිය ගමන නතර කළා.
මේ අතර ශ්‍රී ලංකා පිරිමි මීටර් 60 සහය දිවීමේ කණ්ඩායම විසින් තවත් ලෝකඩ පදක්කමක් ජය ගැනීමට සමත් වුනා. මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලිත් තරුශාන්, සඳුන් දියලවත්ත, මනුජ ප්‍රභාශ් සහ මලිත් තමෙල් යන ක්‍රීඩකයින් තරගයට සහභාගී වුනා. ඔවුන් විසින් තත්පර 27.57ක තරග නිමි කාලයක් වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර මීටර් 60 කාන්ත සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිව්වැනි ස්ථානයට පත් වුනා.
මීට අමතරව කාන්තා උස පැනීම ඉසව්වට සහභාගී වූ සමාධි වීරසිංහ හය වැනි ස්ථානයත් රනින්දි පැහැසරා පස් වැනි ස්ථානයත් හිමි කර ගනිද්දී, පිරිමි යගුලිය විසි කිරීම ඉසව්වට සහභාගී වූ මිතුන්රාජ් සුසීන්තිරාකුමාර් 07 වැනි ස්ථානයට සහ බෝදිත දෙල්විට 09 වැනි ස්ථානයට පත් වුනා.
පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ මලිත් තමෙල් 06 වැනි ස්ථානයට පැමිණෙද්දී, කාන්තා මීටර් 60 ඉසව්ව නියෝජනය කළ තිලක්ෂි අනුරුද්දිකා 07 වැනි ස්ථානයට පත් වුනා.
මේ අතර කාන්තා යගුලිය විසි කිරීම ඉසව්ව නියෝජනය කළ කාව්‍යා ජයසූරිය 07 වැනි ස්ථානය සහ ඔවිනි චන්ද්‍රසේකර 05 වැනි ස්ථානය ලබාගත්තා.
මේ අතර ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් හිමි කර දීමට ජයත්‍ර සම්පත් විසින් සමත් වුනේ පිරිමි දුර පැනීම ඉසව්ව නියෝජනය කරමිනුයි. එම ඉසව්වම නියෝජනය කළ ඉනුර පියසිරි 07 වැනි ස්ථානයට පත් වීමත් විශේෂත්වයක්.
මෙම සියලු දක්ෂතා සමඟ ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පදක්කම් සටහනේ රටවල් 45ක් අතුරින් එකොළොස් වැනි ස්ථානයට පත් වීමට සමත් වී තිබීමත් විශේෂත්වයක්.
අද දිනයේ මෙන්ම ඉදිරි දිනවල දී ද තවත් ක්‍රීඩා ඉසව් කිහිපයකින්ම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සූදානමින් පසු වනවා. එම තරග විස්තර ද සමඟින් 2026 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
Cover Image Credit – National Olympic Committee Of Sri Lanka Official Facebook Page
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















