මහා රෑ කරක් ගැසූ ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන විශේෂ විනය පරීක්ෂණයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

131

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පෙනී සිටින වීඩියෝවක්, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් වේගයෙන් හුවමාරු වෙමින් තිබෙන අතර අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වන පරිදි විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුල (bio-bubble) උල්ලංඝනය කරමින් Durham හි මාර්ගයක අදාළ ක්‍රීඩකයින් තිදෙනා රැඳී සිටින ආකාරය මෙම වීඩියෝ දර්ශනයට ඇතුළත් වෙනවා. 

ඒ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ ද අවධානය යොමුව ඇති අතර, කණ්ඩායම් කළමණාකරුගෙන් ඒ පිළිබඳ වාර්තාවක් ද කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ThePapare.com වෙත තහවුරු කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව මේ සිද්ධිය හා සම්බන්ධ ක්‍රීඩකයින් තිදෙනා සංචිතයෙන් ඉවත් කිරීමට ද ඉඩ ඇති බව වාර්තා වෙනවා.

COVID-19 වසංගතය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් තරගාවලි තුළ දී ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැඳී සිටීම අනිවාර්යය කරුණක් වන අතර එවැනි වාතාවරණයක් තිබිය දී මෙය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති අතර, එසේ සිදු කිරීම තරගාවලියේ පැවැත්ම සඳහා දැඩි බලපෑමක් එල්ල කරනුයේ COVID-19 වයිරසය කණ්ඩායම් තුළට ඇතුළු වීමේ අවදානමක් තිබෙන නිසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<