තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට

25

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන හේමන්ත දේවප්‍රිය සහ රංජිත් මදුරසිංහ යන මහත්වරුන් දෙදෙනා ශ්‍රී ලංකා  ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ද ඇතුලත්ව එහි සිටින සාමාජිකයින් ගණන 8 දක්වා ඉහළ යනවා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මේ කමිටුවේ කමිටු සාමාජිකයින් ලෙස රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, උවයිසුල් කරනන් සහ තිලකා ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වුනු අතර ඒ සාමාජිකයින් 6 දෙනාට අමතරවයි හේමන්ත දේවප්‍රිය සහ රංජිත් මදුරසිංහ යන මහත්වරුන් දෙදෙනා ද මේ කමිටුව සඳහා අලුතින් පත් කර තිබෙන්නේ.

තවත් පුවත්:

හේමන්ත දේවප්‍රිය සහ රංජිත් මදුරසිංහ යන මහත්වරුන් දෙදෙනා මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කර තිබෙනවා.

මේ සාමාජිකයින් 8 දෙනා අතරින්  ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (සභාපති), රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, හේමන්ත දේවප්‍රිය සහ රංජිත් මදුරසිංහ යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු කරනු ලබනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<