කෞෂාල් සිල්වාගෙන් කලකට පසු නොදැවුණු යෝධ ඉනිමක්!

1148

දේශීය ක්‍රිකට් පිටියට ශතක වැස්සක් ඇද වැටුණු අද (23) දිනයේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත් වන්නට දකුණත් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සමත් විය.

ඒ දිමුත් කරුණාරත්න සමඟ එක්වී SSC පළමු කඩුල්ල වෙනුවෙන් අති දැවැන්ත සබඳතාවයක් ගොඩ නංවමිනි. මීට අමතරව සචිත්‍ර සේනානායක ඉනිමක කඩුලු 7ක් බිඳ දමමින් නැවතත් තම රිද්මය සොයා ගත්තේය.

දේශාන්ගෙන් 105ක්; ජනිත් ලියනගේත් ශතකයක් අභිය‍ස!

දේශීය ක්‍රිකට් තරගාවලි අතුරින් ප්‍රමුඛ තැනක් ගන්නා අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 5ක් අද (22) ආරම්භ විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

ජය පැරදුමකින් තොරව නිමා වීමට බොහෝ ඉඩකඩ සහිත මෙම තරගයේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය රැස්කළ ලකුණු 263ට පිළිතුරු වශයෙන් SSC කණ්ඩායමෙන් හිමි වූයේ දැවැන්ත ප්‍රතිචාරයකි.

ඔවුන් අද දිනය නිමා වන විට පන්දුවාර 85කට මුහුණ දී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 388කි. ඒ වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ලකුණු 305ක අති දැවැන්ත සබඳතාවයක් පිහිටුවමින් පදනම දැමූහ. පසුගිය කාලය පුරාවට ලකුණු ඉඩෝරයකට මුහුණ පා සිටි කෞෂාල් සිල්වා අද නොදැවී ලකුණු 175ක් රැස් කරද්දී දිමුත් කරුණාරත්න විශිෂ්ට ලකුණු 143ක් රැස්කර ගත්තේය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 83.4): ලහිරු ජයකොඩි 86, ලහිරු සමරකෝන් 34, නිපුන් හග්ගල්ල 25, අදීශ නානායක්කාර 23, සචිත්‍ර සේනානායක 7/82, කසුන් මධුශංක 2/43.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 388 (පන්දුවාර 85): දිමුත් කරුණාරත්න 143, කෞෂාල් සිල්වා 175*, ශම්මු අශාන් 46*, නිපුන් කරුණානායක 2/59.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ CCC පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ මේ වන විට කැපී පෙනෙන වාසියක් හිමි කරගෙන සිටින්නේ කොළඹ ක්‍රිකට් සමාජයයි. ඒ අනුව පූර්ණ තරග පරාජයක් අභිමුව සිටින කෝල්ට්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිමේ දී CCC කණ්ඩායමට වඩා ලකුණු 200ක් පිටුපසින් සිටින්නේ තවත් කඩුලු 3ක් පමණක් අතැතිවයි.

මුල් ඉනිම වෙනුවෙන් කෝල්ට්ස් පිළ රැස්කළ ලකුණු 89ට පිළිතුරු වශයෙන් අද CCC පිළ ලකුණු 385ක් රැස්කළ අතර වනිඳු හසරංග සහ මාධව වර්ණපුර සුපිරි ශතක දෙකක් රැස්කර ගත්හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 31.5): ප්‍රියමාල් පෙරේරා 26, කවිශ්ක අන්ජුල 24, මනෙල්කර් ද සිල්වා 3/13, ලහිරු ගමගේ 3/29, අශාන් ප්‍රියන්ජන් 2/01, ලක්ෂාන් සඳකැන් 2/05.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 385 (පන්දුවාර 96.4): වනිඳු හසරංග 120, මාධව වර්ණපුර 111*, ලහිරු මධුශංක 31, මනෙල්කර් ද සිල්වා 30, රොන් චන්ද්‍රගුප්ත 29, කුසල් මෙන්ඩිස් 25, කවිශ්ක අන්ජුල 5/60.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 96 (පන්දුවාර 42): පසිඳු ලක්ශංක 45, සංගීත් කුරේ 34, වනිඳු හසරංග 4/21.

හතුරු කලින්ම වැඩ අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ එක්දින ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් මූලික පුහුණු සංචිතයක් නම් කර ඇත.

NCC කණ්ඩායම සහ BRC කණ්ඩායම අතර තරගය

ඊයේ දිනයේ දේශාන් ඩයස් ලබාගත් ශතකය නිසාවෙන් ලකුණු 244ක් දක්වා ඇදී ගිය BRC ඉනිම සාර්ථකව හඹායෑමට අද NCC කණ්ඩායමට හැකි විය. ඒ තම නිසඟ දක්ෂතා හේතුවෙන් විටින් විට ජාතික කණ්ඩායමට පවා ඇතුළත් වන ඇන්ජෙලෝ පෙරේරා රැස්කළ ශතකයේ ආධාරයෙනි.

මේ වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 126ක් ලබා සිටින BRC කණ්ඩායම NCC ප්‍රථම ඉනිමට වඩා ලකුණු 48ක් ඉදිරියෙන් පසුවෙයි. තරගය පැවැත්වෙන්නේ කොළඹ NCC පිටියේදීයි.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 244 (පන්දුවාර 77.4): දේශාන් ඩයස් 105, රුමේෂ් බුද්ධික 38, සුරාජ් රන්දිව් 24, සනිත ද මෙල් 22, ලසිත් ඇඹුල්දෙණිය 6/59, ලහිරු කුමාර 2/34, තරිඳු කෞෂාල් 2/64.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 322 (පන්දුවාර 64.1): ඇන්ජෙලෝ පෙරේරා 104, ලහිරු උදාර 49, තරිඳු කෞෂාල් 44, සුරාජ් රන්දිව් 3/83, හිමේෂ් රාමනායක 2/33.

BRC (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 126 (පන්දුවාර 35): ලිසුල ලක්ෂාන් 59*, රුමේෂ් බුද්ධික 47*, ලහිරු කුමාර 2/20.

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

බොහෝ දුරට ජය පරාජයකින් තොරව නිමාවීමට ඉඩ ඇති මෙම තරගයේ සිදු වූ සුවිශේෂීම සිදුවීම වන්නේ ඉතාමත් සංයමයෙන් තම ඉනිම ගොඩ නැංවූ සිතාර ගිම්හාන්ට තම ශතකය අහිමි වීමයි. ඒ ලකුණු 4ක් තරම් සුළු පරතරයකිනි.

මුලින් පන්දුවට පහර දුන් යුධ හමුදා පිළ ලබාගත් ලකුණු 331ට පිළිතුරු ලෙස මේ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 208ක් ලබා සිටින ටැමිල් යූනියන් පිතිකරුවන් ලකුණු 123ක් පිටුපසින් පසුවෙයි. තරගය පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වේ.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 331 (පන්දුවාර 111.2): ලක්ෂිත මධුෂාන් 87, කසුන් ද සිල්වා 72, ජනිත් සිල්වා 54, දමිත සිල්වා 5/82, ජීවන් මෙන්ඩිස් 3/60.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 208 (පන්දුවාර 70): සිතාර ගිම්හාන් 96, කිත්රුවන් විතානගේ 46, ලක්ෂාන් මධුශංක 2/57.

පූර්ණ ජයක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ වලින් සතිය නිමා වෙයි

කඩුලු 7ක් සමඟින් ලංකන් ක්‍රිකට් සමාජය තරගය ජයග්‍රහණය කරන විට තවත් කණ්ඩායම් 3කට පළමු ඉනිමේ ජයග්‍රහණ උරුමකර දෙමින්, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කොටසේ තරග…

රාගම ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ජනිත් ලියනගේ ලබාගත් ලකුණු 130න් සුපෝෂණය වූ රාගම ඉනිම ලකුණු 266ක් දක්වා ඉහළ නැගෙද්දී සැරසන්ස් ප්‍රථම ඉනිම අද නිමාව දුටුවේ ලකුණු 221කටයි.  

ඒ වෙනුවෙන් සහන් නානායක්කාර කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් කඩුලු 5ක් දවා ගනිමින් විශාල කාර්‍යභාරයක් ඉටු කළේය. අමිල අපොන්සු කඩුලු 3යි. මේ වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාරයකට මුහුණ දී සිටින රාගම ක්‍රිකට් සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබා සිටියි. ඒ සැරසන්ස් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 49ක ඉදිරියක් ලබා ගනිමිනි.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 266 (පන්දුවාර 77.4): ජනිත් ලියනගේ 130, ලහිරු තිරිමාන්න 80, මොහොමඩ් ඩිල්ශාඩ් 5/75, සාලිය සමන් 2/56.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 63.4): හර්ෂ කුරේ 52, ප්‍රමෝද් මධුවන්ත 44, ඇන්ඩි සොලමන්ස් 36, සහන් නානායක්කාර 5/51, අමිල අපොන්සු 3/51.

රාගම ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 4 (පන්දුවාර 1)

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න