පූර්ණ ජයක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ වලින් සතිය නිමා වෙයි

388

කඩුලු 7ක් සමඟින් ලංකන් ක්‍රිකට් සමාජය තරගය ජයග්‍රහණය කරන විට තවත් කණ්ඩායම් 3කට පළමු ඉනිමේ ජයග්‍රහණ උරුමකර දෙමින්, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කොටසේ තරග කිහිපයක්ම අද (23) සාර්ථකව නිමාවට පත්විය.

උද්වේගකර සටනකට ඇරඹුමක්; ජයග්‍රහණය කා හට ද?

ලංකන් ක්‍රිකට් සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කරට කර සටනක් නිර්මාණය වී ඇති බව හොඳින්ම නිරූපනය වූ අද (22) දිනය තුලත්, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කොටසේ…

ලංකන් ක්‍රිකට් සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලංකන් ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයක් හිමි වූ මෙම තරගය මග්ගොන සරේ පිටියේ දී පැවැත්විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සිය දෙවන ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 320ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අතර එහි දී උදයවංශ පරාක්‍රම ලකුණු 101ක් ලබාගෙන ලංකන් ක්‍රිකට් සමාජයට ලැබීමට තිබූ ඉනිමක ජය වළක්වන්නට සමත් විය. නවීන් කවිකාර කඩුලු 3යි.

මදුරංග සොයිසා හා චානක රුවන්සිරි පිළිවෙළින් ලකුණු 69*ක් හා ලකුණු 33ක් ලබාගෙන ලංකන් ක්‍රිකට් සමාජය ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 349/10 (70): චානක රුවන්සිරි 120*, මදුරංග සොයිසා 74, ලක්ෂාන් රොද්‍රිගෝ 53, ගීත කුමාර 43, ලක්ෂාන් ප්‍රනාන්දු 3/69, බුද්ධික සඳරුවන් 3/81.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 192/10 (45.5): උදයවංශ පරාක්‍රම 45, ලක්ෂාන් ප්‍රනාන්දු 33, දිනුක මාලන් 4/54, ගීත් කුමාර 2/01, රජිව වීරසිංහ 2//12.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම F/O – 320/10 (75.1): උදයවංශ පරාක්‍රම 101, කසුන් අබේරත්න 64, ලක්ශාන් ප්‍රනාන්දු52, රාජු ගයශාන් 30, නවීන් කවිකාර 3/80

ලංකන් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 166/3 (33.5): මදුරංග සොයිසා 69*, චානක රුවන්සිරි 33*.

මීගමුව ක්‍රිකට් සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය

ගාලු ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක් ලැබුණු මෙම තරගය අද දිනයට ආරම්භ වන විට සත්කාරක ගාලු ක්‍රීඩා සමාජය සිය දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 134ක් ලබාගෙන තිබුණි.

ලකුණු 46*ක් ඒ වන විට ලබාගෙන සිටි අරුණ ධර්මසේනට අනෙක් අන්තයෙන් නිසි සහයක් නොලැබුණු නමුත් අද උදෑසනම සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට ඔහුට හැකි විය. ඔහු රැස්කර දුන් ලකුණු සංඛ්‍යාව කෙසේ හෝ ගාලු ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හැකි වන ලෙස ලකුණු 177ක් දක්වා කණ්ඩායමේ ලකුණු පුවරුව ගොඩනැංවීමට දායක විය.

ලකුණු 18ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ මීගමුව ක්‍රිකට් සමාජය වෙනුවෙන් රවීන්ද්‍ර කරුණාරත්න ශතකයක් ලබා ගන්නා විට අකීල් ඉන්හාම් අර්ධ ශතකයක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී උමේග චතුරංග කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.

හතුරු කලින්ම වැඩ අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ එක්දින ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් මූලික පුහුණු සංචිතයක් නම් කර ඇත.

ඔවුන්ගේ ඉනිම අත්හිටවූ පසු සිය ඉනිම දියත් කළ මීගමුව ක්‍රිකට් සමාජය වෙනුවෙන් හසන්ත ප්‍රනාන්දු ලකුණු 50*යි. අවසානයේ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එහි පළමු ඉනිමේ ජය ගාලු ක්‍රීඩා සමාජය හට හිමි විය.

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 159/10 (62.3): ශ්‍රියාන් අනුරුද්ධික 38, අකීල්  ඉන්හාම් 31, ගොහාර් සායිස් 6/66, ගයාන් සිරිසෝම 4/26

ගාලු ක්‍රීඩා සමාජය පළමු ඉනිම  – 177/10 (85.4): අරුණ ධර්මසේන 71*, දමිත් හුණුකුඹුර 51, උමේග චතුරංග 6/56.

මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 234/3 d (59.2): රවීන්ද්‍ර කරුණාරත්න 101*, අකීල් ඉන්හාම් 57*, ප්‍රසන්න ජයමාන්න 40.

ගාලු ක්‍රීඩා සමාජය දෙවන ඉනිම  -68/0 (16): හසන්ත ප්‍රනාන්දු 50*.


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය

පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ මෙම තරගය මොරටුව ද සොයිසා පිටියේ දී අද අවසන් දිනට ක්‍රියාත්මක විය.

අද උදෑසන වන විට පොලිස් ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම අවසන් කර ගත් නමුත් ඔවුන් එම ඉනිම නිමා කළේ පළමු ඉනිමේ වාසිය සිය ග්‍රහණයට ගනිමිනි. එහි දී දිනූෂ ප්‍රනාන්දු හා ගිදොර් යාදෙව් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය. අගනා පන්දු යැවීමක නිරත වූ සුදාරක දක්ෂිණ ලකුණු 92කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

තෙවන හා අවසන් දිනය අවසානයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මොහොමඩ් අල්ෆර් ලකුණු 48ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. හසිත නිර්මාල් කඩුලු 3යි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 274/10 (93.3): ඉෂාන් අබේසේකර 76, බුද්ධික හසරංග 64, උෂාන් හේමන්ත 42, කල්‍යාණ රත්නප්‍රිය 3/54, හසිත නිර්මාල් 3/90.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 331/10(103.3): දිනූෂ ප්‍රනාන්දු 71, ගිදොර් යදෙව් 52, තරිඳු ඩිල්ශාන් 42, සමන් විජේරත්න 41, සුදාරක දක්ෂිණ 6/92.

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම – 159/5 (41): මොහොමඩ් අල්ෆර් 48, අසිරි ද සිල්වා 34, හසිත නිර්මාල් 3/49.

පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර නගර ක්‍රීඩා සමාජය

ශමීර සඳමාල්ගේ පිතිකරණයෙන් හැඩගැන්වුණු මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජයට හැකි විය.

කළුතර නගර ක්‍රීඩා සමාජයේ පළමු ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක වූ සඳමාල් 4 පහර 8ක් හා 6 පහර 4ක් සහිතව සිය ඉනිම ගොඩ නැඟීය.

නිලුශාන් නොනිස් ලකුණු 57යි. පන්දු යැවීමේ දී දනුශික බණ්ඩාර කඩුලු 5ක් සිය කඩුලු ගොන්නට එක්කාසු කරගත්තේය.

ලකුණු 100ක වාසියක් සහිතව පිටියට අවතීර්ණ වූ පානදුර ක්‍රීඩා සමාජය දෙවන ඉනිමේ කඩුලු 5ක් ලකුණු 88ක් තුළ දවා ගැනීමට කළුතර නගර ක්‍රීඩා සමාජ පන්දු ‍යවන්නන් සමත් වුවත් තරගයේ වාසිය ලබා ගැනීමට ඔවුන් අපොහොසත් විය.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 380/10 (115.1):  විනෝද් පෙරේරා 138, කශිෆ් නවීඩ් 68, විශ්ව චතුරංග 30, මතීෂ පෙරේරා 3/46, නිපුන් කාරියවසම් 3/70.

කළුතර නගර ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 280/10 (84): ශමීර සදමාල් 102, නිලුශාන් නොනිස් 57, සුරෙශ් නිරෝදන 43, දනුශික බණ්ඩාර 5/117.

පානදුර ක්‍රීඩා සමාජය දෙවන ඉනිම – 88/5 (38): චාමික සසංක 21.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න