හතුරු කලින්ම වැඩ අල්ලයි 

3096

ශ්‍රී ලංකා ක්‍රිකට්  ජාතික තේරීම් කමිටුව විසින් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ එක්දින ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් මූලික පුහුණු සංචිතයක් නම් කර ඇත.

හතුරුසිංහගේ ප්‍රථම තරගාවලිය ලබන ජනවාරියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වයෙන් ශ්‍රී ලංකාව තරග කරන ප්‍රථම තරග…

තවද මෙහි නම්  ඇතුළත් ක්‍රීඩකයින් හට මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන අතර නියමිත සංචිතය තෝරාගත් පසු ඉතිරි වන අනෙකුත් ක්‍රීඩකයින් හට නැවතත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට හැකිය.

“ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා, මෙම පුහුණු සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියට ඔවුන් සහභාගී වෙන්න නෑ. අපි එය අනුගමනය කළා. “ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

“ඔවුන් දන්නවා මගේ වැඩ” – හතුරුසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්වීම් භාර ගැනීමෙන්…

මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ එළඹෙන සංචාරයට පෙර  නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට යම් කාලයක් එකට සිටීමට අවැසි නිසාවෙනි. මෙම මූලික පුහුණු සංචිතය සිය පුහුණුවීම් කටයුතු 2017 දෙසැම්බර් මස 28 වන දා සිට ආරම්භ කරන අතර පුහුණුවීම් සිදු කරන නියමිත ස්ථානය සහ කාලය  තවමත් ප්‍රකාශ කර නැත.

ක්‍රීඩකයින් 23 දෙනාගේ මූලික පුහුණු සංචිතය

  1. තිසර පෙරේරා
  2. උපුල් තරංග
  3. ධනුෂ්ක ගුණතිලක
  4. කුසල් මෙන්ඩිස්
  5. දිනේෂ් චන්දිමාල්
  6. ඇන්ජලෝ මැතිව්ස්
  7. නිරෝශන් දික්වැල්ල
  8. දසුන් ශානක
  9. සධීර සමරවික්‍රම
  10. කුසල් ජනිත් පෙරේරා
  11. අසේල ගුණරත්න
  12. චතුරංග ද සිල්වා
  13. ලහිරු ගමගේ
  14. ලහිරු කුමාර
  15. ජෙෆ්රි වැන්ඩර්සේ
  16. අමිල අපොන්සු
  17. ෂෙහාන් මදුසංක
  18. ලක්ශාන් සඳකැන්
  19. අකිල ධනංජය
  20. දුශ්මන්ත චමීර
  21. නුවන් ප්‍රදීප්
  22. සුරංග ලක්මාල්
  23. විශ්ව ප්‍රනාන්දු

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න