නීනීතීඥවරුන්ගේ ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹේ

Lawyers Cricket World Cup 2023/24

197

නීතිඥවරයන්ගේ ක්‍රිකට් ලෝක කුසලානයේ 08 වැනි අදියර අද (29) ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලින් කණ්ඩායම් ද්විත්වය බැගින් ද එංගලන්තයෙන් එක් කණ්ඩායමක් ද, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අනෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් සමන්විත එක් කණ්ඩායමක් ද මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතයි. 

Group A  Group B 
A1  බංග්ලාදේශය   B1  ශ්‍රී ලංකා B 
A2  ඉන්දියාව  B2  බංග්ලාදේශ B 
A3  පාකිස්තාන B  B3  පොදු රාජ්‍ය මණ්ඩල කණ්ඩායම 
A4  ශ්‍රී ලංකා B  B4  පාකිස්තානය 
A5  එංගලන්ත සහ වේල්ස  B5  ඉන්දියා B 

අද (දෙසැම්බර් 29) සිට ලබන වසරේ ජනවාරි මස 06 වැනි දා තෙක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ අටක දී (SSC, NCC, MCA, ගුවන් හමුදා කටුනායක, තර්ස්ටන්, FTZ කටුනායක, LRDC නාවල සහ පනාගොඩ යන ක්‍රීඩාංගණ වල දී) මෙම තරගාවලියේ තරග ක්‍රියාත්මක වනු ඇති. තරග සියල්ල ම පන්දුවාර 35 තරග ලෙසයි පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ. 

මීට පෙර 2017 වර්ෂයේ දී 6 වැනි නීතීඥවරුන්ගේ ක්‍රිකට් ලෝක කුසලානයට ද ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය ලබා දුන් අතර, මෙවර දෙවැනි වරටත් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය හිමි වී තිබෙනවා. 

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<