නිශාන්ත සහ රොෂිටා ත්‍රිත්ව ශූරතා දිනති

175

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ 30 වැනි සම්මේලන කුසලාන කැරම් තරගාවලියේ දී වැඩි ජයග්‍රහණ තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. එහි දී නාවික හමුදා ක්‍රීඩා සමාජයේ නිශාන්ත ප්‍රනාන්දු සහ ජෝසප් රොෂිටා ත්‍රිත්ව ශූරතා හිමිකර ගැනීම කැපී පෙනිණි.

නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කේවල ශූරතාවයන් දිනයි

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 18 වන සභාපති කුසලාන….

කොහුවල පිහිටි ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවති මෙවර තරගාවලියට දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350කට අධික ප්‍රමාණයක් සහභාගී විය. පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල, මිශ්‍ර යුගල සහ ප්‍රවීණ කේවල ලෙස අංශ 6ක් යටතේ තරග පැවැත්විය.

පිරිමි කේවල අංශය

කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඩ් හිල්මි විසින් තරග වට 2-0ක් ලෙස (25-10, 25-08) ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සුරාජ් මධුවන්ත පරාජය කරමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

  • ශූරතාවය – ෂහීඩ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය)
  • අනුශූරතාවය – සුරාජ් මධුවන්ත (ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • තෙවැනි ස්ථානය – නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය)

කාන්තා කේවල අංශය

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජෝසප් රොෂිටා විසින් ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ මධුවන්ති ගුණදාස තරග වට 2-1ක් ලෙස (17-25, 25-13, 25-08) පරාජය කරමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

  • ශූරතාවය – ජෝසප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරතාවය – මධුවන්ති ගුණදාස (ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • තෙවන ස්ථානය – චලනි ලියනගේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

ලොවක් මවිත කළ ශ්‍රී ලංකාවේ කැරම් ක්‍රීඩාව

5 වැනි ලෝක කුසලාන කැරම් තරගාවලිය පසුගිය 29 වැනිදා දකුණු කොරියාවේ….

 

ප්‍රවීණ කේවල අංශය

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු විසින් තරග වට 2-0ක් ලෙස (25-05, 25-19) දෙමටගොඩ යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ ඩී. ඉන්ද්‍රජිත් පරාජයට පත් කරමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

  • ශූරතාවය – නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරතාවය – ඩී. ඉන්ද්‍රජිත් (දෙමටගොඩ යුනයිටඩ් ක්‍රීඩා සමාජය)
  • තෙවන ස්ථානය – ජේ. ප්‍රසාද් (මහනුවර ක්‍රීඩා සමාජය)

පිරිමි යුගල අංශය

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු සහ චානක ජීවන් හමුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්ෂණ තරග වට 2-1ක් ලෙස (25-15, 04-25, 25-06) පරාජයට පත්විය.

  • ශූරතාවය – නිශාන්ත ප්‍රනාන්දු සහ චානක ජීවන් (ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරතාවය – උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • තෙවන ස්ථානය – ඉෂාන් කන්නන්ගර සහ ප්‍රමේද මෙන්ඩිස් (ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය)

තෙවැනි ලෝක කුසලානය දිවයිනට

ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දිනා ….

කාන්තා යුගල අංශය

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ජෝසප් රොෂිටා සහ නුගේගොඩ මහමායා විද්‍යාලයේ තරුෂි හිමහංසිකා විසින් වට 2-1ක් ලෙස (25-13, 11-16, 25-10) ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ශෂිකා සඳමාලි සහ රෙබෙකා ඩැල්රින් පරාජය කරමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

  • ශූරතාවය – ජෝසප් රොෂිටා සහ තරුෂි හිමහංසිකා (ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය/නුගේගොඩ මහමායා විද්‍යාලය)
  • අනුශූරතාවය – ශෂිකා සඳමාලි සහ රෙබෙකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • තෙවන ස්ථානය – තශ්මිලා කවින්දි සහ නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහමායා විද්‍යාලය)

මිශ්‍ර යුගල අංශය

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ නිශාන්ත ප්‍රනාන්දු සහ ජෝසප් රොෂිටා විසින් ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ෂෙරිෆ්ඩීන් සහ මධුකා රණවීර තරග වට 2-0ක් ලෙස (25-14, 25-02) පරාජයට පත් කරමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

  • ශූරතාවය – නිශාන්ත ප්‍රනාන්දු සහ ජෝසප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරතාවය – එම්. ෂෙරිෆ්ඩීන් සහ මධුකා රණවීර (ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • තෙවන ස්ථානය – ජෝසප් ඩිලාන් සහ දෙතුමි නොමායා (ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය)

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන 51 වන ජාතික කැරම් ශූරතා තරගාවලිය ද මෙම මස ආරම්භ කිරීමට නියමිතව ඇත. එම තරගාවලියේ ද තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානමින් සිටින්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<