ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ පළමුවෙන් තරග බිමට පිවිසෙන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 මූලික තරග සඳහා සෙනසුරාදා (16) සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7.20ට මීටර් 100 මූලික වටයේ තරග ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා රටවල් 53ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 76 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
යුපුන් එම තරගයේ දස්කම් දක්වමින් ඉදිරි වට සඳහා සුදුසුකම් ලබා ගතහොත් මීටර් 100 අවසන් පූර්ව තරග සහ අවසන් තරගය ඉරිදා (17) සවස් වරුවේ පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.
මීටර් 100 ඉසව්වේ ඉහළ දස්කම් දැක්වූ යුපුන් පසුගිය දා පැවති තරගයක දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් ආසියාවේ සිව්වැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වුනා.
- යුපුන්ගේ ඉදිරි ගමනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහයක්
- යුපුන්, නිලානි සහ ගයන්තිකා ලෝක ශූරතාවයට
- යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු 25ට
- සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක් අභිබවා යන දස්කමක්
- සාරංගි ලෝක ශූරතා වරම ප්‍රතික්ෂේප කරයි!
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවැන්නා ලෙස තරග බිමට පිවිසෙන්නේ මීටර් 3000 බාධක දිවීමේ මූලික තරගයට සහභාගී වන නිලානි රත්නායකයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා (16) රාත්‍රි 11.05ට පමණ.
එම තරගය සඳහා ක්‍රීඩිකාවන් 45 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එහි අවසන් තරගය පැවැත්වෙන්නේ ජූලි 20 වැනිදා උදෑසනයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබූ අනෙක් ක්‍රීඩිකාව වන ගයන්තිකා අබේරත්න ජූලි 21 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5.40ට කාන්තා මීටර් 800 මූලික තරගයට සහභාගී වනු ඇත.
ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සහභාගී වන මෙම තරගයේ අවසන් පූර්ව 22 වැනිදාත්, අවසන් මහා තරගය 24 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන
තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<