රෝද පුටු ටෙනිස් Asia Oceania ශූරතාවය ශ්‍රී ලංකාවට

225

BNP Paribas World Team කුසලානයේ Asia Oceania සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයින් සමත් වුනා.

තරගාවලියේ අවසන් මහා තරගයේ දී සත්කාරක තායිලන්තය වට 2-1ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ගත් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරේෂ් ධර්මසේන, ගාමිණී දිසානායක සහ ප්‍රදීප් කුමාර තරගාවලියට සහභාගී වුනා.

මූලික වටයේ දී දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහි දී ඕස්ට්‍රේලියාව වට 3-0ක්, චීනය වට 2-1ක් සහ පාකිස්තානය වට 3-0ක් ලෙස පරාජය කරමින් සිය කාණ්ඩයේ පෙරමුණ ලබා ගත්තා.

සත්කාරක තායිලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ඉන්දියාව සහ දකුණු කොරියාව පරාජයට පත් කරමිනුයි.

මෙම තරගාවලියේ දස්කම් දක්වමින් ලක් මාතාවට ජයග්‍රහණය දිනා දුන් ක්‍රීඩකයින්ට ThePapare.com උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<