ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පාසල් දැල්පන්දු ශුරතාවයට

225

Nestlé Milo හා ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය එක්ව සංවිධානය කළ 29 වැනි පාසල් දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කරන්නට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පසුගිය දා සමත් වුනා.

අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම ඔස්සේ සංවිධානය කරන පාසල් දැල්පන්දු පිටියේ වැදගත්ම තරගාවලියක් වන මෙම තරගාවලියට පාසල් දැල්පන්දු ක්‍රීඩිකාවන් 15,000ක් පමණ එක් වීම කැපී පෙනුණා.

තරගාවලිය නොවැම්බර් 11, 12 හා 13 යන තෙදින වෙන්නප්පුවේ දී පැවැත්වුණු අතර අඛණ්ඩව 13 වැනි වතාවටත්  Milo කුසලානය තමන් සතු කරගන්නට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් වීම විශේෂත්වයක්.

2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ද තරගාවලියේ පළමු දිනය වර්ණවත් කරන්නට එක්වුනා.

Nestlé Milo හැමවේලාවේම විශ්වාස කරනවා ශාරීරික ක්‍රියාකාරකම් හා ක්‍රීඩාවලින් අපේ අනගත කණ්ඩායම්වලට ලැබෙන වටිනාකම් පිළිබඳව. එම නිසා අපි ක්‍රීඩාවේ දියුණුවට උපකාර කරන්නේ බොහොම ගෞරවයෙන්. අපි බලාපොරොත්තු වෙනවා යොවුන් දක්ෂයින්ට සිය කුසලතා වැඩි දියුණු කරන්න අවස්ථාවක් ලැබුණා කියලා,” Nestlé Lanka හි උප සභාපති බන්දුල එගොඩගේ මහතා පවසා තිබුණා.

තරගාවලියේ දී ලබා දුන් සම්මාන:

  • ශූරියන් – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල
  • අනුශූරියන් – මියුසියස් විද්‍යාලය
  • තුන්වැනි ස්ථානය – කළුතර බාලිකා විද්‍යාලය
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – හිරුණි හේශානි (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
  • හොඳම පන්දු විදින්නිය – බාශි උඩගෙදර (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
  • හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව – නේතඟා ගුණරත්න (මියුසියස්)
  • හොඳම Center court ක්‍රීඩිකාව – නෙතාෂා ඩයස් – (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<