ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මාසයේ දී

ගුවන් හමුදා පාපැදි සවාරිය 2023

159

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන 24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 2, 3 සහ 4 යන තෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරන මෙම පාපැදි සවාරිය සඳහා මෙවර ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස “Nippon Paint” එක්ව තිබෙන අතර Abans පුද්ගලික සමාගම, මැලිබන් පුද්ගලික සමාගම සහ ටෙලිකොම් මොබිටෙල් ආයතන සම අනුග්‍රාහකත්වය දරනවා.

මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා තරගකරුවන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර තරගය සඳහා විදෙස් ක්‍රීඩකයින් ද සහභාගී වීම විශේෂත්වයක්.

පිරිමි තරගය කොළඹ නගරයෙන් ආරම්භ වීමට නියමිත අතර එහි පළමු අදියර මහනුවර දක්වාත්, දෙවැනි අදියර මහනුවර සිට පොළොන්නරුව දක්වාත් සහ අවසන් අදියර පොළොන්නරුව සිට අනුරාධපුර දක්වාත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 396ක්.

ක්‍රීඩිකාවන් සඳහා ද මෙවර පාපැදි තරගයක් පැවැත්වෙන අතර හඹරණ සිට අනුරාධපුර දක්වා පැවැත්වෙන එම තරගයේ සමස්ත දුර කිලෝමීටර් 85ක්.

එමෙන්ම මෙවර පාපැදි සවාරිය සඳහා එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට දිනකට රුපියල් 2500ක පාරිතෝෂික දීමනාවක් ලබා දීමට ද සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

පිරිමි සමස්ත තරගය සඳහා ලබා දෙන ත්‍යාග,

  • පළවැනි ස්ථානය – රු 400,000
  • දෙවැනි ස්ථානය – රු 250,000
  • තෙවැනි ස්ථානය – රු 150,000
  • සිව්වැනි ස්ථානය – රු 100,000

සමස්ත ස්ප්‍රින්ට් ශූරතාවය – රු 50,000

සමස්ත කණ්ඩායම් ශූරතාවය

  • ජයග්‍රාහී කණ්ඩායම – රු 300,000
  • අනුශූරතාව – රු 200,000

සමස්ත යොවුන් ක්‍රීඩකයා – රු 75,000

කාන්තා තරගයට ලබා දෙන ත්‍යාග,

  • පළවන ස්ථානය – රු 100,000
  • දෙවැනි ස්ථානය – රු 75,000
  • තෙවැනි ස්ථානය – රු 50,000
  • සිව්වැනි ස්ථානය – රු 30,000
  • පස්වැනි ස්ථානය – රු 25,000

සමස්ත ස්ප්‍රින්ට් ශූරතාවය – රු 25,000

සමස්ත කණ්ඩායම් ශූරතාවය

  • ජයග්‍රාහී කණ්ඩායම – රු 75,000
  • අනුශූරතාව – රු 40,000

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<