Home Sinhala පිතිපෙළ නැවතත් බිඳ වැටෙද්දී ඇෆ්ගන් යෞවනයින්ට 2-0ක ජයක්!

පිතිපෙළ නැවතත් බිඳ වැටෙද්දී ඇෆ්ගන් යෞවනයින්ට 2-0ක ජයක්!

159
Afghanistan U19
Credit : ACB Media

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ මැද පෙරදිග තරග සංචාරය ඊයේ (02) නිමාවට පත්වුනේ තවත් පරාජයක් සමඟින්.

එහි දී දෙරට අතර පැවති දෙවැනි එක්දින තරගය කඩුලු 6කින් ජය ගත් ඇෆ්ගනිස්තාන යෞවනයෝ තරගාවලිය 2-0ක් ලෙස අවසන් කළා.

අබුඩාබි හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජය ගත් ශ්‍රී ලංකා නායක ශෙවෝන් ඩැනියෙල් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන්ට ලබා ගත්තා. නමුත් ඔවුන්ට ප්‍රතිවාදීන්ට අභියෝගයක් විය හැකි ලකුණු පුවරුවක් ගොඩ නැගීමට හැකි වුනේ නැහැ.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව: ශෙවෝන් ඩැනියෙල් (නායක), විහස් තෙව්මික, සිනෙත් ජයවර්ධන, විශේන් හැළඹගේ, දිනුර කළුපහන, හිරාන් ජයසුන්දර, චමත් ගෝමස්, මල්ෂ තරුපති, විශ්ව ලහිරු, තීරක රණතුංග, දුවිඳු රණතුංග.
  • ඇෆ්ගනිස්තානය: Mohommed Haroon (නායක), Jamshid Zardan, Noman Shah, Ali Ahamad, Hizbullah Durrani, Khalid Thaniwal, Khalel Ahmad, Kamran Hotak, Faridoon Dawoodzai, Yama Arab, Wafiullah.

ශ්‍රී ලංකා ඉනිමට ලකුණු එකතු වන්නටත් පෙරම විශේන් හැළඹගේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙද්දී පිට පිටම තරග දෙකක දී ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ ශෙවෝන් ඩැනියෙල් ඊයේ රැස් කළේ ලකුණු 6ක් පමණයි. ආරම්භක කඩුලු 2ම දවා ගැනීමට Faridoon Dawoodzai සමත් වුනා.

දිනුර කළුපහනත් ඊයේ කිසිදු ලකුණක් ලබා ගැනීමට අපොහොසත් වෙද්දී සිනෙත් ජයවර්ධන ලකුණු 14ක් ලබා ගත්තා. කෙසේ නමුත් ලකුණු 28ට කඩුලු 4ක් දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන් පසුවත් විශාල ලකුණු සබඳතා නම් දැක ගැනීමට හැකි වුනේ නැහැ. හිරාන් ජයසුන්දර ලකුණු 21ක් රැස් කරද්දී තරගාවලියේ මුල් වරට දැකගන්නට ලැබුණු චමත් ගෝමස් ලකුණු 16ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 8ක්ම අද ලකුණු 86ක් තුල බිඳ වැටෙද්දී යන්‍තමින් හෝ තරගයක් දිය හැකි ලකුණක් කරා ඉනිම ඇදගෙන යන්නේ විහස් තෙව්මික සමඟ එක්වූ දුවිඳු රණතුංගයි. ඔවුන් දෙදෙනා 9 වැනි කඩුල්ලට සටන්කාමී අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුවා. විහස් තෙව්මික පන්දු 52කින් ලකුණු 33ක් ලබා ගනිද්දී පසුපෙළ පිතිකරුවෙකු ලෙස දුවිඳු රණතුංග ලබාගත් ලකුණු 28ත් ශ්‍රී ලංකාවට අවමානයෙන් ගැලවීමට වැදගත් වුනා.

අවසන් පිතිකරු වන විශ්ව ලහිරු නොදැවී ලකුණු 13යි. මේ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 36.5ක් තුල අවසන් වන විට ලකුණු පුවරුවට එකතු වී තිබුණේ ලකුණු 161ක් පමණයි. සුපිරි

පන්දු යැවීමක යෙදුණු Kamran Hotak සහ Faridoon Dawoodzai කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී Yama Arab කඩුලු 2කට හිමිකම් කිව්වා.

මෙම පහසු ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්තානයේ ආරම්භක කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. එහි දී විශ්ව ලහිරු යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගියේ එක් ලකුණක් ලබා සිටි Wafiullahයි. ඔහු පසුගිය තරගයේ සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට සමත් වූ පිතිකරුවෙක්.

දෙවැනි කඩුල්ල ලකුණු 34 දීත්, තෙවැනි කඩුල්ල ලකුණු 59දීත් බිඳ වැටුනත් ඇෆ්ගනිස්තානය ගොඩ නැගූ මේ සුළු සබඳතා පවා මෙම කුඩා ඉලක්කය හඹා යාමේ දී වැදගත් වුනා. එහි දී මේ තරගය සඳහා එක්වුනු Jamshid Zardan ලකුණු 22ක් ලබා ගනිද්දී Hizbullah Durraniගේ පිත්තෙන් ගලා ආ ලකුණු සංඛ්‍යාව 19ක්.

ඇෆ්ගනිස්තාන නායක Mohommed Haroon ලකුණු 18දී දැවී ගියේ දිනයේ බිඳ වැටුණු අවසන් කඩුල්ල ලෙසයි. ඒ වන විට ඇෆ්ගනිස්තාන ඉනිමට ලකුණු 120ක් එකතු වී තිබුණා. එතැන් පටන් ජයග්‍රහණය දක්වාම නොදැවී පිටියේ රැඳී සිටින්නට Ali Ahamad සමත් වෙද්දී Noman Shah ලකුණු 72ක් රැස් කරමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළා.

පන්දු 67ක් පමණක් වැය වුනු Shahගේ වේගවත් ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා. Ali Ahamad නොදැවී ලකුණු 25යි. මේ අනුව ඇෆ්ගනිස්තානයට ශ්‍රී ලංකා ඉනිම සාර්ථකව හඹා යාමට අවශ්‍ය වුනේ පන්දුවාර 32.3ක් පමණයි. පන්දු යැවීමේ දී විශ්ව ලහිරු, විහස් තෙව්මික, තීරක රණතුංග සහ දිනුර කළුපහන එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ අනුව තුන්කොන් තරගාවලිය තුල පැවති තරග 4කින් බංග්ලාදේශයට එරෙහිව පැවති එක් තරගයක් පමණක් ජයගෙන සංචාරය අවසන් කරන්නට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට සිදු වුනා.

සමස්තයක් ලෙස ඔවුන් හා තරග වැදුණු ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් වලින් සාපේක්ෂව ඉහළ දස්කම් දැක ගන්නට ලැබුනත්, තරග කිහිපයක්ම උණුසුම් මුහුණුවරක් ගත් නිසා ශ්‍රී ලංකා යෞවනයින්ගේ හැකියාව ද අවතක්සේරු කළ නොහැකියි.

කලක් තිස්සේ 19න් පහළ නියෝජනය කරමින් නමක් හදා ගත් ක්‍රීඩකයින් රැසක් නික්ම යාමෙන් පසුව මෙම කණ්ඩායම තවමත් කෝඩුකාරයින් රැසකගෙන් සමන්විතයි. මෙවැනි විදෙස් සංචාර 19න් පහළ කණ්ඩායමට නිරන්තරයෙන් හිමි වුවහොත් එම අත්දැකීම් මගින් අනාගතයේ හොඳ ක්‍රීඩකයින් බිහිවීමට වැඩි ඉඩක් තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත් සහ දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සවිස්තරාත්මක වාර්තා වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Afghanistan U19
162/4 (32.3)

Sri Lanka U19
161/10 (36.5)

Batsmen R B 4s 6s SR
Sineth Jayawardena c Ali Ahmad b Kahlel Ahmad 14 24 2 0 58.33
Vishen Halambage lbw b Faridoon Dawoodzai 0 1 0 0 0.00
Shevon Daniel c Mohammad Haroon b Faridoon Dawoodzai 6 13 0 0 46.15
Dinura Kalupahana lbw b Faridoon Dawoodzai 0 2 0 0 0.00
Hiran Jayasundara c Hezbullah Dorani b Yama Arab 21 42 2 0 50.00
Chamath Gomez c Ali Ahmad b Mohammad Haroon 16 25 1 1 64.00
Malsha Tharupathi c Mohammad Haroon b Kamran Hotak 9 7 2 0 128.57
Theeraka Ranatunga c Mohammad Haroon b Kamran Hotak 1 6 0 0 16.67
Vihas Thewmika lbw b Kamran Hotak 33 52 3 0 63.46
Duvindu Ranathunga c Kahlel Ahmad b Yama Arab 28 35 4 0 80.00
Vishva Lahiru not out 13 15 2 0 86.67


Extras 20 (b 0 , lb 2 , nb 1, w 17, pen 0)
Total 161/10 (36.5 Overs, RR: 4.37)
Bowling O M R W Econ
Kahlel Ahmad 8 1 35 1 4.38
Faridoon Dawoodzai 7 1 30 3 4.29
Yama Arab 9 1 36 2 4.00
Kamran Hotak 8.5 0 26 3 3.06
Mohammad Haroon 2 0 17 1 8.50
Khalid Taniwal 2 0 15 0 7.50


Batsmen R B 4s 6s SR
Wafiullah Tarakhil c & b Vishva Lahiru 1 7 0 0 14.29
Jamshid Zadran c Malsha Tharupathi b Theeraka Ranatunga 22 42 3 0 52.38
Hezbullah Dorani c Vishva Lahiru b Vihas Thewmika 19 26 0 2 73.08
Numan Shah Agha not out 72 67 6 2 107.46
Mohammad Haroon b Dinura Kalupahana 18 31 1 0 58.06
Ali Ahmad not out 25 24 2 1 104.17


Extras 5 (b 0 , lb 0 , nb 2, w 3, pen 0)
Total 162/4 (32.3 Overs, RR: 4.98)
Bowling O M R W Econ
Duvindu Ranathunga 3 1 9 0 3.00
Vishva Lahiru 8 2 19 1 2.38
Vihas Thewmika 5 0 31 1 6.20
Malsha Tharupathi 7 0 52 0 7.43
Theeraka Ranatunga 3 0 14 1 4.67
Dinura Kalupahana 5 0 27 1 5.40
Chamath Gomez 1 0 7 0 7.00
Shevon Daniel 0.3 0 3 0 10.00