මැතිව්ස් තෙවැනි එක්දින තරගයට නෑ

Sri Lanka ‘A’ Squad 3rd One Dayer England Lions

226

එංගලන්ත Lions කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 14 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා A සංචිතයක්, නම් කර තිබෙනවා.

ඉකුත් 18 වැනිදා පැවති තරගාවලියේ දෙවැනි තරගය සඳහා ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි තරගයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා රැදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පුහුණු වීම් කටයුතුවල නිරත වන ශ්‍රී ලංකා ජාතික සංචිතය සමඟින් මැතිව්ස් එකතු වී තිබෙනවා.

ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් ලකුණු 86ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් දෙවැනි එක්දින තරගය නිමා කරන්නට සමත් වූ අතර පළමු තරගය ජය ගත් එංගලන්තය සමඟ තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමේ පසුවනවා. තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන් දැයි තීරණය කරන තෙවැනි එක්දින තරගය හෙට (21) ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තෙවැනි එක්දින තරගය සහභාගී වන කණ්ඩායම පහත 14 දෙනාගෙන් සංචිතයෙන් තෝරා ගනු ඇත. කඩුලු රකින පිතිකරු සධීර සමරවික්‍රම තවදුරටත් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා A එක්දින සංචිතය: සධීර සමරවික්‍රම – (WK/C), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මධුෂාන්, දුෂාන් හේමන්ත, අම්ෂි ද සිල්වා, කවිෂ්ක අංජුල, ලහිරු උදාර, නුවන් ධනංජය, සුමින්ද ලක්ෂාන්.

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<