ශ්‍රී ලංකා A නායකත්වය වෙනස් වේ; සංචිතයේත් වෙනස්කම්

530

එළඹෙන 17 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ A – ශ්‍රී ලංකා A නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත ලබා දී ඇත.

ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව ගෞරවනීයත්වයට පත් කරයි

සංචාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ගෞරවනීය තැනක තබමින් ෂෙහාන් ජයසූරිය අද (11)…..

තිසර පෙරේරා මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන දේශීය විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා දිවයිනෙන් පිටව ගොස් ඇති නමුත් ලබන 17 වැනිදා බංග්ලාදේශයේ සිලේට් හිදී ආරම්භ වන ක්‍රිකට් තරගාවලිය සඳහා තිසර පෙරේරා සහභාගී වනු ඇත. එම කණ්ඩායමේ උප නායකත්වය තුන් ඉරියව් වේගපන්දු යවන ක්‍රීඩක දසුන් ශානකට හිමිව තිබේ.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ මේ වන විට  බංග්ලාදේශ A කණ්ඩායම් සමඟ නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගීව සිටී.

ප්‍රබල වමත් ආරම්භක පිතිකරුවෙක් වන උපුල් තරංග ද  ශ්‍රී ලංකා A සංචිතයට ඇතුළත් කර ඇති අතර දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට්  තරගාවලියට පෙර පුහුණුවක් සේ සලකා ඔහුව මේ කණ්ඩායමට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. චරිත් අසලංක, සම්මු අශාන්, මිනෝද් භානුක හා අසිත ප්‍රනාන්දු යන යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද මේ සංචිතය  ඇතුළත් කර තිබීම සුවිශේෂී වේ.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් සටනේ වැඩි බර කා හට ද?

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න…..

සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් මේ වන විට බංග්ලාදේශයේ රැඳී සිටින  ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද මේ එක්දින සංචිතයට තේරී පත්ව ඇති අතර අනෙකුත් ක්‍රීඩකයින් මේ සිකුරාදා (13) බංග්ලාදේශය බලා පියාසර කරනු ඇත.

තරගාවලිය සඳහා තේරී පත්වූ ශ්‍රී ලංකා A එක්දින ක්‍රීඩකයින් මේ සිකුරාදා (13) දිවයිනෙන් පිටව යනු ඇත.

ශ්‍රී ලංකා A සංචිතය  – තිසර පෙරේරා (නායක), දසුන් ශානක (උප නායක),  උපුල් තරංග, ලහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, අශාන් ප්‍රියන්ජන්, සදීර සමරවික්‍රම, මිනෝද් භානුක, චරිත අසලංක, සම්මු අශාන්, මලින්ද පුෂ්පකුමාර, නිශාන් පීරිස්, ෂෙහාන් මධුසංක, අසිත ප්‍රනාන්දු, ඉසුරු උදාන.

අතිරේක ක්‍රීඩකයින් – විශ්ව ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා , චාමික කරුණාරත්න

නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 17 – සිලේට්
  • දෙවන එක්දින තරගය –  ජූලි 19 – සිලේට්
  • තෙවන එක්දින තරගය –  ජූලි 22 – සිලේට්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<