තුන්දින තරගාවලියේ ආරම්භක දිනයට ශතක ගොන්නක්

අන්තර් සමාජ නැගී එන 3 දින තරගාවලිය 2022

3467

අන්තර් සමාජ නැගී එන 3 දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (18) ආරම්භ වුනා. තරගාවලියේ පළමු දිනය සඳහා තරග 9ක් දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුනා.

තරගාවලියේ පළමු දිනයේ දී පිතිකරුවන් වැඩි දස්කම් දැක්වීමට සමත් වූ අතර ක්‍රීඩකයන් පස් දෙනෙකු ශතක රැස්කිරීම විශේෂත්වයක්.

සෙබස්තියන් ක්‍රීඩා සමාජයේ මනිල්ක ද සිල්වා ලකුණු 103ක් වාර්තා කළ අතර මුවර්ස් ක්‍රීඩා සමාජයේ දිනුක ඩිල්ෂාන් ලකුණු 111ක්, NCC සමාජයේ ජොහාන් ද සිල්වා ලකුණු 100ක්, කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ රවිඳු රශාන්ත නොදැවී ලකුණු 100ක් සහ යුද හමුදා ක්‍රිකට් සමාජයේ ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 100ක් වාර්තා කරමින් පළමු දිනයේ ශතක ලාභීන් බවට පත්වුනා.

පිතිකරණයෙන් වර්ණවත් වූ තරගාවලියේ පන්දුවෙන් දස්කම් දැක්වීමට ක්‍රීඩකයන් කීපදෙනෙකු සමත් වුනා.

බදුරලිය ක්‍රීඩා සමාජයේ සසංක නිර්මාල් ලකුණු 76කට කඩුලු 4ක්, SSC කණ්ඩායමේ ලක්ෂිත මානසිංහ ලකුණු 64කට කඩුලු 4ක්, සෙබස්තියන් ක්‍රීඩා සමාජයේ හි ටෙහාන් ශාෆ්ටර් ලකුණු 14කට කඩුලු 4ක් මෙන්ම බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ අරවින් රාජේන්ද්‍රන් (4/69) සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ හර්ෂණ වික්‍රමසිංහ (4/49) පළමු දිනයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා.

ඊයේ දිනයේ පැවති තරගවල සාරාංශය මෙසේයි.

Burgher Recreation Club සහ ගාල්ල ක්‍රිකට් සමාජය

  • BRC 191 (58.5): චමෝද් සඳරු 46, විනුර දුල්සර 39, සවිඳු උත්සර 37*, සුභානු රාජපක්ෂ 3/34, හරීන් බුද්ධිල 3/38, කවිඳු දිල්හාර 2/46
  • ගාලු 118/5 (31): දුලාෂ් උදයංග 34*, ඩිල්ෂාන් කාංචන 29, සුභානු රාජපක්ෂ 20, සවිඳු උත්තර 2/17

බදුරලිය ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය

  • බදුරලිය 249 (60.2): මලිඳු මධුරංග 81, අශේන් ගුණවර්ධන 57, උමයංග සුවාරිස් 48, රවිෂ්ක විජේසිරි 27, සසංක නිර්මාල් 4/76, අකිල ශෙනේෂ් 2/52
  • පානදුර 95/1 (27): හේෂාන් වෙල්ගම 34, දුනිත් ජයතුංග 32*, විනුක සුබසිංහ 23*

සෙබස්තියන් ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය

  • සෙබස්තියන් 221 (53): මනිල්ක ද සිල්වා 103, තරූශ ප්‍රනාන්දු 43, විහාන් ගුණසේකර 40, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 21, ලක්ෂිත මානසිංහ 4/64, ඉමේෂ් රාමනායක 3/58, ට්‍රවීන් මැතිව් 2/24
  • SSC 111/6 (30.2): සදීෂ රාජපක්ෂ 54*, ටෙහාන් ෂාෆ්ටර් 4/14

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය

  • ගුවන් හමුදා 129 (53.4): කළණ විජේසිරි 21, දෙවිඳු කාකිරිදෙණිය 3/18, සුගත් මෙන්ඩිස් 3/34, චමිඳු විජේසිංහ 2/27
  • CCC 159/2 (36): පවන්ත වීරසිංහ 92*, රොන් චන්ද්‍රගුප්ත 39

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • මුවර්ස් 263 (72.5): දිනුක ඩිල්ෂාන් 111, පසිඳු සූරියබණ්ඩාර 37, රොහාන් ද සොයිසා 30, අදීෂ තිලංචන 25, ජනිත හිම්සර 23, හේසර නුවන්ත 2/21, අවිශ්ක ලක්ෂාන් 2/30, දිලී 2/32
  • නාවික හමුදා 36/1 (13):

නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය

  • NCC 342/6 (90): ජොහාන් ද සිල්වා 100, හසිත බෝයගොඩ 91, දිනෙත් ජයකොඩි 64*, අරවින් රාජේන්ද්‍රන් 4/69

කළුතර නගර සමාජය සහ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

  • කළුතර 125 (49.2): ඉන්සක සිරිවර්ධන 34, හර්ෂණ වික්‍රමසිංහ 4/49, රොහාන් සංජය 3/39
  • කොළඹ කෝල්ට්ස් 187/1 (38): රවිඳු රශාන්ත 100* අවිශ්ක පෙරේරා 69*, සලීන් ද මෙල් 21

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

  • කුරුණෑගල යොවුන් 180 (77.1): දිලාජ් රණතුංග 70, සංජීවන් ප්‍රියදර්ශන 38, විබවිත් අහලේපොළ 28, රවීන් යසස් 3/33, මලීෂ දේශාන් 2/24, දසුන් සෙනෙවිරත්න 2/42
  • හලාවත මේරියන්ස් 28/1 (10): හරිඳු ජයසේකර 22

යුද හමුදා ක්‍රිකට් සමාජය සහ මහනුවර රේගු ක්‍රීඩා සමාජය

  • යුද හමුදා 291 (79.3): ශෙහාන් ප්‍රනාන්දු 100, පැතුම් බොතේජු 61, සේහන්ද සොයිසා 41, අශාන් දිල්සර 32, තිමිර මල්ෂාන් 3/59, මර්වින් අභිලාෂ් 2/64, අනුක ජයසිංහ 2/74
  • මහනුවර රේගු 31/2 (8): කෞමාල් නානායක්කාර 2/03

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<