මහීෂ් හා නිස්සංක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

9913

ICC නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංගට තුන්වැනි ස්ථානය හිමිව තිබෙනවා. ඒ පළමු ස්ථානයේ සිට ස්ථාන දෙකක් පහළට එමිනුයි.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ Tabraiz Shamsi හටයි. ශ්‍රී ලංකාවත් සමඟ මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දී ඉහළ දස්කම් දක්වන ඕස්ට්‍රේලියාවේ Josh Hazlewood දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකේ දී හසරංග කඩුලු පහක් දවා ගන්නට සමත් වුනත්, COVID-19 වයිරසය ආසාදනය වීම නිසා ඔහුට තෙවැනි තරගය අහිමි වුනා.

මේ අතර මහිෂ් තීක්ෂණ ස්ථාන 16ක් ඉදිරියට පැමිණ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 29 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි විස්සයි විස්ස තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරුවන් අතර ස්ථාන 42ක් ඉදිරියට පැමිණ 21 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී දස්කම් දැක්වූ ඉන්දීය පිතිකරුවන් වන Shreyas Iyer හා Suryakumar Yadav ද පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

NDTV ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<