SAG බීච් වොලිබෝල් කාන්තා පිරිමි රන් රිදී සියල්ල ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල - බීච් වොලිබෝල්

261

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් අවසන් මහා තරග අද (8) නේපාලයේ දී පැවැත්වුණා. මෙහි විශේෂත්වය වුනේ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙක හා පිරිමි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙක යන කණ්ඩායම් හතරම ශ්‍රී ලංකා කණ්ඩායම් වීමයි.

SAG – වොලිබෝල් කාන්තා කණ්ඩායමත් ලෝකඩ පදක්කමක් දිනයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම…

ඒ අනුව පිරිමි අවසන් මහා තරගයේ දී රන් පදක්කම සඳහා තරග වැදුණේ ශ්‍රී ලංකා 2 කණ්ඩායම හා ශ්‍රී ලංකා 1 කණ්ඩායමයි. එහි දී ඉන්දික ටිරෝන් හා ජයාන් සනූජ පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා 1 කණ්ඩායමේ අසංක ප්‍රදීප් හා අශේන් කුමාර සමත් වුනා.  

කාන්තා රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනේ තාරුකා ලක්ෂිනී හා දිනේෂා ප්‍රසාදිනී පරාජය කළ ශ්‍රී ලංකා 2 කණ්ඩායමේ දීපිකා හා මදුශානි වීරසිංහයි. 

පිරිමි අංශයේ පළමු වටයේ තරග පසුගිය සෙනසුරාදා පැවැත්වුණු අතර එහි දී A කාණ්ඩයේ පළමු ස්ථානය හා B කාණ්ඩයේ පළමු ස්ථානය යන ස්ථාන දෙකම ශ්‍රී ලංකාවට හිමි වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා 2 කණ්ඩායමේ ඉන්දික ටිරෝන් හා ජයන් සනූජ A කාණ්ඩයේ ජයග්‍රහණය දිනා ගනිද්දී, ශ්‍රී ලංකා 1 කණ්ඩායමේ අසංක ප්‍රදීප් හා අශේන් කුමාර B කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වුනා.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී අපරාජිත ශ්‍රී ලංකා 2 කාණ්ඩයේ ඉන්දික හා ජයාන් මිනිත්තු 30ක් පමණක් වැය කරමින් නේපාලයේ රාජු බී. කේ හා සංජු සෑහ පරාජය කළ අතර අවසන් පූර්ව තරගයේ දී ඔවුන් පාකිස්තානයේ Khan Zasrnab හා Khan Afaq පරාජය කළා. 

අසංක ප්‍රදීප් හා ෂේන් කුමාර ශ්‍රී ලංකා 1 කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානයේ රසාක් මොහොමඩ් හා වාසීන් මොහොමඩ් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඒ අනුව අවසන් පූර්ව වටය නිමාවත්ම එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් දෙකම ශ්‍රී ලංකාව හිමිව තිබීම විශේෂත්වයක්.  

SAG – බීච් වොලිබෝල් කණ්ඩායම් නේපාලයට ඉඟිලේ

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා බීච් වොලිබෝල්…

කාන්තා අංශයේ A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා 2 කණ්ඩායමේ දීපිකා හා මදුශානි වීරසිංහයි. B කාණ්ඩයේ සම්පූර්ණ ගෞරවය ද ශ්‍රී ලංකාව සතු වූ අතර තාරුකා ලක්ෂිනී හා දිනේෂා ප්‍රසාදනී ශ්‍රී ලංකා 1 කණ්ඩායම වෙනුවෙන් B කාණ්ඩය ජයග්‍රහණය කළා.

ඒ අනුව කාන්තා අවසන් පූර්ව තරග ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්වන්දව සටනක් බවට පත් වුණා. දීපිකා හා මදුශානි නේපාල 2 කණ්ඩායමේ Kopila Upreti හා මනිෂා චෞද්රි පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසුණු අතර ශ්‍රී ලංකා 1 කණ්ඩායමේ තාරුකා ලක්ෂිනී හා දිනේෂා ප්‍රසාදිනී නේපාල 1 කණ්ඩායමේ Binita Budhathoki හා Nebika Chaudhary පරාජය කරමින් අවසන් මහා තරගය දක්වා ඉදිරියට ගියා.  

බීච් වොලිබෝල් ඉසව්වේ කාන්තා හා පිරිමි රන් හා රිදී පදක්කම් ද්විත්වයන්ම දිනා ගනිමින් මේ සුපිරි ජයග්‍රහණය සනිටුහන් කළ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com අපේ උණුසුම් සුබ පැතුම්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<