Ronaldoගේ වාර්තාවක් Messi අත්පත් කර ගනී

73

සුපිරි ක්‍රීඩක Lionel Messi, Barcelona වෙනුවෙන් එක් ගෝලයක් වාර්තා කරමින් හා තවත් ගෝල දෙකකට සහය දීමෙන් පෙන්වූ දක්ෂතා නිසා Barcelona කණ්ඩායම ප්‍රබල Borussia Dortmund ගෝල 3-1ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. මේ Messi, Barcelona වෙනුවෙන් ක්‍රීඩා කරන 700 වැනි තරගය වීම විශේෂත්වයක්.

Real Madrid රතු කාඩ්පත නිදහස් පහරකින් අවසන් වේ

ශූරයින්ගේ ලීග් තරගාවලියේ ඉතා වැදගත් තරග ………..

Luis Suarez පළමු අර්ධයේ දී ගෝලයක් වාර්තා කරමින් Barcelona ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර ඊට මිනිත්තු හතරකට පසුව Messi, Barcelona ලකුණු පුවරුව දෙගුණ කළේ සිය ක්‍රීඩා දිවියේ Barcelona වෙනුවෙන් 613 වැනි ගෝලය වාර්තා කරමින්.

ඒ අනුව Messi, Cristiano Ronaldoගේ ශූරයින්ගේ ලීග් වාර්තාවක් ද බිඳ දැමුවේ එකිනෙකට වෙනස් කණ්ඩායම් 34කට එරෙහිව ගෝල වාර්තා කරමින්. 67 වැනි මිනිත්තුවේ දී Messiගේ පන්දු යොමු කිරීමක් Antoine Griezmann ගෝල රාමුව වෙත එල්ල කළේ තරග හයකට පසුව සිය පළමු ගෝලය වාර්තා කරමින්. 

77 වැනි මිනිත්තුවේ දී Jadon Sancho, Dortmund වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කරන්නට සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය: Barcelona 03 – 01 Borussia Dortmund

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Luis Suárez (29′), Lionel Messi (33′), Antoine Griezmann (67′)
  • Borussia Dortmund – Jadon Sancho (77′)

Liverpool අමාරුවෙන් තරගය සමකර ගනියි

Liverpool හා Napoli අතර තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඒ අනුව කණ්ඩායම් දෙකටම අවසන් 16ට පිවිසීම සඳහා ඔවුන්ගේ මීළඟ තරගයේ දී සෑහෙන තරගයක් ලබා දීමට සිදු වනු ඇත.  

Dries Mertens, Napoli වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Dejan Lovren 65 වැනි මිනිත්තුවේ දී තරගයේ ගෝල සම කරන්නට සමත් වුනා. 

ඒ අනුව මේ වන විට E කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින්නේ Liverpool කණ්ඩායමයි. ඔවුන් ලකුණු 10ක් ලබාගෙන පළමු ස්ථානයේ සිටිද්දී ලකුණු 9ක් ලබා ගත් Napoli දෙවන ස්ථානයේත්, ලකුණු හතක් සමඟින් Salzburg තෙවැනි ස්ථානයේත් සිටිනවා. මීළඟ වටයේ දී Liverpool කණ්ඩායම හා Salzburg කණ්ඩායම අතර තීරණාත්මක තරගය පැවැත්වීමට නියමිතයි. 

අවසන් ලකුණු තත්වය: Liverpool 01 – 01 Napoli

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Liverpool – Dejan Lovren (65′)
  • Napoli – Dries Mertens (21′)

යොවුන් Chelsea ක්‍රීඩකයින්ගෙන් Valencia ජයග්‍රහණය උදුරාගනියි

Valencia කණ්ඩායමේ Daniel Wass වාර්තා කළ සුපිරි ගෝලයක් නිසා Valencia කණ්ඩායම ගෝල 2-2ක් ලෙස Chelsea සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තා. ඒ අනුව මේ කණ්ඩායම් දෙකට මීළඟ තරගයේ දී අවසන් 16 සඳහා පිවිසීමට තවදුරටත් සටන් වැදීමට සිදු වනු ඇත.

Valencia කණ්ඩායම අවස්ථා රැසක් ගිලිහි ගියත් ඔවුන් Carlos Solerගේ ගෝලයකින් තරගයේ පෙරමුණ ගත්තා. පසුව Mateo Kovacic හා Christian Pulisic තරගය Chelsea දෙසට හරවා ගන්නට සමත් වුනා.  

අවසන් මිනිත්තුවේ ගෝලයෙන් Manchester United ජය අවහිර වෙයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරග දිනයේ තරගයක් ………….

Dani Parejo හට Valencia වෙනුවෙන් දඬුවම් පහරක් මඟහැරීම විශේෂත්වයක්. කෙසේ වෙතත් Wass තරගයේ ගෝල සම කළේ Valencia කණ්ඩායම පරාජයෙන් ගලවා ගනිමින්.

ඒ අනුව මේ වන විට මෙම කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු අට බැගින් ලබා සිටිනවා.

අවසන් ලකුණු තත්වය: Valencia 02 – 02 Chelsea 

  • Valencia – Carlos Soler (40′), Daniel Wass (82′)
  • Chelsea – Mateo Kovacic (41′), Christian Pulisic (50′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<