මාලිංගගේ Six Pack හොයපු අයට මහේල උත්තර දෙයි

5146

එංගලන්තයට මෙවර ලෝක කුසලානයේ දී නොසිතූ පරාජයක් උරුම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා සමත් වූයේ ලීඩ්ස් හිදීය. ජයග්‍රහණ නියඟයකින් පීඩා විදිමින් සිටි ශ්‍රී ලංකාවට යම් සැනසීමක් ගෙන දීමට එම ජයග්‍රහණය ඉවහල් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සන්නාම තානාපතිවරයෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වා සිටියේ මෙසේයි.

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (21)…

මෙම තරගයේ දී සුපුරුදු පරිදි තම වගකීම අකුරටම ඉෂ්ට කළ ලසිත් මාලිංග පිළිබඳව මහේල විශේෂයෙන් අදහස් දක්වා සිටියා. මාලිංග තම පන්දුවාර 10 තුල දී ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අඩිතාලම දැමීමට සමත් විය. තරගයේ මුල් පන්දුවාර කීපයෙ දී ම එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ජොනී බෙයාස්ටෝව් (0, 0.2 ov) හා ජේම්ස් වින්ස් (14, 6.5 ov) දවා ගැනීමට මාලිංග සමත් වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ දී ලැබුණු විශාල ‘තල්ලුවක්’ විය.

නැවතත් ක්‍රියාත්මක වූ මාලිංග ජෝ රූට් (57, 30.3 ov) හා ජෝස් බට්ලර් (10, 32.3 ov) දවා ගැනීමට සමත් විය. පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය මාලිංගගේ ඡායාරූපයක් පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමු වූ අතර බොහෝ දෙනාගේ ඊට විවේචන ද එල්ලව තිබිණි.

අත්දැකීම්වලින් එංගලන්තයේ හුළං බැස්සූ සිංහයා

ශ්‍රී ලංකාව ඊයේ (22) සත්කාරක එංගලන්තය හමුවේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළ අතර තරගයේ වීරයා…

“මේක six pack ගැන දෙයක් නෙමෙයි. මේක දක්ෂතාවය පිළිබඳව දෙයක්. ලසිත් මාලිංග තමන්ගේ දක්ෂතාවය පෙන්වූවා” මහේල තම වාර්තාවේ සඳහන් කර සිටියා.

“ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ මේ වගේ දස්කම් දක්වලා තියනවා පසුගිය වසර කීපයේම. ඔහු උපරිම දක්ෂතා වල ඉන්නවා දකින එක සතුටක්. ඔහු අලුත් පන්දුවෙන් මෙහෙයුමක හිටියේ. ලොකු ක්‍රීඩකයන් ලොකු තරගවල දී දස්කම් දක්වනවා. ඒක තමයි ඔහු කළේ. රූට් හා බට්ලර් දවා ගැනීම විශේෂයි. ඔවුන් එංගලන්තය ජයග්‍රහණය කරවන්න ඉඩ තිබුණා.”

මෙවර ලෝක කුසලානයට අඩුම අවධානයක් සහිතව පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අවසන් පූර්ව වටයට පිවිසීමට බලාපොරොත්තුවක් ඇතිකරගෙන සිටී. මහේල ජයවර්ධන පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මෙම නොසිතූ ජයග්‍රහණය අවසන් පූර්ව වටයේ තරගකාරීත්වය තවත් වැඩි කල බවයි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

එංගලන්තය මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායමක් වනු ඇතැයි තරගාවලියට පෙර බොහෝ දෙනා මත පලකර තිබූ නමුත් මේ වන විට එංගලන්තය තරග දෙකක් පරාජය වී අවසන්. එංගලන්තය, පාකිස්තානය හමුවේ නොසිතූ පරාජයකට ලක්වූ අතර පසුගිය දා ශ්‍රී ලංකාව ද ඔවුන්ට නොසිතූ පරාජයක් උරුම කර දුන්නේය.

“මේක ලංකාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. මේක ලෝක කුසලානයටත් හොඳ දෙයක්. අවසන් පූර්ව වටයේ අවස්ථාවන් වැඩි වෙනවා. දැන් මුල් ස්ථාන 4 ඉන්න කණ්ඩායම් ඔවුනොවුන් එක්ක ක්‍රීඩා කරාවි. ලකුණු අඩු වැඩි වීම් සිදුවේවි. නවසීලන්තය බැලුවොත් ඔවුන්ට ඕස්ට්‍රේලියාව හා එංගලන්තය එකක තරග කරන්න තියනවා. “

ජයග්‍රහණයෙන් පස්සේ Social Media වලින් ඇහෙන කතා

තරග කිහිපයක් වර්ෂාවෙන් සේදී යාම නිසාවෙන් 12 වැනි ICC ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වටය දෙසට…

“මේක ලොකු අවස්ථාවක් බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවට හා කොදෙව් කණ්ඩායමට තරග කීපයක් ජයග්‍රහණය කරලා ලකුණු ලබාගෙන පරතරය අඩු කරගැනීමට.”

1996 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමකට ලක්ව ලෝක කුසලානයට එක්වුවද මේ වන විට ඔවුන් අංක 5 ස්ථානයේ රැඳී සිටී. ශ්‍රී ලංකාවට තවමත් ලෝක කුසලාන සිහිනය හඹා යාමේ අවස්ථාව පවතී.

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<