ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සම්පූර්ණයෙන්ම ජය ගැනීමට අද (17) සත්කාරක දකුණු අප්‍රිකානු පිළ සමත් විය. ඒ කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී පැවති අවසන් එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 41කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ පෙරළිකාරී වටය ඇරඹේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ තරග…
තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් වූ අතර ඔහු මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තේය. ඒ අදවත් ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තුවෙනි. මෙම තරගාවලියේ පසුගිය තරග රැසක දී දරුණු පරාජයන් අත්වීමට හේතුව ද දුර්වල පිතිකරණයයි. එම නිසා අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළේ පිතිපෙළ තවත් දීර්ඝ කරමින් ඇන්ජෙලෝ පෙරේරා සහ අකිල ධනංජය කණ්ඩායමට කැඳවා තිබුණි. ඒ කමිඳු මෙන්ඩිස් සහ කසුන් රාජිත වෙනුවටයි.
Photos: Sri Lanka vs South Africa – 5th ODI
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 4කට ක්‍රීඩා කර ඇති ඇන්ජෙලෝ පෙරේරා එහි දී රැස් කරගෙන තිබුණේ ලකුණු 8ක් පමණි. නමුත් ඔහු දේශීය පිටියේ දී දක්වන දක්ෂතා මත පදනම්ව ඔහුට නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අද අවස්ථාවක් හිමි විය. අද තරගය වෙනුවෙන් දකුණු අප්‍රිකානු පිළ වෙනස්කම් 4ක් සිදු කරමින් කලින් තරගයට ක්‍රීඩා කළ රීසා හෙන්රික්ස්, ඩේවිඩ් මිලර්, ඩේල් ස්ටේන් සහ තබ්‍රයිස් ශම්සි වෙනුවට වැන් ඩර් ඩුසේන්, ඩ්වේන් ප්‍රිටෝරියස්, කාගිසෝ රබාඩා සහ ඉම්රාන් තහීර් කැඳවා තිබුණි.
අද තරගය සඳහා දකුණු අප්‍රිකාවේ ඇති හොඳින්ම ලකුණු ඇති ක්‍රීඩාංගණයක් වෙන්කර තිබුණ ද, ඒ මත දී මුලින් පිතිකරණයේ යෙදෙන්නට අවස්ථාව ලැබුණ ද ශ්‍රී ලංකා පිළ ඉන් ප්‍රයෝජනයක් ගන්නා බවක් මුල සිටම පෙනෙන්නට තිබුණේ නැත. ඉනිමේ ආරම්භය අසාර්ථක කරමින් උපුල් තරංග අද ලකුණු 2කට දැවී ගියේ ස්ලිප් කලාපය වෙත උඩපන්දුවක් ලබා දෙමිනි. ඔහු මෙම තරගාවලියේ තරග 3ක් ක්‍රීඩා කරමින් ලබා ගත්තේ ලකුණු 15ක් පමණි. යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ද කඩුල්ල තුලට යොමුවුනු පන්දුවක් හඳුනා ගැනීමට නොහැකිව ලකුණු 9කට දැවී ගියේය.
සචිත්‍ර සහ උදාර ශතක පෙනී පෙනී නතර වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ…
ඉන් අනතුරුව ලකුණු 49ක සබඳතාවයක් ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් අතරේ ගොඩ නැගුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් පා දඟපන්දු යවන්නන් හමුවේ දක්වන දුර්වලතාවය නැවත වරක් ප්‍රදර්ශනය කරමින් තහීර්ගේ ආගමනයත් සමඟම ඕෂධට කඩුල්ල අහිමි විය. දැවී යන විට ඔහු හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබාගෙන තිබුණි. පිටියට පැමිණි මොහොතේ සිට ක්‍රමයෙන් ලකුණු පුවරුව කැරකැවීමට සහය දුන් ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 31ක් රැස් කළ ද අවසානයේ තහීර්ටම ගොදුරු වී පිටිය හැර ගියේය. ශ්‍රී ලංකා පිළේ කුප්‍රකට දුර්වලතාවයෙන් උපරිම ඵල නෙලාගත් තහීර් පන්දු යැවීම අවසන් කළේ ලකුණු 33කට කඩුලු 2ක් දවා ගනිමිනි.
ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අද දිනයේ වැඩිම ලකුණු ලබාගත් කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් රැස්කළේ පන්දු 84කට මුහුණ දෙමිනි. අනෙක් අන්තයෙන් කඩුලු බිඳ වැටෙද්දී වේගවත් පහරවල් කරා නොගිය මෙන්ඩිස් අද එල්ල කළේ හතරේ පහර 3ක් පමණි. කෙසේ වෙතත් ඉනිමේ තීරණාත්මක මොහොතක දී මෙන්ඩිස් දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම නැවතත් අඩු ලකුණකට නිමාවන බවට ඉඟි පළ කරමිනි. මෙම තරගාවලියේ තරග 5ම ක්‍රීඩා කළ ද පිත්තෙන් කැපී පෙනෙන යමක් කිරීමට අපොහොසත් වූ තිසර අදත් ලකුණු 2කට දැවී ගියේය. ධනංජය ද සිල්වා ද ඉක්මන් ලකුණු 12ක් ලබා ගත්ත ද ශ්‍රී ලංකා පිළ ඔහුගෙන් අපේක්ෂා කළේ එවැනි සුළු ලකුණක් නොවේ.
කෙසේ වෙතත් ඉනිමේ අවසන් කොටසේ දී ප්‍රියමාල් පෙරේරා සහ ඉසුරු උදාන යම් සටනක් ලබා දීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 225ක් දක්වා ඉදිරියට ගෙන එන්නට හැකි විය. පසුගිය තරගයේ දී ලබා ගත් විශිෂ්ට ලකුණු 78 නිසා තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ ඉසුරු උදාන අදත් සාර්ථක වෙමින් ලකුණු 32ක් ලබා ගත්තේ පසුපෙළ පිතිකරුවෙකු ලෙස තම උපරිම දායකත්වය දක්වමිනි. ප්‍රියමාල් පෙරේරා ද තම මංගල එක්දින තරගයේ අඳුරු මතකය හැරදමා අද ලකුණු 33ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 3ක් බිඳ හෙලද්දී අන්රික් නොට්ජේ සහ ඉම්රාන් තහීර් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ.
ඕශදී සහ නිලක්ෂි ගඟට ඉනි කපයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට…
ලකුණු 226ක පහසු ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිළේ මුල් කඩුල්ල ලෙස ක්වින්ටන් ඩි කොක් දැවී ගියේ ලකුණු 6කටයි. මෙම සංචාරය පුරාවට ශතක සහ අර්ධ ශතක රාශියක් රැස් කරගත් ඩි කොක්ගේ කඩුල්ලේ හිමිකරු බවට පත්වූයේ නායක ලසිත් මාලිංගයි. කෙසේ වෙතත් දෙවැනි කඩුල්ල දවා ගැනීමට දකුණු අප්‍රිකානු පිළ තවත් ලකුණු 70ක් ලබා ගන්නා තුරු බලා සිටීමට සිදු වූ නිසා ශ්‍රී ලංකා පිළෙන් ජයග්‍රහණ බලාපොරොත්තු සෑහෙන දුරට ඈත් විය. දෙවැනි කඩුල්ල ලෙස ප්ලෙසිස් දැවී ගියේ ලකුණු 24කටයි.
ඉන් අනතුරුව ඒඩන් මාර්ක්‍රම් සහ වැන් ඩර් ඩුසේන් අතරේ නැවතත් ලකුණු නොබිඳුනු 57ක සබඳතාවයක් ගොඩ නැගුණු අතර එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට නොහැකි වූයේ ක්‍රීඩාංගණයේ ආලෝක ලාම්පුවල ඇතිවූ දෝෂයක් නිසාවෙනි. පැය දෙකක් උත්සාහ කිරීමෙන් අනතුරුව ද එය නැවත පිළිසකර කර ගැනීමට හැකි නොවීය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගය අනපේක්ෂිත ලෙස නවතන්නට සිදු වූ අවස්ථාව වන විට ලකුණු 41ක් ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජය හිමි විය.
ඒ වන විට ආරම්භක පිතිකරු ඒඩන් මාර්ක්‍රම් නොදැවී ලකුණු 67ක් ද, වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 28ක් ද ලබා සිටියහ. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ද තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඒඩන් මාර්ක්‍රම්ටයි. තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ භීතිකාව බවට පත්වූ ක්වින්ටන් ඩි කොක් නම් කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා පිළේ එක්දින අපලය කිසිදු විසඳුමකින් තොරව තවදුරටත් ක්‍රියාත්මක බව කිව හැකිය. දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 19 වැනිදා ආරම්භ වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<