ඕශදී සහ නිලක්ෂි ගඟට ඉනි කපයි

184

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග මාලාව යටතේ පැවැත්වෙන, ශ්‍රී ලංකාව සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 154ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම අද (16) සමත් විය.

එංගලන්ත ක්‍රීඩිකාවෝ වසර දෙකහමාරකට පසුව මෙරටට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින හා විස්සයි විස්ස…

එංගලන්ත කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 331ක් රැස්කළ අතර වර්ෂාව හේතුවෙන් ලකුණු 314ක ඉලක්කයක් හිමි විය. එහෙත් පන්දුවාර 40 අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ රැස්කර ගැනීමට සමත් වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරේ 35 වැනි පන්දුවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය. පැයක කාලයක ප්‍රමාදයෙන් ඇරඹි තරගයේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දුවාර 40ක දී හිමි වූ ඉලක්කය 314ක්.

අදාළ ඉලක්කය හඹා යෑමේ දී පළමු කඩුලු 7 ලකුණු 46ක් තුළ දී බිඳ වැටී අසීරු තත්ත්වයක පසු වද්දී අටවැනි කඩුල්ල වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා සහ ඕශදී රණසිංහ එක්ව ලකුණු 88ක සම්බන්ධතාවක් නොතබන්නට ශ්‍රී ලංකාවට ලකුණු 100 කඩඉම පසු කිරීමට නොහැකි වනු ඇත. එම සම්බන්ධතාව නිසා තරගය නිමා වන විට ලකුණු 159ක් තරම් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමේ අවකාශ හිමි විය. එහි දී කැපී පෙනුණු නිලක්ෂි ද සිල්වා පන්දු 78ක දී ලකුණු 45ක් රැස් කළාය.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකාව සමත් වූ නමුත් ඇයගේ ආරාධනය අනුව පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත පිතිකාරිණියෝ තණතිල්ලේ වාසිය තමන් සතු කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි.

​සචිත්‍ර සහ උදාර ශතක පෙනී පෙනී නතර වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ…

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉදිරියේ මැනවින් පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිමේ ආරම්භක පිතිකාරිණියන් වූ අමී ජෝන්ස් සහ ටමී බමුන්ට් පළමු කඩුල්ල සඳහා ලකුණු 114ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වූ අතර තරගයේ 21 වැනි පන්දුවාරයේ දී ටමී බමුන්ට් දවා ගනිමින් එම සබඳතාවය බිඳ දැමීමට ඕශදී රණසිංහ සමත් විය. ඒ වන විට බමුන්ට් ලකුණු 35ක් රැස් කර ගෙන තිබුණි.

බමුන්ට්ගේ දැවී යාමෙන් පසු නවක ක්‍රීඩිකාව ලෙස පැමිණි ලෝරන් වින්ෆීල්ඩ් තරගයේ ඊළඟ පන්දුවාරයේ දී ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊට තවත් එක් පන්දුවාරයකට පසු එනම් තරගයේ 23 වැනි පන්දුවාරයේ දී ආරම්භක පිතිකාරිණිය වූ අමී ජෝන්ස්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වූයේ නැවතත් තරගයට අවතීර්ණ වීමේ ඉඩ ප්‍රස්තාව විවර කර ගනිමිනි. ජෝන්ස් දැවී යන විට එංගලන්ත  ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 3කට ලකුණු 118ක් ලෙසිනි.

ආරම්භක පිතිකාරිණිය ලෙස තම වගකීම මනාව ඉටු කළ ජෝන්ස් දැවී යන විට ලකුණු 79ක් රැස් කර තිබුණු අතර ඇය ඒ සඳහා වැය කර තිබුණේ පන්දු 71ක් පමණි. වින්ෆීල්ඩ්ගේ මෙන්ම ජෝන්ස්ගේ ද ඉනිම අවසන් වූයේ දුවද්දී දැවී යාමට ලක්වීමෙන් වීම ද විශේෂත්වයක් විය.

නමුත් එතැන් සිට එංගලන්ත ඉනිමේ බර කරට ගත් එංගලන්ත නායිකා හේදර් නයිට්, නතාලියා ස්කීවර් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා අගනා ලකුණු 113ක සබඳතාවයක් පිහිටු විය.

වෙනස්කම් දෙකක් සමඟින් ශ්‍රී ලංකාව අවසන් එක්දින සටනට!

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසානය සනිටුහන් කරමින් අද (16)…

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නයිට් පන්දු 64ක දී ලකුණු 61ක් රැස් කළ අතර එංගලන්ත ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩිකාව වූ නතාලියා ස්කීවර් ලකුණු 93ක් රැස් කළේ පන්දු 73කට පමණක් මුහුණ දෙමිනි. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට දිගට හරහට බැට දුන් නතාලියා තම ඉනිම හැඩ කර ගත්තේ හතරේ පහර 9ක් සහ දැවැන්ත හයේ පහරක් ද ඊට එක්කර ගනිමිනි.

නයිට්ගේ දැවී යාමෙන් පසු නතාලියා සමඟ එකතු වූ ඩැනියෙන් වේට් ද පිටිය සිසාරා පහර එල්ල කරමින් එංගලන්ත ලකුණු පුවරුව වේගයෙන් ඉහළ නැංවීමට දායකත්වය දැක්විය. පන්දු 26කට පමණක් මුහුණ දුන් වේඩ් එහි දී ලකුණු 47ක් රැස් කර ගත්තේ හතරේ පහර හයක් සහ එක් හතරේ පහරක් ද සමඟිනි.

ඒ අනුව නියමිත පන්දුවාර පනහ අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 7කට ලකුණු 331ක් ලෙසිනි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ඵල නෙලා ගත් එකම පන්දු යවන්නිය වූ ඕශදී රණසිංහ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ නමුත් ඇයගේ පන්දුවාර දහය තුළ ලකුණු 71ක් උදුරා ගන්නට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වී තිබුණි.

එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 50ක දී 331/7  – නතාලියා ස්කීවර් 93, හෙදර් නයිට් 61, ඇමී ජෝන්ස් 79, ටැමී බියුමන්ට් 35, ඩැනියෙල් වයිට් 47, ඕශදී රණසිංහ 71/2

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 40ක දී 159/8 – චමරි අතපත්තු 30, නිලක්ෂි ද සිල්වා 45, ඕශදී රණසිංහ (නොදැවී 51, කැතරීනා බ්‍රන්ට් 24/3, කැතී ක්‍රොස් 33/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

England Women

331/7

(50 overs)

Result

Sri Lanka Women

159/8

(40 overs)

ENGW won by 154 runs (D/L)

England Women’s Innings

Batting R B
AE Jones (runout) Siriwardane 79 71
TT Beaumont c Jayangani b Ranasinghe 35 53
L Winfield (runout) Madavi 2 8
HC Knight c Madavi b Ranasinghe 61 66
NR Sciver c Madavi b Jayangani 93 73
DN Wyatt (runout) Karunarathne 47 26
FC Wilson (runout) Madavi 8 3
KH Brunt not out 0 0
Extras
6 (b 2, lb 3, w 1)
Total
331/7 (50 overs)
Fall of Wickets:
1-114 (TT Beaumont, 20.1 ov), 2-118 (AE Jones, 21.6 ov), 3-118 (L Winfield, 22.2 ov), 4-231 (HC Knight, 41.2 ov), 5-321 (DN Wyatt, 48.6 ov), 6-331 (FC Wilson, 49.5 ov), 7-331 (NR Sciver, 49.6 ov)
Bowling O M R W E
Udeshika Prabodhani 7 1 60 0 8.57
Inoka Ranaweera 10 0 50 0 5.00
Oshadi Ranasinghe 10 0 71 2 7.10
Harshitha Madavi 1 0 9 0 9.00
Shashikala Siriwardene 10 0 42 0 4.20
Chamari Athapatthu 10 0 75 1 7.50
Hansima Karunarathne 2 0 19 0 9.50

Sri Lanka Women’s Innings

Batting R B
Anushka Sanjeewani c Beaumont b Brunt 0 3
Chamari Athapatthu c Knight b Cross 30 45
Prasadini Weerakkody lbw by Shrubsole 4 5
Shashikala Siriwardena c Shrubsole b Brunt 0 6
Harshitha Madavi c & b Brunt 3 8
Hasini Perera (runout) Cross 0 2
Hansima Karunarathne (runout) Wyatt 4 11
Nilakshi de Silva c Jones b Cross 45 78
Oshadi Ranasinghe not out 51 72
Udeshika Prabodhani not out 7 12
Extras
15 (lb 7, nb 2, w 6)
Total
159/8 (40 overs)
Fall of Wickets:
1-0 (MAA Sanjeewani, 0.3 ov), 2-15 (PM Weerakkody, 3.1 ov), 3-16 (HASD Siriwardene, 4.4 ov), 4-20 (H Madavi, 6.4 ov), 5-21 (GWHM Perera, 7.2 ov), 6-38 (H Karunaratne, 11.4 ov), 7-46 (AC Jayangani, 13.3 ov), 8-134 (NND de Silva, 36.1 ov)
Bowling O M R W E
KH Brunt 7 1 24 3 3.43
A Shrubsole 7 1 9 1 1.29
LA Marsh 8 1 33 0 4.13
KL Cross 7 0 33 2 4.71
DN Wyatt 5 0 22 0 4.40
HC Knight 6 1 31 0 5.17