​සචිත්‍ර සහ උදාර ශතක පෙනී පෙනී නතර වේ

262

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී මුවර්ස්, සී. සී. සී, සැරසන්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට අද (15) සුදුසුකම් ලබා ගත්තේ ය.

අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ පෙරළිකාරී වටය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ තරග වටය ආරම්භ කරමින් පැවැත්වෙන…

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ  වාසිය දිනූ යුද හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දී සියලුම දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 210ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් චාමර සිල්වා පන්දු 59කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 77ක් ලබා ගත්තේ ය. ඊට අමතරව රමේෂ් මෙන්ඩිස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 55ක් වැය කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එම ඉනිමට අඩංගු විය.

Photos: Army SC vs Moors SC | Major Limited Overs Tournament 2018/19

චාමර සිල්වා සහ රමේෂ් මෙන්ඩිස් අතර 5 වැනි කඩුල්ලට එක්වූ ලකුණු සබඳතාව 125කි.  කඩුලු ලබා ගැනීමේ දී සීක්කුගේ ප්‍රසන්න පිට පිට පන්දු දෙකක දී ලත් කඩුලු 2ක් ද සමඟින් ලකුණු 48කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

යුද හමුදා ඉනිම වෙනුවෙන් ඩිල්ශාන් ද සොයිසා අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන ශිරාන් ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

යුද හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 209 (49.4) දුශාන් විමුක්ති 22, ඩිල්ශාන් ද සොයිසා 57, සීක්කුගේ ප්‍රසන්න 39, සංජික රිද්ම 22, ජනිත් සිල්වා 35, ශිරාන් ප්‍රනාන්දු 4/25, නිමන්ද සුබසිංහ 2/52, රමේෂ් මෙන්ඩිස් 2/38

මුවර්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 210 (39.3) ඉරෝෂ් සමරසූරිය 21, චාමර සිල්වා නොදැවී 77, රමේෂ් මෙන්ඩිස් 53, සීක්කුගේ ප්‍රසන්න 3/48

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක්

නවසීලන්ත සංචාරයක නිරත වී සිටින බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ක්‍රයිස්ට් චර්ච්හි අද (15) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනූ නාමයෙන් දිවි ගලවා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

සී. සී. සී. සහ එන්. සී. සී.

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 46ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ එන්. සී. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 297ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එන්. සී. සී. ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 251ක් පමණි.

එන්. සී. සී. ඉනිමේ දී ලහිරු උදාර පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 96ක් ලබා ගත්තේ ය. ඊට අමතරව හසිත බෝයගොඩ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

සී. සී. සී. ඉනිම වෙනුවෙන් මාධව වර්ණපුර, මිනෝද් භානුක සහ වනිඳු හසරංග අර්ධ ශතක ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. කඩුලු ලබා ගැනීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න ලකුණු 36කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

සී. සි. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 297 (48.3) ඩිල්ශාන් මුණවීර 31, රොන් චන්ද්‍රගුප්ත 24,  මාධව වර්ණපුර 56, මිනෝද් භානුක 66, වනිඳු හසරංග 51, ලසිත් අබේරත්න 31, ඩිලේහ් ගුණරත්න 2/48, චාමික කරුණාරත්න 4/36

එන් . සී. සී. කණ්ඩායම;  සියලුම දෙනා දැවී 251 (48.3) ලහිරු උදාර 96, මහේල උඩවත්ත 43, හසිත බෝයගොඩ 50, නිමේෂ ගුණසිංහ  25, ලහිරු ගමගේ 3/53, මාලින්ද පුෂ්පකුමාර 2/32, ඩිල්ශාන් මුණවීර 2/39


පානදුර ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සැරසන්ස් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි පානදුර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 245ක් රැස් කළ අතර සැරසන්ස් ක්‍රීඩකයෝ ඊට පිළිතුරු ලෙසින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 249ක් ලබා ගත්හ.

Photos: Saracens SC vs Panadura SC | Major Limited Overs Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් ඇන්ඩි සොලමන්ස්, ගමිඳු අමරසිංහ සහ නායක මිලින්ද සිරිවර්ධන අර්ධ ශතක ලබා ගත් අතර ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 56කට හතරේ පහර  7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගත් මිලින්ද සිරිවර්ධන ය.

පානදුර ඉනිම වෙනුවෙන් අසන්ත බස්නායක පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 75ක් ලබා ගත්තේ ය.

පානදුර ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී  245 (49.2) විශ්ව චතුරංග 42, මිෂේන් සිල්වා 35, අසන්ත බස්නායක 75, සාලිය සමන් 3/48, ඇන්ඩි සොලමන්ස් 2/61, රනිත ලියනාරච්චි 2/31

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 3ක් දැවී 249 (42.4) රනිත ලියනාරච්චි 44, ඇන්ඩි සොලමන්ස් 51, ගමිඳු අමරසිංහ 56, මිලින්ද සිරිවර්ධන නොදැවී 69, අශේන් බණ්ඩාර නොදැවී 25, ෂෙශාන් වීරසිංහ 2/54

කළණ සහ මධුරම්‍ය පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල…

රාගම ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. අතර තරගය

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 204ක් රැස් කළ අතර එස්. එස්. සී. ක්‍රීඩකයෝ එම අභියෝගය කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගත්හ.

Photos: SSC vs Ragama CC | Major Limited Overs Tournament 2018/19 – Quarter-Final

එස්. එස්. සී. ඉනිමේ දී සචිත්‍ර සේනානායක පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර  4ක් සමඟින් නොදැවී ලකුණු 96ක් ලබා ගත්තේ ය. ඊට අමතරව සඳුන් වීරක්කොඩි අර්ධ ශතකයක් වාර්තා කළේය.

රාගම ඉනිම වෙනුවෙන් සංජය චතුරංග අර්ධ ශතකයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තේය.

රාගම ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 204 (49.5) සමීර ද සොයිසා 31, සංජය චතුරංග 58, ඉෂාන් ජයරත්න 42, ධම්මික ප්‍රසාද් 3/35, නුවන් ප්‍රදීප් 4/30, සචිත්‍ර සේනානායක 2/38

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 5ක් දැවී 205 (39.2) සඳුන් වීරක්කොඩි 64, සචිත්‍ර සේනානායක නොදැවී 96, ආකාශ් සේනාරත්න 21, නිශාන් පීරිස් 2/63, අමිල අපොන්සු 2/33

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මේ මස 17 වැනිදා පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<