Home Sinhala කෲස්පුල්ලේ සහ රමේෂ් ශ්‍රී ලංකා ගෞරවය රැක ගනී

කෲස්පුල්ලේ සහ රමේෂ් ශ්‍රී ලංකා ගෞරවය රැක ගනී

දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

4376
දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්දින තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) මහනුවර පල්ලෙකැලේ, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

සිව්දින තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 325ක් ලබා ගත්තා.

පළමු තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම

  • ශ්‍රී ලංකා A – Lasith Croospulle, Lahiru Udara, Nuwanidu Fernando, Kamindu Mendis, Nipun Dhananjaya (c), Janith Liyanage, Lakshitha Manasinghe, Ramesh Mendis, Lasith Embuldeniya, Milan Rathnayake, Dilshan Madushanka

  • දකුණු අප්‍රිකානු A – Tony de Zorzi (c), Dewald Brevis, Jordan Hermann, Keegan Petersen, Matthew Breetzke, Sinethemba Qeshile, Lizaad Williams,Senuran Muthusamy, Gerald Coetzee, Tristan Stubbs, Kwena Maphaka

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා A නායක නිපුන් ධනංජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ උදාර සහ කෲස්පුල්ලේ ලකුණු 66ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. උදාර ලකුණු 42ක් ලබාගෙන සිටිය දී අද දින සිය මංගල පළමු පෙළ තරගය ක්‍රීඩා කළ Kwena Maphakaගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

අනෙක් අන්තයේ කඩුලු වැඩි සබඳතාවයක් ගොඩනැංවීමට පෙර බිඳ වැටෙන පසුබිමක ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු කෲස්පුල්ලේ 4 පහර 11ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් පන්දු 119 තුල ලකුණු 98ක් ලබාගෙන සිය ශතකයට ආසන්නව සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු සටහන 197/5ක් ලෙස සටහන් වුනා. කෲස්පුල්ලේ අද දිනයේ දී ලබා ගත්තේ සිය 16 වැනි පළමු පෙළ අර්ධ ශතකයයි.

ලකුණු 189කට කඩුලු 4ක් බිඳ වැටී ගොස් තිබුණු ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ කඩුලු ඉතාමත් ඉක්මනින් දවා ගන්නට Muthusamy ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුනා. එහි දී ලකුණු 28ක් තුල කඩුලු 4ක් බිඳ වැටීම ශ්‍රී ලංකා ලකුණු සටහනට විශාල අභියෝගයක් වුනු පසුබිමක, රමේෂ් මෙන්ඩිස් සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් පසුපෙළ පිතිකරුවන් හා එක්ව ශ්‍රී ලංකා ඉනිම සටන්කාමී ලකුණකට රැගෙන ගියා.

අවසන් පෙළ කඩුලු කිහිපය බිඳ වැටීමට පෙර ඉතාමත් ඉක්මනින් ලකුණු ලබා ගැනීම සිදු කළ රමේෂ් පන්දු 89ක් තුල ලකුණු 78ක් ලබාගත්තේ 4 පහර 12ක් සිය ඉනිමට ඇතුළත් කරගෙනයි.

එහි දී ඔහු සිය 17 වැනි පළමු පෙළ එක්දින අර්ධ ශතකය වාර්තා කළා. පසුපෙළට සවියක් වුනු ඇඹුල්දෙනිය සහ රත්නායක පිළිවෙළින් ලකුණු 15ක් සහ නොදැවී ලකුණු 23*ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු පුවරුව සවිමත් කළා. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන Muthusamy ලකුණු 122කට කඩුලු 7ක් දවා ගනිමින් සිය 11 වැනි පළමු පෙළ කඩුලු 5 අවස්ථාව සපුරා ගත්තා.

Result


Sri Lanka A Team
325/10 (83) & 151/10 (38.4)

South Africa A Team
131/10 (40) & 185/10 (50)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle lbw b Senuran Muthusamy 98 119 11 4 82.35
Lahiru Udara c Jordan Hermann b Kwena Maphaka 42 61 7 0 68.85
Nuwanidu Fernando c Tristan Stubbs b Senuran Muthusamy 10 32 1 0 31.25
Kamindu Mendis c Sinethemba Qeshile b Senuran Muthusamy 28 41 2 1 68.29
Nipun Dhananjaya c Keegan Petersen b Tristan Stubbs 13 25 1 0 52.00
Janith Liyanage  lbw b Senuran Muthusamy 1 8 0 0 12.50
Lakshitha Manasinghe b Kwena Maphaka 4 33 0 0 12.12
Ramesh Mendis lbw b Senuran Muthusamy 78 89 12 0 87.64
Lasith Embuldeniya lbw b Senuran Muthusamy 15 38 2 0 39.47
Milan Rathnayake not out 23 44 3 0 52.27
Dilshan Madushanka c Kwena Maphaka b Senuran Muthusamy 4 9 1 0 44.44


Extras 9 (b 3 , lb 4 , nb 1, w 1, pen 0)
Total 325/10 (83 Overs, RR: 3.92)
Fall of Wickets 1-66 (16.3) Lahiru Udara, 2-106 (28.4) Nuwanidu Fernando, 3-154 (38.2) Kamindu Mendis, 4-189 (45.3) Nipun Dhananjaya, 5-197 (46.4) Lasith Croospulle, 6-198 (48.6) Janith Liyanage , 7-217 (56.5) Lakshitha Manasinghe, 8-272 (68.6) Lasith Embuldeniya, 9-319 (80.4) Ramesh Mendis, 10-325 (82.6) Dilshan Madushanka,

Bowling O M R W Econ
Lizaad Williams 11 2 45 0 4.09
Gerald Coetzee 12 4 28 0 2.33
Kwena Maphaka 11 3 43 2 3.91
Senuran Muthusamy 31 4 122 7 3.94
Dewald Brevis 7 0 31 0 4.43
Tristan Stubbs 11 0 49 1 4.45
Batsmen R B 4s 6s SR
Jordan Hermann b Dilshan Madushanka 0 2 0 0 0.00
Tony de Zorzi c Kamindu Mendis b Lasith Embuldeniya 9 24 1 0 37.50
Matthew Breetzke not out 59 93 5 0 63.44
Keegan Petersen c Nipun Dhananjaya b Dilshan Madushanka 19 42 2 0 45.24
Tristan Stubbs c Lahiru Udara b Dilshan Madushanka 0 3 0 0 0.00
Sinethemba Qeshile lbw b Lasith Embuldeniya 4 2 1 0 200.00
Dewald Brevis lbw b Lakshitha Manasinghe 16 23 2 0 69.57
Senuran Muthusamy c Kamindu Mendis b Lakshitha Manasinghe 7 17 0 0 41.18
Gerald Coetzee b Lakshitha Manasinghe 4 12 0 0 33.33
Lizaad Williams c Kamindu Mendis b Lakshitha Manasinghe 4 9 1 0 44.44
Kwena Maphaka st Lahiru Udara b Lakshitha Manasinghe 4 13 1 0 30.77


Extras 5 (b 3 , lb 1 , nb 0, w 1, pen 0)
Total 131/10 (40 Overs, RR: 3.27)
Fall of Wickets 1-0 (0.2) Jordan Hermann, 2-22 (7.2) Tony de Zorzi, 3-57 (18.3) Keegan Petersen, 4-57 (18.6) Tristan Stubbs, 5-66 (19.6) Sinethemba Qeshile, 6-93 (25.6) Dewald Brevis, 7-109 (31.4) Senuran Muthusamy, 8-125 (37.3) Lizaad Williams, 9-131 (39.6) Kwena Maphaka, 10-119 (3502) Gerald Coetzee,

Bowling O M R W Econ
Dilshan Madushanka 9 2 31 3 3.44
Milan Rathnayake 4 0 16 0 4.00
Lasith Embuldeniya 17 0 61 2 3.59
Lakshitha Manasinghe 10 0 19 5 1.90
Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Tony de Zorzi b Lizaad Williams 2 5 0 0 40.00
Lahiru Udara lbw b Senuran Muthusamy 9 24 1 0 37.50
Nuwanidu Fernando b Senuran Muthusamy 5 11 1 0 45.45
Kamindu Mendis lbw b Senuran Muthusamy 35 50 4 0 70.00
Nipun Dhananjaya c Sinethemba Qeshile b Kwena Maphaka 11 25 1 0 44.00
Janith Liyanage  b Senuran Muthusamy 2 9 0 0 22.22
Ramesh Mendis c & b Senuran Muthusamy 46 63 5 2 73.02
Lakshitha Manasinghe c Matthew Breetzke b Lizaad Williams 4 9 1 0 44.44
Lasith Embuldeniya c Sinethemba Qeshile b Gerald Coetzee 10 20 1 1 50.00
Milan Rathnayake c Sinethemba Qeshile b Gerald Coetzee 7 17 0 1 41.18
Dilshan Madushanka not out 0 0 0 0 0.00


Extras 20 (b 17 , lb 1 , nb 1, w 1, pen 0)
Total 151/10 (38.4 Overs, RR: 3.91)
Bowling O M R W Econ
Lizaad Williams 7 0 16 2 2.29
Gerald Coetzee 8 3 31 2 3.88
Senuran Muthusamy 16.4 3 53 5 3.23
Kwena Maphaka 6 2 27 1 4.50
Tony de Zorzi 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Tony de Zorzi lbw b Dilshan Madushanka 11 11 2 0 100.00
Jordan Hermann c Lakshitha Manasinghe b Lasith Embuldeniya 16 31 3 0 51.61
Matthew Breetzke lbw b Milan Rathnayake 14 17 2 0 82.35
Keegan Petersen c Janith Liyanage  b Ramesh Mendis 29 88 2 0 32.95
Senuran Muthusamy c Nuwanidu Fernando b Lakshitha Manasinghe 29 38 3 0 76.32
Sinethemba Qeshile run out (Ramesh Mendis) 23 43 4 0 53.49
Dewald Brevis c Lakshitha Manasinghe b Lasith Embuldeniya 20 33 3 0 60.61
Gerald Coetzee b Lakshitha Manasinghe 12 34 3 0 35.29
Lizaad Williams not out 19 27 1 0 70.37
Kwena Maphaka c Lakshitha Manasinghe b Ramesh Mendis 0 10 3 0 0.00
Tristan Stubbs retired 0 0 0 0 0.00


Extras 12 (b 4 , lb 4 , nb 2, w 2, pen 0)
Total 185/10 (50 Overs, RR: 3.7)
Bowling O M R W Econ
Dilshan Madushanka 6 0 34 1 5.67
Lakshitha Manasinghe 10 2 36 2 3.60
Milan Rathnayake 7 0 21 1 3.00
Lasith Embuldeniya 13 1 36 2 2.77
Ramesh Mendis 14 2 50 2 3.57



තරගය හෙට (13) දෙවන දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී  සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<