වැරදි හදන් වෝනර්, ස්මිත් නැවතත් සුපුරුදු ගමනට?

170
Australia's Steve Smith (L) walks to the pitch after David Warner (R) was dismissed during a one-day cricket practice match between Australia and New Zealand in Brisbane on May 6, 2019. (Photo by Patrick HAMILTON / AFP) / -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE --

ඕස්ට්‍රේලියානු ප්‍රබල ක්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර් හා ස්ටීව් ස්මිත් වසර කිහිපයකට පසු නැවත ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින පිටියට පිවිසීමට නියමිතයි. පන්දුව පළුදු කිරීමකට වරදකරුවන් වූ ඔවුන්ට තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලදි.

ලසිත් මාලිංග තවත් තරගයක් කණපිට හරවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස ඊයේ (5) රාත්‍රියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ…

ඩේවිඩ් වෝනර් හා ස්ටීව් ස්මිත් පසුගිය දා ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස ඕස්ට්‍රේලියාව විසින් පවත්වන ලද පුහුණු කඳවුරට සහභාගි විය. 2018 වසරේ මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගයේ දී මෙම පන්දුව පළුදු කිරීමේ සිද්ධිය වාර්තා විය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බෑන්ක්‍රොෆ්ට් විසින් වැලි කඩදාසියක් මගින් පන්දුව පළුදු කරන ආකාරය කැමරා කාචවල සටහන් වී තිබූ අතර පසුව කළ පරීක්ෂණවල දී එවකට ඕස්ට්‍රේලියානු ටෙස්‍ට් නායක ස්ටීව් ස්මිත් හා උපනායක ඩේවිඩ් වෝනර් ද එම සිද්ධියට සම්බන්ධ බව හෙලි වීම නිසා ඔවුන්ට ද වසරක තරග තහනමක් පනවන ලදි. මෙම සිද්ධිය “sandpapergate scandal” ලෙස හැදින්වේ. ස්මිත්ගෙන් හිස්වූ ඕස්ට්‍රේලියානු ‍ටෙස්ට් නායකත්වයට ටිම් පේන් පත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ වෝනර් හා ස්මිත් ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව ඔවුන්ට වයිරස් උණ රෝගයක් වැල දී තිබූ අතර එම නිසා පුහුණු සැසි කිහිපයකට සහභාගි නොවීය. ලබන සඳුදා පැවැත්වීමට නියමිත නවසීලන්ත පුහුණු තරග සඳහා පැවති පුහුණුවීම් වලට සහභාගි විය.

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පවසා ඇත්තේ වෝනර් හා ස්මිත් හොඳ ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බවයි.

ලෝක කුසලානෙට කලින් මාලිංගට රෙස්ට් එකක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් මාසයකට අධික කාලයක් තිස්සේ දැඩි වෙහෙසට පත්ව සිටින මුම්බායි…

“මම එහෙම හිතනවා. එයාලා අසනීප වෙලා හිටියා. ඒත් දැන් එයාලා හොඳ යෝග්‍යතාවකින් ඉන්නවා” ඔහු වාර්තාකරුවන්ට පවසා ඇත.

ස්මිත් හා වෝනර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තම සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සමත් විය. වෝනර් විසින් තරග 12 දී ලකුණු 692ක් වාර්තා කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැංගර් පවසා ඇත්තේ වෝනර් හා ස්මිත් කිසිදු පීඩනයකින් තොරව සිටින බවයි. “එයාලා ආයෙත් කණ්ඩායමේ ඉන්නවා. ඔවුන් කණ්ඩායමට ආව එක ඉතාම වටින දෙයක්” ලැංගර් තවදුරටත් පවසා ඇත.

මැක්ස්වෙල් පවසා ඇත්තේ කිසිදු අපහසුවකින් තොරව ඔවුන් කණ්ඩායම සමඟින් සිටින බවයි.

“එයාලා ආව ගමන් අපිට දැන ගන්න ඕන වෙලා තිබ්බේ එයාලා IPL සෙල්ලම් කරපු විදිහ අපිට දැන ගන්න ඕනෙකම තිබ්බේ වෝනර් ජොනී බෙයාස්ට්‍රෝ එක්ක Sunrises Hyderabad ඕපන් කරපු විදිහ අහගන්න”

“එයාලා දෙන්නම සුපිරි තරු. මම ඒ දෙන්නම IPL සෙල්ලම් කරන විදිහ බලාගෙන හිටියා. එයාලා දෙන්නම ඉතාමත් දක්ෂ විදිහට සෙල්ලම් කරා, එයාලා කණ්ඩායමට ආව එක අපිට ගොඩක් ලොකු දෙයක්.”

ස්මට්ස් මට්ටු කළ ලයන්ස් පිළ ශූරතාවය රැගෙන යයි!

පුරා මසක් තිස්සේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවති CSA T20 Challenge තරගාවලිය ඊයේ (06) නිමාවට පත්වූයේ…

ඕස්ට්‍රේලියාව 2015 ලෝක කුසලාන ශූරයන් ලෙස මෙවර තරගාවලියට පිවිසෙන අතර ඕස්ට්‍රේලියාව නවසීලන්තය සමගින් පුහුණු තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිත අතර එහි දී කණ්ඩායමේ අඩුපාඩු සියල්ල මකාගැනීම ලැංගර්ගේ අරමුණ වනු ඇත.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියට පිවිසෙන්නේ දක්ෂතා අතර සිටින කණ්ඩායම ලෙස වන අතර ඔවුන් ඉන්දියාවට හා පාකිස්තානයට එරෙහිව පිට පිට එක්දින තරග 8ක් ජයග්‍රහණය කර ඇති අතර ආරම්භක පිතිකරුවන් වන ඒරන් ෆින්ච් හා උස්මාන් කවාජා ද දස්කම් අතර සිටීම ඕස්ට්‍රේලියාවට ප්‍රබල ස්ථානයක් හිමි කර දී ඇත.

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැංගර් හට විසඳා ගත යුතු ප්‍රබලතම ගැටලුව වී ඇත්තේ කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ‍දෙදෙනා ගැනයි. උස්මාන් කවාජා හා ඒරන් ෆින්ච් දැනට ආරම්භක පිතිකරුවන් ලෙස ප්‍රබල ස්ථානයක සිටින නමුත් සාම්ප්‍රදායික ආරම්භක පිතිකරු වන ඩේවිඩ් වෝනර් ද IPL තරගාවලියේ දී දක්ෂතා දැක්වීම නිසා ඔහුට ද ආරම්භ පිතිකරු වගකීම ඉටු කළ හැකිය. සඳුදා පැවැත්වෙන පුහුණු තරගයේ දී ලැංගර් විසින් එම ගැටලුවක් විසඳා ගනු ඇත.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<