Messiට තවත් සම්මානයක්

192

Laureus Sport for Good පදනම විසින් වාර්ෂිකව ලබා දෙන Laureus වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා.

මෙයට අමතරව එම සම්මාන උළෙලේ වසරේ කණ්ඩායමට (සියලු ක්‍රීඩාවලින්) හිමි සම්මානය ද දිනා ගත් අතර 2022 ලෝක කුසලානයේ දැක්වූ දස්කම් මත ඔවුන්ට එය හිමි වුනා.

මෙය ඔහු එම සම්මානය දිනා ගත් දෙවැනි වතාව මෙය වන අතර මීට පෙර ඔහු 2020 වසරේ දී Formula One ධාවක Lewis Hamilton සමඟ සම සම්මාන ලැබුවා. එමෙන්ම එකම වසරක් තුළ වසරේ ක්‍රීඩකයා සහ වසරේ කණ්ඩායම යන සම්මාන ද්විත්වයම ලැබූ එකම ක්‍රීඩකයා බවට පත්වීමට ද Messiට හැකි වීම විශේෂත්වයක්.

“මම බැලුවා Laureus සම්මානය මීට කලින් දිනා ගෙන තියෙන සුවිශේෂී ක්‍රීඩකයින්ගේ නාමයන් ගැන. Schumacher, Woods, Nadal, Federer, Bolt, Hamilton සහ Djokovic යන ලෝක ක්‍රීඩා පිටියේ විශිෂ්ට ක්‍රීඩකයින් මට කලින් ඒක දිනලා තියෙන්නේ. එම කණ්ඩායමට ඇතුළත් වීමට ලැබීම මට ඉතාම ගෞරවයක්,” යැයි Lionel Messi ප්‍රකාශ කළා.

2022 වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ Shelly-Ann Fraser-Pryce වසරේ ක්‍රීඩිකාවට හිමි Laureus සම්මානයෙන් පිදුම් ලැබුවා.

එම වසරේ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ජයග්‍රහණය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට පැමිණි Carlos Alcaraz, Laureus World Breakthrough සම්මානය දිනා ගත්තා.

වසරේ හොඳම නැවත පැමිණීමට හිමි සම්මානය දිනා ගත්තේ ඩෙන්මාර්ක් පාපන්දු ක්‍රීඩක Christian Eriksen විසිනුයි. 2020 යුරෝ කුසලාන තරගාවලියේ දී ඇති වූ හෘදයාබාධයෙන් පසු නැවතත් පසුගිය වසරේ ක්‍රීඩා පිටියට පිවිසෙමින් දැක්වූ දස්කම් මත ඔහුට එය හිමි වුනා.

මෙම සම්මාන උළෙලේ සම්මාන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම ගෝලීය මාධ්‍ය විසින් සිදු කරන අතර පසුව ජයග්‍රාහකයින් තෝරා ගැනීම 71ක් දෙනෙකුගෙන් යුත් Laureus World Sports Academy සාමාජිකයින් විසින් සිදු කරනවා.

දශක දෙකකට වඩා ඉතිහාසයක් ඇති මෙම සම්මාන උළෙල 2000 වසරේ සිට පැවැත්වෙනවා.

සම්පූර්ණ සම්මාන බෙදී ගිය ආකාරය,

  • වසරේ ක්‍රීඩකයා – Lionel Messi
  • වසරේ ක්‍රීඩිකාව – Shelly-Ann Fraser-Pryce
  • වසරේ කණ්ඩායම – ආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායම
  • Laureus World Breakthrough සම්මානය – Carlos Alcaraz
  • වසරේ හොඳම නැවත පැමිණීම – Christian Eriksen
  • වසරේ ක්‍රියාදාම ක්‍රීඩකයා – Eileen Gu
  • Sport for Good Award – TeamUp

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දිනෙන් දින උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<