ලෝක කුසලානෙට කලින් මාලිංගට රෙස්ට් එකක්

684

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් මාසයකට අධික කාලයක් තිස්සේ දැඩි වෙහෙසට පත්ව සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලසිත් මාලිංගට, එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර දින 10ක පමණ විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙවර ලෝක කුසලානය ගැන සංගාගෙන් ඉඟියක්

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙක් වන කුමාර්………..

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම වේගපන්දු යවන්නා බවට පත්ව සිටින ලසිත් මාලිංග, ඉකුත් සති කීපයේ සිටම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන්ම මෙරට පැවති සුපිරි පළාත් තරගාවලියට ක්‍රීඩා කරමින් දැඩි වෙහෙසට පත්ව සිටියි. මෙම තත්ත්වය සලකා බලා ඇති මෙරට ක්‍රිකට් බලධාරීහු මාලිංගව ආරක්ෂා කර ගැනීමේ අදිටනින් කෙටි විවේකයක් ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (07) එංගලන්තය බලා පිටත්ව යන අතර ඊට පෙර ස්කොට්ලන්තය සමඟ එක්දින තරග 2කට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව ලසිත් මාලිංගට එම තරග 2ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ මාලිංග ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් පිල තරගාවලියේ දෙවැනි වටය දක්වා සුදුසුකම් ලබා සිටින අතර එහි අවසන් මහ තරගය ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් එම තරගාවලිය අවසාන වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙමින් එම විවේකය ලබා ගැනීමට නියමිත බව ThePapare.com වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අවධාරණය කර සිටියේය.

ආරක්ෂාවට වග කියමින් ක්‍රිකට් ගහපු සෙබළු

2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බියෙන් සහ ……

තේරීම් කමිටුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා වශයෙන් ද කටයුතු කරන ද මෙල් මහතා, ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පෙරහුරු තරගවල සිට ලසිත් මාලිංග කණ්ඩායමට එක්වීමට නියමිත බව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

“අයි. පී. එල්. ඉවර වෙන්නේ 12 වැනිදා. මාලිංග ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විටත් දෙවැනි වටයට සුදුසුකම් ලබලා තියෙන්නේ. අපි එයාට කිව්වේ ඒක ඉවර වෙලා කොළඹට එන්න. ඇවිල්ලා දවස් 10ක් විතර රෙස්ට් කරන්න කියලා” යැයි පවසන මෙල්, “මාලිංග තමයි අපිට ඉන්න අත්දැකීම් වැඩිම පන්දු යවන්නා. ඒක නිසා වර්ල්ඩ් කප් එකේ දී අපිට මාලිංග ගැන රික්ස්ක් එකක් ගන්න කොහෙත්ම බෑ. අන්න ඒකයි අපි ඒ තීරණය ගන්න හිතුවේ” යැයි වැඩිදුරටත් පවසයි.

“මේ තත්ත්වය නිසා එයාට ස්කොට්ලන්තය එක්ක තියෙන මැච් 2 ගහන්න වෙන්නේ නෑ. එහෙම කියලා එයාව අපි මේකෙ ක්‍රීඩා කළොත් ඒක එයාගේ සෞඛ්‍ය තත්ත්වයට හොඳ නෑ. කොහොම වුනත් අපි එයාට කිව්වේ ප්‍රැක්ටිස් තරගවලට කළින් ටීම් එකට එකතු වෙන්න කියලා. එයා කෙළින්ම කාඩිෆ් වලට ඒවි” යැයි අසන්ත මහතා වැඩිදුරටත් කරුණු දැක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිල ජර්සියේ ප්‍රබල වෙනස්කමක්

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ……….

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) පස්වරුවේ ලෝක කුසලාන තරගාවලිය සඳහා වූ නිල ඡායාරූපයට පෙනී සිටින්නේ කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයා රහිතවයි.

මාලිංගට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය ජාතික පරිගණක දත්ත සැපයුම්කරු ද මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියට තම දායකත්වය ලබා දී තිබෙන හෙයින් ඔහු ද එම ඡායාරූපයට පෙනී නොසිටිනු ඇත. කෙසේ වෙතත් ඔහු ලබන 18 වැනිදා එංගලන්තයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතව තිබෙන බව ක්‍රිකට් කළමනාකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<