විශ්වකර්ම Messiගෙන් මායාකාර ගෝල හතරක්

107

ජාත්‍යන්තර පාපන්දු පිටියේ ලීග් රැසකම වැදගත් තරග කිහිපයක් මේ සති අන්තයේ දී පැවැත්වුණා.

Chelsea හා Spurs අතර

Olivier Giroud හා Marcos Alonsoගේ ගෝල ද්විත්වයෙන් Chelsea ගෝල 2-1ක් ලෙස Tottenham Hotspur පරාජය කළා. 

Liverpool හා PSG පළමු දිනයේ දී පසුබසියි

ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තරග ඊයේ (18) ආරම්භ වුණා.

Ross Barkley ගේ ව්‍යර්ථ වුණු උත්සාහයකට පසුව 15 වැනි මිනිත්තුවේ දී Giroud, Hugo Lloris පසු කරමින් පන්දුව දැල් ගත කළා. දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු තුනකට පසුව Chelsea කණ්ඩායම සිය ලකුණු පුවරුව දෙගුණ කළා. Barkley සකසා දුන් පන්දුව Alonso ක්ෂණිකව දැල් ගත කළේ Spurs දැඩි අර්බුදයකට ඇද දමමින්.

89 වැනි මිනිත්තුවේ දී Erik Lamelaගේ ප්‍රහාරයක් Antonio Rudigerගේ අතින් Own Goal අවස්ථාවක් ලෙස දැල් ගත වීමත් සමඟ Chelsea කණ්ඩායම මදක් බිය කරන්නට Spurs සමත් වුනත් ඔවුන් තරගයේ ගෝල සම කරන්නට නම් සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Chelsea 02 – 01 Tottenham Hotspur

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Chelsea – Olivier Giroud 15′, Marcos Alonso 48
  • Tottenham Hotspur – Antonio Rüdiger 89′ (og) 

Barcelona හා Eibar අතර

Lionel Messiගේ සුපිරි ගෝල හතරෙන් Barcelona ගෝල 5-0ක් ලෙස පහසුවෙන් Eibar පරාජය කළා.

පරිපාලන අර්බුද රැසක් සමඟ මේ තරගයට පිවිසුණු Barca වෙනුවෙන් 14 වැනි මිනිත්තුවේ දී Messi සිය පළමු ගෝලය වාර්තා කළා. ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙක් මග හැර යමින් ඔහු ඉතා සමබරව පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර Marko Dmitrovic පසු කරමින් අලංකාර ලෙස ඔහු පන්දුව දැල් ගත කළා. 

Arturo Vidal ගේ පන්දු යොමු කිරීමක් ලබා ගත් Messi 37 වැනි මිනිත්තුවේ දී නැවත වතාවක් පන්දුව දැල් ගත කළේ ගෝල රකින්නාට කිසිදු අවස්ථාවක් ඉතිරි නොකරමින්. 40 වැනි මිනිත්තුවේ දී ඔහු සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගත් අතර Antoine Griezmann සමඟ කළ අලංකාර පන්දු හුවමාරුවකින් පසුව ඔහු එම ගෝලය වාර්තා කළා.

Barcelona නවක ක්‍රීඩක Martin Braithwaite හට අවස්ථාවක් මඟ හැරීමෙන් අනතුරුව 87 වැනි මිනිත්තුවේ දී Messi සිය සිව්වැනි ගෝලයත් වාර්තා කළා. 89 වැනි මිනිත්තුවේ දී Artur පස්වැනි ගෝලයත් වාර්තා කළේ Barca ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට රැගෙන යමින්.  

අවසන් ලකුණු තත්වය: Barcelona 05 – 00 Eibar

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Lionel Messi (14′, 37′, 40′, 87′), Arthur (89′)

Juventus හා Spal අතර

Cristiano Ronaldo සිය 1000 වැනි පාපන්දු තරගය ගෝලයක් සමඟින් සමරුවේ SPAL කණ්ඩායමට එරෙහිව Juventus කණ්ඩායමට ගෝල 2-1ක ජයක් ලබා දෙමින්. Ronaldo අඛණ්ඩව තරග 11ක දී ගෝල වාර්තා කිරීම විශේෂත්වයක්.  

39 වැනි මිනිත්තුවේ දී Ronaldo,Juan Cuadradoගේ පන්දු යොමු කිරීමක් යොදා ගනිමින් අලංකාර ලෙස පන්දුව දැල් ගත කළ අතර Aaron Ramsey 60 වැනි මිනිත්තුවේ දී දෙවන Juventus ගෝලය වාර්තා කළා.

තාක්ෂණික බාධා රැසක් මධ්‍යයේ Andrea Petagna 69 වැනි මිනිත්තුවේ දී SPAL වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තත් ඔවුන්ට නැවතත් තරගයට පිවිසෙන්නට නම් අවස්ථාවක් තිබුණේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Juventus 02 – ද1 SPAL

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Juventus – Cristiano Ronaldo (39′), Aaron Ramsey (60′) 
  • SPAL – Andrea Petagna (69′ PEN)

Bayern Munich හා Paderborn අතර

Robert Lewandowskiගේ ජයග්‍රාහි ගෝලයෙන් Bayern Munich ගෝල 3-2ක් ලෙස Paderborn පරාජය කළා.  

25 වැනි මිනිත්තුවේ දී Serge Gnabry, Bayern වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. Manuel Neuer ප්‍රබල උත්සහයක් ව්‍යර්ථ කරමින් Paderborn ක්‍රීඩක Dennis Srbeny දක්ෂ ගෝලයකින් තරගයේ ගෝල සම කළා.

සිය උත්සාහයන් දෙවරක්ම ව්‍යර්ථ වුනත් 70 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු Lewandowski, Gnabryගේ උදව් ද සහිතව නැවතත් Bayern වෙත තරගයේ පෙරමුණ ගෙන ආවා. 

Tottenhamට නොසිතූ පරාජයක්

UEFA ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයේ තවත් තරග දෙකක් ඊයේ (19) පැවැත්වුණා.

නැවත වතාවක් Bayern පුදුම කරමින් Sven Michel, Neuer පසු කරමින් තරගයේ ගෝල සම කරන්නට සමත් වුනා. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවක් පෙනී ගියත් Lewandowski තරග 23ක් තුළ වාර්තා කළ සිය 25 වැනි ගෝලය වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය Bayern වෙත ගෙන ආවා.

අවසන් ලකුණු තත්වය: Bayern Munich 03 – 02 Paderborn

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Bayern Munich – Serge Gnabry (25′), Robert Lewandowski (70′, 88′) 
  • Paderborn – Dennis Srbeny (44′), Sven Michel (75′) 

Manchester City හා Leicester City අතර

Leicester City. කණ්ඩායම ගෝල 1-0ක් ලෙස Leicester City කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා.

අට වැනි මිනිත්තුවේ දී Leicester කණ්ඩායමේ Jamie Vardy ගෝලයක් වාර්තා කරන්නට උත්සහයක් දැරුවත් ඔහුගේ උත්සාහය ගෝල රාමුවේ වැදී ඉවත ගියා.

Kevin De Bruyneගේ දක්ෂ ප්‍රහාරයක් Kasper Schmeichel ආරක්ෂක කළ අතර Sergio Aguero 60 වැනි මිනිත්තුවේ දී ලබා ගත් දඬුවම් පහරක් Schmeichel ආරක්ෂා කළේ අලංකාර ලෙසයි. 

මිනිත්තු 10ක් ඉතිරිව තිබිය දී Gabriel Jesus ක්‍රියාත්මක වුණු අතර Riyad Mahrez පන්දු යොමු කිරීමක් ඔහු අලංකාර ලෙස දැල් ගත කළා.

අවසන් ලකුණු තත්වය: Leicester City 01 – 00 Leicester City 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Leicester City – Gabriel Jesus 80′ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<