විශිෂ්ටයන්ට සමුදීමට ඕල් බ්ලැක්ස් සූදානම්

155

2019 රග්බි ලෝක කුසලානයේ ඕල් බ්ලැක්ස් කණ්ඩායම සහභාගි වන තුන්වැනි ස්ථානය සඳහා වන තරගය එරට ප්‍රබල ක්‍රීඩකයන් රැසකගේම අවසන් තරගය වීමට නියමිතය. 

මීළඟ ලෝක කුසලානය පැවැත්වෙන්නේ කොහේ ද?

2022 වසරේ දී පැවැත්වීමට නියමිත එළඹෙන සත් සාමාජික රග්බි ලෝක….

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියට පෙර ප්‍රබලතම කණ්ඩායම ලෙස නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම අවිවාදයෙන් පිළිගැනිනි. එම තේරීමට සාධාරණයක් ඉටු කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූයේ කාණ්ඩ වටයේ සියලු තරග හා දෙවන වටයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය වැඩි ලකුණු පරතරයක් සමඟින් ජයග්‍රහණය කරමිනි. 

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම 2015 වසරේ සිට පවත්වා ගෙන ආ අපරාජිත වාර්තාව අවසන් කිරීමට එංගලන්තය සමත් වූයේ අවසන් පූර්ව වටයේ දී ලකුණු 19-07ක් ලෙස නවසීලන්තය පරාජය කරමිනි. 

කණ්ඩායම මෙහෙයවීමේ සුක්කානම අවසන් වතාවට අතට ගැනීමට නවසීලන්ත නායක කයිරන් රීඩ් සූදානම් ය. ශූරතාව දිනා ගැනීමේ අරමුණින් තරගාවලියට පිවිසි නවසීලන්තයට යම් තරමක හෝ සැනසීමක් ගෙන දීමට මෙම තරගයේ ජයග්‍රහණය උපකාරි වනු නොඅනුමානය. 

නවසීලන්තය හා වේල්සය අතර තරගය එරට පුහුණුකරු ස්ටීව් හැන්සන්ගේ අවසන් තරගය ද වීම සුවිශේෂීය. වේල්ස තරගය සඳහා නායකයා ලෙස ස්ටීව් තෝරාගෙන ඇත්තේ කයිරන් රීඩ් ය. එය රීඩ්ගේ 127 වැනි තරගය වන අතර ඔහු අංක 8 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරනු ඇත. නවසීලන්ත සංචිතයේ විශේෂත්වයක් වන්නේ එංගලන්ත තරගය සඳහා ක්‍රීඩා කළ සංචිතයට වඩා වෙනස්කම් 7ක් සිදුකර තිබීමයි. 

වර්තමාන රග්බි ක්‍රීඩාවේ ප්‍රබලතම ෆුල් බැක් ක්‍රීඩකයෙකු ලෙස දැක්විය හැකි බෙන් ස්මිත් හා ප්‍රබල මැදපෙළ ක්‍රීඩකයෙකු වන රයන් ක්‍රොටි නවසීලන්ත ආරම්භක සංචිතය සඳහා ඇතුලත්ව සිටී. ඔවුන් දෙදෙනාම නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය මෙම තරගයයි. 

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය තුල නවසීලන්ත තරග සියල්ලෙහිම දෙවන අර්ධයේ දී තරගයට පිවිසි සනි බිල් විලියම්ස් මෙම තරගයේ දී ආරම්භයේ දී ම තරගයට යෙදවීමට ස්ටීව් තීරණය කර ඇත. එය මේ විශිෂ්ට සෙන්ටර් ක්‍රීඩකයාගේ ජාත්‍යන්තර රග්බි පිටියෙහි අවසානය සනිටුහන් කරනු ඇත. 

ෆ්ලෑන්කර් ක්‍රීඩක මැට් ටොඩ් උරහිසෙහි ඇතිවූ ආබාධයක් නිසාවෙන් තරගාවලියෙන් තාවකාලිකව ඉවත්ව සිටි අතර මෙම තරගය සඳහා ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කැඳවා ඇත. වේල්ස තරගය ඔහුගේ අවසන් තරගය වනු ඇත. 

ලෝක කුසලානය පෙරලූ අමුතු කොණ්ඩකාරයා

සිනහවක් මුහුණේ රඳවා ගෙන විශ්වාසයෙන් යුතුව ප්‍රතිවාදීන් සුනුවිසුනු….

මෙම තරගයත් සමඟින් නවසීලන්ත ක්‍රීඩකයන් රැසක් තම වෘත්තීය රග්බි ක්‍රීඩාවේ නව පරිච්ඡේද ආරම්භ කිරීමට නියමිත අතර කයිරන් රීඩ්, රයන් ක්‍රොටී හා මැට් ටොඩ් ජපානයේ සමාජ ලීග් තරගාවලිය සඳහා එක්වීමට නියමිත අතර බෙන් ස්මිත් සුපිරි 14 තරගාවලිය සඳහා පාවෝ කණ්ඩායමට එක්වීමට ප්‍රංශය බලා පිටත් වීමට නියමිතය. 

නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හැන්සන් මෙම තරගය සඳහා 107 වැනි වතාවට පුහුණුකාරීත්වය දරන අතර ඔහුගේ අවසන් තරගය ජයග්‍රාහී ලෙස නිමා කිරීමට ප්‍රබල උත්සාහයක් ගනු ඇත. ස්ටීව් මෙම තරගය සඳහා තම ප්‍රබලතම සංචිතය එක් කිරීමට ක්‍රියා කර ඇත්තේ වසර 66ක වේල්සයට එරෙහිව පවත්වා ගෙන සිටින ජයග්‍රාහී තරග වාර්තාව තවදුරටත් පවත්වා ගැනීමේ අරමුණිනි. 

තරගය සඳහා නම් කළ නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධානතම වෙනස්කමක් වන්නේ ස්ටීව් මීට පෙර තරග සඳහා යොදවා තිබූ අංක 1 වින්ග් ක්‍රීඩක යුගලය වන සෙවූ රීස් හා ජෝර්ජ් බ්‍රිජ් සුසංයෝගය වෙනුවට රයිකෝ අයිඕන් හා බෙන් ස්මිත් යොදවා තිබීමය. 

නවසීලන්තය වෙනුවෙන් ෆුල් බැක් ක්‍රීඩකයෙකු ලෙස තරග 84ක් ක්‍රීඩා කර ඇති 33 හැවිරිදි බෙන් ස්මිත් මෙම තරගය සඳහා වින්ග් ක්‍රීඩකයෙකු ලෙස යොදවා ඇත්තේ ෆුල් බැක් ක්‍රීඩකයා ලෙස බවුඩන් බැරට් යොදවමිනි. 

එංගලන්ත තරගයේ දී එංගලන්ත ඉදිරිපෙළ ආක්‍රමණයන් හමුවේ ප්‍රබල පීඩනයකට හසුව සිටි ෆ්ලයි හාෆ් ක්‍රීඩක රිචී මනූගා මෙම තරගයේ දී ද එම ස්ථානය සඳහා යෙදවීමට ස්ටීව් තීරණය කර ඇත. 

ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙස සිටි ආර්ඩි සැවීයා ආබාධයකට ලක්වීම නිසා ඔහුගේ ස්ථානය ශැනොන් ෆ්‍රිසෙල් හට හිමිවී ඇත. 

වෙනස් මුහුණුවරකින් අවසන් සටනට සැරසෙන දකුණු අප්‍රිකානුවන්

දකුණු අප්‍රිකානුවන් තරග සැලසුම් සකස් කිරීමේ දී මෙන්ම ඒවා ක්‍රියාවට නැංවීමේ දී….

තරගය සඳහා නම් කළ නවසීලන්ත සංචිතය

  1. ජෝ මූඩි
  2. ඩේන් කෝල්ස්
  3. නේපෝ ලවුලාලා
  4. බ්‍රෝඩි රෙටලික්
  5. ස්කොට් බැරට්
  6. ශැනොන් ෆ්‍රිසෙල් 
  7. සෑම් කේන්
  8. කයිරන් රීඩ් (නායක)
  9. ආරොන් ස්මිත්
  10. ‍රිචී මනූගා
  11. රිකෝ අයිඕන් 
  12. සනී බිල් විලියම්ස්
  13. ‍රයන් ක්‍රොටී
  14. බෙන් ස්මිත්
  15. බවුඩන් බැරට්
  16. ලියම් කෝල්ට්මන්
  17. අටු මොලී
  18. ඇන්ගුස් ටවාවෝ
  19. පැට්‍රික් ටුයිපිලොටු
  20. මැට් ටොඩ්
  21. බ්‍රැඩ් වේබර්
  22. ඇන්ටන් ලිනර්ට් බ්‍රවුන්
  23. ජෝර්ඩි බැරට්

වේල්සය හා නවසීලන්තය අතර තුන්වැනි ස්ථානය සඳහා වන තරගය එළඹෙන සිකුරාදා (01) ටෝකියෝ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

2019 රග්බි ලෝක කුසලානයේ අවසන් තරගය එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර එළඹෙන 2 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ  යොකොහමා ක්‍රීඩාංගණයේ දී ය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<