මහජන ආරක්ෂකයන්ට පොලිස් ප්‍රහාරයක්

SLSSCA Annual Cricket Tournament 2024

102
Police Cricket,

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් රාජ්‍ය ආයතනය පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ දී පසුගිය වසරේ දී දිනා ගැනීමට නොහැකි වු ශූරතාව මෙවර දිනා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ සමත් වූවා.  

පසුගිය වසරේ අනුශූරයන් වූ පොලිස් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ මෙවර තරගාවලිය ආරම්භ කරන්නේ ද අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ මහජන ආරක්ෂක අමාත්‍යාංශ කණ්ඩායම හමුවේ පරාජය වෙමිනුයි. එමෙන් ම පසුගිය වසරේ අවසන් මහා තරගයේ දී පරාජය වූ බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම හමුවේ මෙවර ද ඔවුන්ට හිමි වූයේ අමිහිරි පරාජයක් 

නමුත් කණ්ඩායම් 10ක් සහභාගී වූ මෙම තරගාවලියේ දී ශූරතාව දිනා ගැනීමට මහේෂ් ප්‍රියදර්ශනගේ නායකත්වයෙන් යුත් පොලිස් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ මෙවර සමත් වූවා. 

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පොලිස් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායමට එරෙහිව ලකුණු 85ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවසන් පූර්ව වටයේ දී කොළඹ මහ නගර සභා ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ 
  ප්‍රතිවාදීන්  තරගයේ විසඳුම 
1  මහජන ආරක්ෂක අමාත්‍යාංශය  මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කඩුලු 6ක ජයක්.   
2  සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය  පොලිස් දෙපාර්තමේන්තුවට කඩුලු 6ක ජයක්.   
3  සුරාබදු දෙපාර්තමේන්තුව  පොලිස් දෙපාර්තමේන්තුවට කඩුලු 3ක ජයක්.  
4  විදුලි බල මණ්ඩලය  පොලිස් දෙපාර්තමේන්තුවට කඩුලු 5ක ජයක්. 
5  දකුණු පළාත් සභාව  පොලිස් දෙපාර්තමේන්තුවට ලකුණු 45ක ජයක්. 
6  දුම්රිය දෙපාර්තමේන්තුව  තරගයේ විසඳුමක් නෑ. 
7  බන්ධනාගාර දෙපාර්තමේන්තුව  බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලකුණු 19ක ජයක්. 
8  රේගු දෙපාර්තමේන්තුව  පොලිස් දෙපාර්තමේන්තුවට කඩුලු 5ක ජයක්.  
9  කොළඹ මහ නගර සභාව  පොලිස් දෙපාර්තමේන්තුවට ලකුණු 85ක ජයක්.  
අවසන් පූර්ව වටය 
10  සෞඛ්‍ය අමාත්‍යාංශය  පොලිස් දෙපාර්තමේන්තුවට කඩුලු 6ක ජයක්.  
අවසන් මහා තරගය 
11  මහජන ආරක්ෂක අමාත්‍යාංශය  පොලිස් දෙපාර්තමේන්තුවට කඩුලු 8ක ජයක්.  

අවසන් මහා තරගය 

පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම: මහේෂ් ප්‍රියදර්ශන (නායක), පැතුම් නිර්මාල් (කඩුලු රකින්නා), නදීර බාලසූරිය, ධනුශ්ක ප්‍රනාන්දු, මලිත් ද සිල්වා, අසිත ජයවර්ධන, සුජාන් මයුර, තරංග සම්පත්, ලක්ෂිත අබේකෝන්, මිනෝල් සේනානායක, සුපුන් මධුශංක. 

අතිරේක ක්‍රීඩකයන්: ගයාන් අසංක, තුසිත් දිල්ශාන්, ලසිත් ද සිල්වා, කනිශ්ක සෙනෙවිරත්න, අකිල ජයසුන්දර, මොහොමඩ් ෂියාම්. 

නිලධාරීන්: කමල් පුෂ්පකුමාර (ලේකම්, ක්‍රිකට්), එස්. එම්. සී. සමරකෝන් (කළමණාකරු), වරුණ රාමනායක (පුහුණුකරු) 

මහජන ආරක්ෂක අමාත්‍යාංශය: බණ්ඩාර ජයතිලක (නායක), රජිත තෝමස්, එස්. ඒ. අයි. පී. සුබසිංහ, කුමාර වෑවිට, මධුශාන් ප්‍රේමන්, අසංක ද සිල්වා (කඩුලු රකින්නා) රුවන් කුමාර, සමන් ආරියසේන, පූජිත් ගුණවර්ධන, ලක්මාල් මධුශංක, මිරැන්ඩු සුමුදු ලක්ෂාන්. 

කාසියේ වාසිය දිනා ගත් පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලබා ගත හැකි වන්නේ සියලුම දෙනා දැවී ලකුණු 121ක් පමණයි.  

එම ඉනිමේ ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙක් ම තනි ඉලක්කමේ ලකුණු ලබා ගනිමින් දැවී යද්දී ආරම්භක පිතිකරු කණ්ඩායම් නායක, බණ්ඩාර ජයතිලක පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබාගත්තා. 

අනතුරුව පිටියට එක් වූ රුවන් කුමාර ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූවා. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.  

ඔවුන්ට අමතර ව පූජිත් ගුණවර්ධන පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගැනිමට සමත් වෙනවා. 

කඩුලු දවා ගැනීමේ දී පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමේ නායක මහේෂ් ප්‍රියදර්ශන ලකුණු 21කට කඩුලු 5ක් දවා ගන්නවා. ඊට අමතර ව ලක්ෂිත අබේකෝන් කඩුලු 2ක් ද, දනුශ්ක ප්‍රනාන්දු, සුපුන් මධුශංක සහ සුජාන් මයුර කඩුල්ලක් ද බැගින් දවා ගන්නවා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පොලිස් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ තවත් පන්දුවාර 21ක් ම ඉතිරි කර ගනිමින් කඩුලු 8ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගත්තා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි පැතුම් නිර්මාල් සහ නදීර බාලසූරිය පළමු කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් එක් කළා. පළමුවෙන් ම දැවී ගිය නදීර බාලසූරිය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. 

අනතුරු ව පිටියට පිවිසි ධනුෂ්ක ප්‍රනාන්දු ලකුණු 11කට දැවී ගිය අතර තරගය අවසන් වන විට පැතුම් නිර්මාල් සහ මලිත් ද සිල්වා නොදැවී පිටියේ රැදී සිටියා.  

පැතුම් නිර්මාල් පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටි අතර මලිත් ද සිල්වා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.  

දැවී ගිය කඩුලු 2 පුජිත් ගුණවර්ධන සහ රුවන් කුමාර සතු කර ගත්තා.   

අවසන් මහා තරගය, තිඹිරිගස්යාය, SLSSCA Annual Cricket Tournament 2024 

  • ක්‍රීඩාංගණය – පොලිස් උද්‍යානය, තිඹිරිගස්යාය 
  • කාසියේ වාසිය – පොලිස් දෙපාර්තමේන්තුව 

මහජන ආරක්ෂක අමාත්‍යාංශයසියලුම දෙනා දැවී 121 (40.5) බණ්ඩාර ජයතිලක 27, රුවන් කුමාර 39, පූජිත් ගුණවර්ධන 18, ලක්ෂිත අබේකෝන් 2/23, මහේෂ් ප්‍රියදර්ශන 5/21

පොලිස් දෙපාර්තමේන්තුව – කඩුලු 2ක් දැවී 122 (28.2) පැතුම් නිර්මාල් 50, නදීර බාලසූරිය 32, මලිත් ද සිල්වා නොදැවී 22, පූජිත් ගුණවර්ධන 1/19

පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  

SLSSCA Annual Cricket
පොලිස් දෙපාර්තමේන්තු නායක මහේෂ් ප්‍රියදර්ශන ජයග්‍රාහී කුසලානය ලබා ගනිමින්

තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ  

නිමා වූ තරගාවලියේ අවසන් කණ්ඩායම 2 අතරට පිවිසීමට නොහැකි වූව ද තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බිහි කිරීමට කොළඹ මහ නගර සභා කණ්ඩායමට හැකි වූවා. තරග 10ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 455ක් ලබා ගත් දමිඳු අශාන් එහි පළමු ස්ථානය හිමි කර ගත්තා.  

එම ලකුණු අතරට රේගු දෙපාර්තමේන්තුවට එරෙහි ව පන්දු 124කට ලබා ගත් ලකුණු 120ක්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට එරෙහිව පන්දු 150කට ලබා ගත් ලකුණු 128ක් මෙන් ම සුරාබදු දෙපාර්තමේන්තුවට සහ බන්ධනාගාරයට ලබා ගත් අර්ධ ශතක ද ඇතුලත්.  

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ එච්. එම්. සී. බී. ජයතිලක සතු කර ගත්තා. ඔහු තරග 11ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 320ක්. ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව පන්දු 114ක දී ලබා ගන්නා ලද ලකුණු 117ක් සහ දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුලත්.  

ජයග්‍රාහී පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම වෙනුවෙන් මෙම ලැයිස්තුවට පළමු වෙන් ම එක් වෙන්නේ පැතුම් නිර්මාල්. ඔහු තරග 10ක දී ලකුණු 309ක් ලබා ගන්නවා. ඔහුගේ මෙම දක්ෂතාව තරගාවලියේ තෙවැනි අසුනට හිමිකම් කී දක්ෂතාවයි.  

ඔහුගේ ඉනිම් අතර විදුලි බල මණ්ඩලයට, දකුණු පළාත් සභාවට සහ අවසන් මහා තරගයේ දී මහජන ආරක්ෂක අමාත්‍යාංශයට එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතක 3ක් ද ඇතුලත්.  

පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර ලකුණු 141ක් බැගින් ලබා ගත් මලිත් ද සිල්වා සහ නදීර බාලසූරිය ද වෙනවා.  

පන්දු යැවීමේ දී තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමේ නායක මහේෂ් ප්‍රියදර්ශන. ඔහු තරග 10ක දී කඩුලු 31ක් ලබා ගනිමින් එම අසුන වෙන්කර ගන්නවා. 

ඔහුගේ කඩුලු ලබා ගැනීම් අතර හොඳම පන්දු යැවීම වූයේ කොළඹ මහ නගර සභාවට එරෙහිව ලකුණු 17කට ලබා ගත් කඩුලු 6යි. ඊට අමතර ව අවසන් මහා තරගයේ දී ලබා ගත් කඩුලු 5ක් ද සහ දකුණු පළාත් සභාවට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව කඩුලු 4ක් බැගින් ලබා ගත් අවස්ථා 3කින් ද සමන්විතයි.  

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය කඩුලු 30ක් ලබා ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ධනුශ්ක සඳරුවන් ද සහ තෙවැනි ස්ථානය කඩුලු 25ක් ලබා ගත් දකුණු පළාත් සභාවේ සහන් සංකල්ප ද හිමි කර ගත්තා.  

පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කඩුලු ලබා ගැනීමේ දී මහේෂ් ප්‍රියදර්ශනට අමතර ව සුපුන් මධුශංක (13) සහ ලක්ෂිත අබේකොන් (11) ද දක්ෂතා දැක් වූවා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<