සත්කාරක එංගලන්තයත් අමාරුවේ වැටෙන ලකුණු

592
England Cricket Team

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් දින 6ක පමණ කාලයක් ඉතිරිව තිබියදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් ද ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.

ක්‍රීඩකයෙක් සුවය ලබා පිටියට එද්දී තවත් අයෙක්ට ආබාධයක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් සඳහා සහභාගී වන අතර එහි දකුණු අප්‍රිකාව…

හෙට (25) දිනයේදී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම පුහුණුවීම් වල නිරත වෙමින් සිටියදී මෝර්ගන්ගේ වම් අතෙහි ඇඟිල්ලක පන්දුවක් වැදීමෙන් ඔහු මෙසේ ආබාධයකට ලක්ව ඇත. ඉන් අනතුරුව මෝර්ගන්ව වහාම රෝහල් ගත කොට X-ray ඡයාරූපයක් ගෙන තිබේ.

“මෝර්ගන් පුහුණුවීම් වල පන්දු රැකීමේ අභ්‍යාසයක් සිදුකරමින් සිටිද්දී ඔහුගේ වම් අතේ පන්දුවක් වැදී යම් ආබාධයකට ලක්වුනා. අපි පසුව ඔහුව වහාම රෝහල් ගත කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නා.” යැයි එංගලන්ත ක්‍රිකට් බලධාරියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

අභියෝගයට අභියෝග කරන්නට දිමුත් සූදානම්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කටයුතු කරන දිමුත් කරුණාරත්න ඔහු ඉදිරියේ…

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් තිබෙන සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන මෝර්ගන්ට මෙම ආබාධය නිසා යම් තරගයක් හෝ මඟ හැරී ගියහොත් එය ඔවුන්ට විශාල පාඩුවකි. එසේ වුවහොත් ඔවුන්ගේ කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන ජොස් බට්ලර් කණ්ඩායම් නායකයා ලෙස සිය වගකීම ඉටු කරනු ඇත.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

                                  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<