පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ සැකැස්ම සහ කාලසටහන

SLSRFA 19න් පහළ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය 2023

2137

ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන 19න් පහළ පාසල් විශේෂ (Elite) කාණ්ඩයේ සත් සාමාජික රග්බි තරගාවලිය අප්‍රේල් 10 සහ 11 යන දෙදින රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී සහ හැව්ලොක් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා වන තරග කාලසටහන සකස් කිරීම එයට සහභාගී වන පාසල්වල සහ සංවිධායක මණ්ඩලයේ සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (07) පැවැත්වුනා.

මෙම තරගාවලිය සඳහා දිවයින පුරා සිටින පාසල් 22ක් සහභාගී වීමට නියමිතව ඇතත්, රග්බි පිටියේ අවධානය දිනා ගත් පාසල් වන රාජකීය විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය ආබාධ සහ විවිධ හේතූන් නිසා තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ තරග අප්‍රේල් 10 වැනිදා හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි දිනයේ දී (11) කුසලාන, පලිහ, පලඟ සහ බඳුන අවසන් මහා තරග රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම කණ්ඩායම් 22 කාණ්ඩ 8කට බෙදා වෙන් කර ඇති අතර කාණ්ඩ 6කට කණ්ඩායම් 3 බැගින් සහ කාණ්ඩ දෙකකට කණ්ඩායම් දෙක බැගින් කාණ්ඩ වෙන් කර තිබෙනවා.පසුගිය වසරේ සත් සාමාජික තරගාවලියේ සම ශූරයින් වූ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් සහ විද්‍යාර්ථ ක්‍රීඩකයින් මූලික වටයේ දී කණ්ඩායම් දෙකක් පමණක් සිටින කාණ්ඩවලින් තරග වදිනවා.

තරගාවලියේ කාණ්ඩ වෙන් කළ ආකාරය,

  • Group A – විද්‍යාර්ථ විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය
  • Group B – සාන්ත ජෝසප් විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
  • Group C – කිංග්ස්වුඩ් විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, දේවපතිරාජ විද්‍යාලය
  • Group D – ඉසිපතන විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය, මොරටු විද්‍යාලය
  • Group E – ධර්මරාජ විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, සාන්ත ජෝන් විද්‍යාලය
  • Group F – සාන්ත අන්තෝනි විද්‍යාලය, මලියදේව විද්‍යාලය, ශ්‍රී ප්‍රියරතන විද්‍යාලය
  • Group G – වෙස්ලි විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
  • Group H – ඩී. එස්. සේනානායක විද්‍යාලය, ආනන්ද විද්‍යාලය

තරගාවලියේ පළමු දින කාලසටහන,

පළමු වටයේ තරගවලින් පසු සිය කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් කුසලාන අර්ධ අවසන් පූර්ව තරග ක්‍රීඩා කිරීමට නියමිත අතර ජයග්‍රාහකයින් කුසලාන අවසන් පූර්ව තරග සඳහා සහ පරාජිතයින් පලඟ අවසන් පූර්ව තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් බඳුන අර්ධ අවසන් පූර්ව තරග සහ අවසන් ස්ථානයේ පසු වන කණ්ඩායම් පලිහ අවසන් පූර්ව තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලියේ සියලු තරග සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<