රාජකීය, සාන්ත ජෝසප්, සාන්ත පීතර හා ත්‍රිත්ව විදුහල් අවසන් පූර්ව වටයට

CR&FC සියවස් සත් සාමාජික රග්බි තරගාවලිය 2023

974

කොළඹ රාජකීය විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය CR&FC Centenary සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් වුනා. තරගාවලිය අද (31) ආරම්භ වුනේ CR&FC රග්බි ක්‍රීඩාංගණයේ දීයි.

රාජකීය විද්‍යාලය හමුවේ වෙස්ලි විද්‍යාලය ලකුණු 15-00ක් ලෙස හා සාන්ත පීතර විද්‍යාලය ලකුණු 19-12ක් ලෙස පරාජය වුනා. කුසලාන/පලඟ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන් ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 21-17ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලයත් ඔවුන්ගේ කාණ්ඩයෙන් සහභාගී වූ මුල් තරග දෙකම ජය ගත්තා. ඔවුන් හමුවේ පිළියන්දල මාධ්‍ය විද්‍යාලය ලකුණු 31-00ක් ලෙස පරාජය වූ අතර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 29-17ක් ලෙස පරාජය වුනා. කුසලාන/පලඟ අර්ධ අවසන් පූර්ව වටයේ දී සහිරා කණ්ඩායම ඔවුන්ට ප්‍රබල තරගයක් දුන්නත්, සාන්ත ජෝසප් කණ්ඩායම ලකුණු 14-10ක් ලෙස කුසලාන අවසන් පූර්ව වටයට පිවිසුණා.

සාන්ත පීතර විද්‍යාලය විසින් වෙස්ලි විද්‍යාලය ලකුණු 24-00ක් ලෙස පරාජය කළ නමුත් ඔවුන් රාජකීය විද්‍යාලය හමුවේ ලකුණු 19-12ක් ලෙස පරාජය වුනා. කුසලාන/පලඟ අර්ධ අවසන් පූර්ව වටයේ දී සාන්ත පීතර විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 26-17ක් ලෙස පරාජය කළා.

ත්‍රිත්ව විද්‍යාලය හමුවේ පිළියන්දල මධ්‍ය විද්‍යාලය ලකුණු 19-12ක් ලෙස පරාජය වුනා. කෙසේ වෙතත් ත්‍රිත්ව විද්‍යාලයේ පළමු තරගය ඔවුන් සාන්ත ජෝසප් කණ්ඩායම හමුවේ ලකුණු 29-17ක් ලෙස පරාජය වීම විශේෂත්වයක්. අර්ධ අවසන් පූර්ව වටයේ දී ඉසිපතන විද්‍යාලය පරාජය කරන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනේ කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙමිනුයි.

දිනයේ වැදගත්ම සිදුවීම වුනේ සාන්ත තෝමස් විද්‍යාලය සිය මුල් තරග දෙකම පරාජය වීමයි. ඩී. එස් සේනානායක විද්‍යාලය හමුවේ ලකුණු 31-05ක් ලෙස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය වූ අතර කිංග්ස්වුඩ් විද්‍යාලය හමුවේ ද ඔවුන් ලකුණු 14-07ක් ලෙස පරාජය වුනා.

කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන ඉරිදා (02) පැවැත්වීමට නියමිතයි. රාජකීය විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ තරග කරද්දී සාන්ත පීතර විද්‍යාලයේ අභියෝගය වන්නේ ත්‍රිත්ව විද්‍යාලය.

තරගාවලියේ ක්‍රීඩා සමාජය තරග වදින තරග හෙට (01) මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සජීව විකාශය සහ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<