ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පසුගියදා සුදුසුකම් ලබා ගත්තා.
1 වැනි අවසන් පූර්ව තරගය
කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 183ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 148ක් පමණයි.
ඒ අනුව එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගත් රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
දුශේන් උඩවෙළ (නායක), සවිනු ගමගේ, මුදිත ගුණසේකර, නිතේශ් ජයසිංහ, රනුද රණසිංහ (කඩුලු රකින්නා), මනුත් දසනායක, ජවීත් පෙරේරා, මහිරු කොඩිතුවක්කු, චනිතු කංකානම්ගේ, සඳුල් අබේවර්ධන සහ ගගන් ගමගේ.
කොළඹ වෙස්ලි විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
ආධ්‍යන් සියන් (නායක), ශම්මා ප්‍රනාන්දු, චානුක විදර්ශන, චරණ මාලිම්බඩ, නවිඳු දෙනුවන්, බිනොත් සංදිල්, තිමිර සේනාරත්න, ගයුක ප්‍රනාන්දු, දිනුල ඩිසොන් (කඩුලු රකින්නා), රෙශාන් පෙරේරා සහ රමික එදිරිබණ්ඩාර.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ දුශේන් උඩවෙල. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා. ඊට අමතර ව නිතේෂ් ජයසිංහ ද පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 103ක දී ලකුණු 56ක සබඳතාවක් ද ගොඩ නගනවා. ඔවුන්ට අමතර ව මනුත් දසනායක පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී සම්මා ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රෙහාන් පෙරේරා සහ රමික එදිරිබණ්ඩාර කඩුල් ද්විත්වය බැගින් ද, චරණ මාලිම්බඩ සහ ආධ්‍යන් සියන් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ වෙස්ලි විද්‍යාලයීය ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 36කට සීමා වෙනවා. ඒ අනුව ඔවුන්ට හිමි වූ ඉලක්කය 161ක්.
අසාර්ථක වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ බිනෝත් සංදිල්. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නවිඳු දෙනුවන් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.
වෙස්ලි විද්‍යාලයීය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 17ක් දවා ගැනීමට රාජකීය විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙන අතර එහි දී ගගන් ගමගේ, මහිරු කොඩිතුවක්කු, දුශේන් උඩවෙල සහ නිතේෂ් ජයසිංහ කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා. ඊට අමතර ව සඳුල් අබේවර්ධන ද කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 183 (49.5) නිතේශ් ජයසිංහ 42, දුශේන් උඩවෙල 47, මනුත් දසනායක 37, රමික එදිරිබණ්ඩාර 2/31, රෙහාන් පෙරේරා 2/29, ශම්මා ප්‍රනාන්දු 3/23
වෙස්ලි විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී ලකුණු 148 (35.3) නවිඳු දෙනුවන් 26, බිනෝත් සංදිල් 52, මහිරු කොඩිතුවක්කු 2/26, ගගන් ගමගේ 2/23, දුශේන් උඩවෙල 2/27, නිතේෂ් ජයසිංහ 2/32
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 12ක ජයක්.
- ශෙහාරි කඩුලු 7ක් දවා ගනීද්දී විශ්මි ශතකයක් ලබා ගනී
- පෙසඳු සහ ආදිත්‍ය ශතක ලබා ගනී
- යොවුන් පිටිය බැබළවූ සඳරු, හිරාන්, මල්ෂ සහ තරුශ්ක
- Bloomfield සහ BRC සම ශූරයන් වෙයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි
2 වැනි අවසන් පූර්ව තරගය
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී කණ්ඩායම සතු කරනවා. ඒ අනුව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 223ක් ලබා ගන්නා අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ව තිබිය දී වර්ෂාව හේතුවෙන් නතර වෙනවා.
දිගින් දිගට ම පැවැති වර්ෂාව හේතුවෙන් තරගයේ තීරණය ඩක්වරත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරෙන අතර ඒ වෙද්දී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුව තිබුණේ ලකුණු 179ක් පමණයි. ඒ අනුව තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත් සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
රෙශෝන් සොලමන්ස් (නායක), මෙතුක ගුණරත්න, ශවෙන් ප්‍රනාන්දු, තිහස් කකුලන්දර, සරිඳු සුගතදාස, ස්ටෙවෝන් පීරිස්, තරුල් ජයසූරිය, කුශේන් පෙරේරා, ශෙනුක් ප්‍රනාන්දු, විහස් පීරිස් සහ කෙවින් ගුණසීල.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
කේශාන් යෝගරාජ් (නායක) රන්දිලු නාරායන, ශෙනාල් ද අර්තූර්, සවිත විතානගේ, ප්‍රභාෂ් පීරිස්, ඉමංජිත් දිසානායක, ඉමේෂ් දිසානායක, සංතෝශ් ක්‍රීතීක්ෂන්, යුමල් එගොඩගේ, යතීශ් ඉඳුවර සහ මෙතුල් වීරක්කොඩි (කඩුලු රකින්නා).
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාලයීය ඉනිමට අර්ධ ශතක ඉනිම් ද්විත්වයක් එක් වෙනවා. එහි වැඩිම ලකුණුලාභියා වෙන්නේ සවිත විතානගේ. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ශෙනාල් ද අර්තූර් පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ගොඩ නගනවා.
ඊට අමතර ව ඉමේෂ් දිසානායක පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ද සහ ඉමන්ජිත් දිසානයක පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී තරුල් ජයසූරිය සහ කේශාන් පෙරේරා කඩුලු 3ක් බැගින් ද, ශෙනුක් ප්‍රනාන්දු කඩුලු ද්විත්වයක් ද සහ රෙශෝන් සොලමන් කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රෙශෝන් සොලමන්. ඔහු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා සිටියා. ඊට අමතර ව ඔහුත් සමඟින් අනෙක් අන්තයේ සිටි ස්ටෙවොන් පීරිස් පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව ඒ වෙද්දී 5 වැනි කඩුල්ලට නොදැවී එක්කර තිබූ ලකුණු සංඛ්‍යාව 93ක සබඳතාවක් ගොඩ නගා තිබුණා.
ඔවුන්ට අමතර ව ආරම්භක පිතිකරු මෙතුක ගුණරත්න පන්දු 31ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද සහ සරිඳු සුගතදාස පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාෂ් පීරිස්, යතිෂ් ඉඳුවර, කේශාන් යෝගරාජ් සහ සංතෝශ් ක්‍රිතීක්ෂන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 223 (49.2) ශොන්ල් ද අර්තූර් 60, සවිත විතානගේ 63, ඉමංජිත් දිසානායක 29, ඉමේෂ් දිසානායක 38, තරුල් ජයසූරිය 3/34, කුශේන් පෙරේරා 3/48, ශෙනුක් ප්‍රනාන්දු 2/32
සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 180 (30.1) මෙතුක ගුණරත්න 27, සරිඳු සුගතදාස 24, රෙශෝන සොලමන්ස් නොදැවී 75, ස්ටෙවෝන් පීරිස් නොදැවී 33
සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















