විද්‍යා ක්‍රීඩකයෝ මහනුවර පරදා පළමු තැන දිනා ගනී

2656

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර අද (22) ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 43-29ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

පිළියන්දලයින් පරාජය කරමින් ආනන්දයට මංගල ජය

සිංගර් පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (20) පැවතියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතරයි.

මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායමට තරගාවලියේ ‘B’’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට අවස්ථාව හිමිවන හෙයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

තරගය ආරම්භ වූ මොහොතේ සිටම විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර විද්‍යාර්ථ පසුපෙළ පහසුවෙන් බිඳ දැමූ ඔවුන් මිනිත්තු කිහිපයක් තුළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගන්නට සමත් විය. එහි දී පළමු උත්සාහක දිනුම හෂාන් මධුමාධව විසිනුත්, දෙවන උත්සාහක දිනුම තරුෂ ධනංජය විසිනුත් වාර්තා කර ගනු ලැබීය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වය සාර්ථක කරගන්නට ඒවා ලබාගත් හසරංග මුදලිගේ සමත් වූයේ නැත. (SC 10 – 00 VCK)

විද්‍යාර්ථ ක්‍රීඩකයින් ඒ අතරතුර දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට සමත් වූ අතර එය ලබාගත් තරිඳු හෙට්ටිආරච්චි පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළින් යොමු කරන්නට සමත් විය. (SC 10 – 03 VCK)

කෙසේ නමුත් ඉන් අනතුරුව තරගයට අවතීර්ණ වූ විද්‍යාර්ථ ක්‍රීඩකයින් විද්‍යා විද්‍යාලයේ උත්සාහක දිනුම් ද්විත්වයට ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් උත්සාහක ද්විත්වයක් වාර්තා කරගන්නට සමත් විය. පිළිවෙළින් සම්පත් ගුණරත්න සහ දිලීප තිස්ස විසින් එම උත්සාහක දිනුම් වාර්තා කර ගනු ලැබූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ද සාර්ථක කරගන්නට තරිඳු හෙට්ටිආරච්චි සමත් විය. (SC 10 – 17 VCK)

අම්ජාඩ්ගේ උත්සාහක දිනුම් ද්විත්වය සහිරා විදුහලට ජය ගෙනේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ඊයේ (21) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතර පැවති අතර…

පසුව විද්‍යා ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය සාර්ථක කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය අඩුකර ගන්නට ආකාෂ් මදුෂංක සමත් විය. (SC 13 – 17 VCK)

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ විද්‍යා ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කරගනිමින් එය ඉදිරියට රැගෙන යමින් අවසානයේ එය සශිදු ඉමාෂ් වෙත බාර කළ අතර ඔහු එය සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් සිය කණ්ඩායම නැවතත් තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට ද ඔවුන් සමත් වූයේ නැත. (SC 18 – 17 VCK)

පසුව ඔවුන්ට නැවතත් දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය සාර්ථක කරගන්නට ආකාෂ් මදුෂංක සමත් විය. (SC 21 – 17 VCK)

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ තරගයේ පාලනය තමන් සතු කර ගන්නට සමත් වූ විද්‍යා ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවක් හරහා උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් පළමු අර්ධය අවසන් කරන්නට සමත් විය. සශිදු ඉමාෂ් විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබූ අතර ආකාෂ් මදුෂංක විසින් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කරගන්නා ලදි.

පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 28 – 17 විද්‍යාර්ථ විද්‍යාලය  

පළමු අර්ධය අවසානයේ දියත් කළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දෙවන අර්ධය ආරම්භයේ දී ද ඒ අයුරින්ම දියත් කළ විද්‍යා ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වන විට උත්සාහක දිනුම වාර්තා කරගන්නට සනත් විය. හර්ෂණ සමරරත්න විසින් වාර්තා කර ගත් එම උත්සාහක දිනුම හසරංග මුදලිගේ විසින් සාර්ථකව ප්‍රවර්තනය කරගන්නට සමත් විය. (SC 35 – 17 VCK)

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ විද්‍යාර්ථ විද්‍යාලයේ ජී. අයි. සෙව්වන්ද ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර අනතුරුව එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට තරිඳු හෙට්ටිආරච්චි සමත් විය. (SC 35 – 24 VCK)

පසුව නැවතත් ක්‍රියාත්මක වූ විද්‍යා විද්‍යාලයේ හර්ෂණ සමරරත්න මෙම තරගය තුළ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් විද්‍යාර්ථ විද්‍යාලයට තරගයේ ඉදිරියට පැමිණීමට තිබූ අවස්ථාවන් දුරස් කරන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. (SC 40 – 24 VCK)

විද්‍යා ක්‍රීඩකයින් දිගින් දිගටම එල්ල කළ පීඩනය හමුවේ දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට ඔවුන් සමත් වූ අතර එය ලබාගත් ආකාෂ් මදුෂංක පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළින් යොමු කරන්නට සමත් විය. (SC 43 – 24 VCK)

තරගය අවසන් වන්නට පෙර විද්‍යාර්ථ විද්‍යාලයේ සම්පත් ගුණරත්න තරගයේ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබූ අතර කෙසේ නමුත් එය සාර්ථකව ප්‍රවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. (SC 43 – 29 VCK)

ඒ අනුව තරගය පුරාවට විශිෂ්ට  ක්‍රීඩා විලාශයක් දියත් කළ විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින්  ප්‍රසාද ලකුණක් ද සමඟින් මෙම තරගය ජයග්‍රහණය කරමින් ‘B’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගන්නට සමත් විය.

සුපිරි රාජකීයයන් හමුවේ ත්‍රිත්ව සිංහයන් පසුබසී

බ්‍රැඩ්බි පලිහ කන්ද උඩරටට ගෙන යාමේ ත්‍රිත්ව විද්‍යාලයීය බලාපොරොත්තුව ඉතා දුර බැහැරට පලවා හරින්නට අගනුවර රාජකීයයන් සමත් විය. 74 වන බ්‍රැඩ්බි පලිහ…

සම්පූර්ණ කාලය: විද්‍යා විද්‍යාලය 43 (6T 2C 3P) – 29 (4T 3C 1P) විද්‍යාර්ථ විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා – හර්ෂණ සමරරත්න (විද්‍යා විද්‍යාලය)

ලකුණු ලබා ගැනීම

  • විද්‍යා විද්‍යාලය – සශිදු ඉමාෂ් 2T, හර්ෂණ සමරරත්න 2T, හෂාන් මධුමාධව 1T, තරුෂ ධනංජය 1T, ආකාෂ් මදුෂංක 3C 2P, හසරංග මුදලිගේ 1C
  • විද්‍යාර්ථ විද්‍යාලය – සම්පත් ගුණරත්න 2T, දිලීප තිස්ස 1T, ජී. අයි. සෙව්වන්ද 1T, තරිදු හෙට්ටිආරච්චි 3C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<