ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් බවට පත් වීමට Bloomfield C & AC කණ්ඩායම සහ BRC කණ්ඩායම සමත් වූවා.
කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේ අවසන් මහා තරගය නිමා වූයේ විසඳුමකින් තොරවයි.
>>තරුශ්ක අවසන් මහා තරගයට ශතකයක් එක් කරයි<<
කාසියේ වාසිය දිනා ගත් Bloomfield C & AC කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BRC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 402ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Bloomfield C & AC ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 250ක් ලබා සිටියා.
තරග අවසන් දිනය ආරම්භ වෙද්දී BRC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 340ක් ලබා සිටියා. ඒ වෙද්දී යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 71ක් ද සහ ලිත්ම පෙරේරා නොදැවී ලකුණු 32ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට පන්දු 152ක දී ලකුණු 110ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ලිත්ම පෙරේරා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 69ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 62ක් ලබා සිටියා. යසිරු රොද්‍රිගෝ ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 93ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දුලාජ් සමුදිත ලකුණු 53කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව කවීෂ පියුමාල් සහ තරින්ද ගුරුගේ කඩුලු ද්විත්වය බැගින් ද නිසල අබේරත්න කඩුල්ලක් ද දවා ගත්තා.
- Jaffna Kings, 5 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- මිනෙත් පිට පිට 2 වැනි ශතකයත් වාර්තා කරයි
- 23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
- ලහිරු උදාර තරගාවලියේ මංගල ශතකය ලබා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Bloomfield C & AC කණ්ඩායම් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකරුවන් වූ හසිත අමරසිංහ සහ මිනෙත් ප්‍රේමරත්න සමත් වුණා.
ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 103ක දී ලකුණු 69ක සබඳතාවක් ගොඩ නැගුවා. එහි දී හසිත අමරසිංහ පන්දු 58ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද සහ මිනෙත් ප්‍රේමරත්න පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ද ලබා ගත්තා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දිනෙත් පැහැසර. ඔහු පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියා. ඔහුට අමතර ව නිසල අබේරත්න ද පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 160ක දී ලකුණු 91ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සිතුක ගුණවර්ධන ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව තරුශ්ක ආශෙල් සහ විග්නේශ්වරන් ආකාශ් කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- BRC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 340 (100.1) ඉසුරු ප්‍රනාන්දු 39, තරුශ්ක ආශෙල් 144, කුසල් විජේතුංග 25, යසිරු රොද්‍රිගෝ 93, ලිත්ම පෙරේරා 62, දුලාජ් සමුදිත 3/53, තරින්ද ගුරුගේ 2/117, කවීෂ පියුමාල් 2/61
- Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 250 (79.0) හසිත අමරසිංහ 32, මිනෙත් ප්‍රේමරත්න 34, අසිත වන්නිනායක 29, දිනෙත් පැහැසර නොදැවී 57, නිසල අබේරත්න 54, සිතුක ගුණවර්ධන 3/105, තරුශ්ක ආශෙල් 2/19, විග්නේශ්වරන් ආකාශ් 2/80
තරගයේ විසඳුමක් නෑ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















