එකම අරමුණක් වෙනුවෙන් පළමු පෙළ ක්‍රීඩා සමාජ 7ක් උරෙනුර ගැටෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 5ක් අද (21) දිනයේ දී නිමාවට පත්විය.

එහි දී පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට තරම් වාසනාවන්ත වූයේ NCC කණ්ඩායම පමණි. මීට අමතරව රොෂේන් සිල්වා, අශාන් ප්‍රියන්ජන් සහ ලක්ෂිත මධුෂාන් තම ක්‍රීඩා සමාජ වෙනුවෙන් අද දිනයේ ශතක ලාභීන් බවට පත්වූහ.

කෞෂාල් සහ දිමුත්ගෙන් ලකුණු 274ක ආරම්භක සබඳතාවයක්!

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස ද කටයුතු කළ කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න ඊයේ (20)…..

බදුරලිය ක්‍රීඩා සමාජය සහ NCC කණ්ඩායම අතර තරගය

අද ප්‍රතිඵලයක් සහිතව නිමාව දුටු එකම තරගය වන මෙහි ජයග්‍රහණ කඩුලු 10කින් තහවුරු කර ගැනීමට NCC කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය ජය ගනිමින් හිමිවුණු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් බදුරලිය ක්‍රීඩා සමාජය පිතිකරණය සඳහා යොමු කරමින් ඔවුන්ව ලකුණු 194ක් තුල දී දවා ගැනීමට NCC කණ්ඩායම හැකි වීම මෙම ජයග්‍රහණය වෙනුවෙන් පදනම සැකසූ සිදුවීම බවට පත්විය. පසුව ඇන්ජෙලෝ පෙරේරා රැස්කළ ලකුණු 89 ආධාරයෙන් ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 313ක් වාර්තා කර ගන්නට ද NCC පිතිකරුවන් කටයුතු කළහ. ඒ අනුව දෙවැනි ඉනිමේ දී චතුරංග ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය දඟපන්දුවෙන් පෙන්වූ කුසලතා නිසා ප්‍රතිවාදීන්ව ලකුණු 160කට සීමා කළ බදුරලිය ක්‍රීඩා සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 45ක් රැස්කර ගනිමින් සුපිරි ජයග්‍රහණයක් වාර්තා කර ගත්හ.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 194 (පන්දුවාර 72.4): සංජය චතුරංග 28, අලංකාර අසංක 25, චතුරංග ද සිල්වා 3/28, ලසිත් ඇඹුල්දෙණිය 3/33, ලහිරු කුමාර 2/45.

NCC කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 313 (පන්දුවාර 89.1): ඇන්ජලෝ පෙරේරා 89, මාලිංග අමරසිංහ 45, ෆර්වීස් මහරූෆ් 37, මහේල උඩවත්ත 33, අලංකාර අසංක 3/43, නිමන්ද සුබසිංහ 3/59 ඩිලේශ් ගුණරත්න 2/95.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම ) – සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 54.4): සුබ්‍රමනියම් ආනන්ද් 62, ශිරාන් රත්නායක 21, චතුරංග ද සිල්වා 4/44, ලසිත් ඇඹුල්දෙණිය 3/46.

NCC කණ්ඩායම (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 45 (පන්දුවාර 4.4): ලහිරු උදාර 39*.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

දෙපිළේම දක්ෂතා මැනවින් මතුවූ මෙම තරගය අද නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් යුධ හමුදා ක්‍රීඩකයින් ලකුණු 232කට දැවී යාමෙන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ BRC පිතිකරුවන් ලකුණු 345ක් රැස්කළ අතර රමේශ් බුද්ධික ලකුණු 114ක් වාර්තා කරමින් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළේය.

මීට අමතරව ලිසුල ලක්ෂාන් සහ ලසිත් ලක්ෂාන් පිළිවෙළින් ලකුණු 80 සහ 65 බැගින් රැස් කරමින් BRC ඉනිමට සවිය ගෙන දුන්හ. අද දිනයේ සුවිශේෂී සිදුවීම වශයෙන් යුධ හමුදා දෙවැනි ඉනිමේ දී ලක්ෂිත මධුෂාන් වාර්තා කළ නොදැවුණු ලකුණු 151 කැපී පෙනුණි. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 232 (පන්දුවාර 65.3): ඩිල්ශාන් ද සොයිසා 50, සීක්කුගේ ප්‍රසන්න 45, හිමාෂ ලියනගේ 21, කසුන් ද සිල්වා 21, තිලකරත්න සම්පත් 4/40, චාමිකර එදිරිසිංහ 3/70, සුරාජ් රන්දීව් 2/39.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 345 (පන්දුවාර 84.4): රමේශ් බුද්ධික 114, ලිසුල ලක්ශාන් 80, ලසිත් ලක්ශාන් 65, තිලකරත්න සම්පත් 22, හර්ෂ විතාන 21, දුෂාන් විමුක්ති 5/65, ඩිල්ශාන් ද සොයිසා 2/26, සීක්කුගේ ප්‍රසන්න 2/95.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 454 (පන්දුවාර 115): ලක්ෂිත මධුෂාන් 151*, ඩිල්ශාන් ද සොයිසා 56, අශාන් රන්දික 52, දුශාන් විමුක්ති 47, කසුන් ද සිල්වා 46, හිමාෂ ලියනගේ 36, යශෝධ මෙන්ඩිස් 26, චාමිකර එදිරිසිංහ 3/91, හිමේෂ් රාමනායක 3/56, සුරාජ් රන්දිව් 2/162.

තිසරගේ සරණින් ලංකාවේ අවසන් මහා තරග බලාපොරොත්තුව ඉහළට

තිසර පෙරේරාගේ තුන් ඉරියව් දක්ෂතා ප්‍රධාන කොට ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වූ තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට……


සිංහල ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ SSC පිටියේ දී පැවැත්වුණු මෙම තරගය ද නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි. මුලින් පිතිකරණ අවස්ථාව ලබාගත් සත්කාරක SSC කණ්ඩායම ලකුණු 199කට දැවී ගිය ද පසුව තමන් අතින් සිදු වූ වරද නිවැරදි කර ගනිමින් ප්‍රතිවාදී මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 160කට සීමා කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 7ක් තමන් අතරේ බෙදා ගත්හ.

දෙවැනි ඉනිමේ දී හාත්පසින්ම වෙනස් පිතිකරණ රටාවක් නිරූපණය කළ SSC ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී ලකුණු 563ක් වාර්තා කළහ. ඒ වෙනුවෙන් කෞෂාල් සිල්වා හතරේ පහර 20ක් සමඟින් ලකුණු 142ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ද තම සගයාට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 128ක් වාර්තා කළේය. ඒ හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟිනි. ඔවුන් දෙදෙනා අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 274ක විශිෂ්ට සබඳතාවයක් ද ගොඩනැගුණි.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 199 (පන්දුවාර 52.1); දසුන් ශානක 75, මිනෝද් භානුක 36, තරිඳු රත්නායක 5/71, ශිරාන් ප්‍රනාන්දු 3/56.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 48): චාමර සිල්වා 32, නිලංක සඳකැන් 31, අදීෂ තිලංචන 30, ප්‍රිමෝශ් පෙරේරා 27, ජෙෆ්රි වැන්ඩර්සේ 3/30, සචිත්‍ර සේනානායක 4/40, විමුක්ති පෙරේරා 2/40.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 563 (පන්දුවාර 112.1): කෞෂාල් සිල්වා 142, දිමුත් කරුණාරත්න 128, ශම්මු අශාන් 79, මිනෝද් භානුක 75, මිලින්ද සිරිවර්ධන 52, ඩිලන් ජයලත් 27, සචිත්‍ර සේනානායක 23, තරිඳු රත්නායක 4/184, ඩිලංක සඳකැන් 4/199, සහන් විජේරත්න 2/97.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 164 (පන්දුවාර 41): පබසර වඩුගේ 64, ශානුක දුලාජ් 52*, ඉරෝෂ් සමරසූරිය 37, සචිත්‍ර සේනානායක 2/27.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

කණ්ඩායම් දෙකේම ප්‍රථම ඉනිම පමණක් සම්පූර්ණ වූ මෙම තරගය ක්‍රියාත්මක වූයේ කොළඹ CCC පිටියේ දීයි.

මුලින් පන්දුවට පහර දී සාර්ථකත්වයට පත්වුණු සැරසන්ස් ක්‍රීඩා සමාජය තම පළමු ඉනිමට දැවැන්ත ලකුණු 496ක් එක් කළහ. ඒ හර්ෂ කුරේ විසින් රැස්කළ ශතකයේ ආධාරයෙනි. මීට අමතරව මින්හාජ් ජලීල් සහ තානුක දාබරේ පිළිවෙළින් ලකුණු 82 සහ 72 බැගින් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රිකට් සමාජය අශාන් ප්‍රියන්ජන් වාර්තා කළ ශතකයේ සහ කවීන් බණ්ඩාර ලබාගත් ලකුණු 92 මගින් ශක්තිමත්ව ලකුණු 372ක් රැස්කර ගත්හ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 496 (පන්දුවාර 127.2): හර්ෂ කුරේ 140, මින්හාජ් ජලීල් 82, තානුක දාබරේ 72, සාලිය සමන් 69, ප්‍රමෝද් මදුවන්ත 29, නවිඳු විතානගේ 34, සචිත් පතිරණ 4/95, අශාන් ප්‍රියන්ජන් 2/63.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 372 (පන්දුවාර 128.3): අශාන් ප්‍රියන්ජන් 101, කවීන් බණ්ඩාර 92, මාධව වර්ණපුර 48, සචිත් පතිරණ 50, ලහිරු ගමගේ 31, මලිඳු මධුරංග 21, රොෂාන් ජයතිස්ස 4/100, සාලිය සමන් 3/67.

පානදුර ක්‍රීඩකයෝ නැවත ජයග්‍රාහී මාවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පළමු පෙළ Tier B තරගාවලියේ ආසන්තම තරගයේ දී ලැජ්ජා සහගත පරාජයක් ලැබූ පානදුර ක්‍රීඩා…..


රාගම ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ද නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින රොෂේන් සිල්වාගේ ශතකයකින් හැඩවුණු මෙම තරගය අද දිනයේ ජය පරාජයෙන් තොරව නිමාවුණු අනෙක් තරගය බවට පත්විය.

මුලින් පන්දුවට පහර දුන් රාගම පිළ රැස් කරගත් ලකුණු 320ට ප්‍රතිචාර දැක්වූ බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 273ක් පමණි. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ රාගම ක්‍රිකට් සමාජය අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් ලබා සිටියහ. එහි දී දකුණත් පිතිකරු රොෂේන් සිල්වා හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 106ක් වාර්තා කර ගන්නට සමත් විය. කලින් තරගයේ දී ද හොඳින් ලකුණු අතරට පිවිසි ලහිරු මිලන්ත හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 92ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 320 (පන්දුවාර 90): ලහිරු තිරිමාන්න 62, රො⁣ශේන් සිල්වා 59, සමීර ද සොයිසා 53, ජනිත් ලියනගේ 50, ලහිරු මිලන්ත 38, කසුන් රාජිත 4/81, ලහිරු සමරකෝන් 2/51, මලිත් ද සිල්වා 2/86, රමේශ් මෙන්ඩිස් 2/89.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 273 (පන්දුවාර 63.5): ලහිරු සමරකෝන් 53*, මලිත් ද සිල්වා 52, ප්‍රමූද් හෙට්ටිවත්ත 48, නිපුන් කරුණානායක 46, රමේශ් මෙන්ඩිස් 35, නිෂාන් පීරිස් 4/97, ඉශාන් ජයරත්න 3/63, අමිල අපොන්සු 3/75.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 327 (පන්දුවාර 109): රොෂේන් සිල්වා 106*, ලහිරු මිලන්ත 92, ජනිත් ලියනගේ 39, ලහිරු තිරිමාන්න 31, මලිත් ද සිල්වා 3/74, රමේෂ් මෙන්ඩිස් 2/65.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<