ගෙවී ගිය වසර 7 අඳුරු මතකයන් මකා දාන්න ශ්‍රී ලංකාව ගාල්ලට

2621
cricket

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (14) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනු ඇත. මේ පළමු ටෙස්ට් තරගයට පෙර ThePapare.com කරනු ලබන පෙර විමසුමයි.

ලෝක කුසලානයේ දී වැඩිම ලකුණු ලබා ගෙන තියෙන්නේ කොළඹ!

එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කළේය………..

මුහුණට මුහුණ

1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 34ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 15ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ දී නවසීලන්තය හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 15ක දී එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගන්නා විට තරග 4ක ජය හිමිකර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ. 2012 නොවැම්බර් මාසයේ දී ගාල්ලේ පැවති ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර ඉන්පසුව පැවති ටෙස්ට් තරග හයම නවසීලන්තය ජයගෙන ඇත

ප්‍රහාරාත්මක තරු

දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවට ජීවය ලබා දෙන මේ වමත් පිතිකරුවා ජාත්‍යන්තර ටෙස්ට් තරග 60ක් තුළ ලකුණු 4074ක් ලබාගෙන ඇත්තේ, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.05ක් වැනි මට්ටමක පසු වෙමිනි.

කරුණාරත්නගේ ඉනිම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දරණ ඔහු ශතක 8ක් සහ අර්ධ ශතක 22ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම නවසීලන්ත කණ්ඩායමට එදිරිව 37.92ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත්තේ තරග 7කට පමණක් සහභාගී වෙමිනි. ඒ අතරට එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්ය.

කේන් විලියම්සන්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන මේ දකුණත් පිතිකරුවා මැදපෙළ සවිමත් කර වීමට හැකි සුවිශේෂී පිතිකරුවෙකි. ජාත්‍යන්තර ටෙස්ට් තරග 72ක් තුළ ඉනිම 127ක දී ලකුණු 6139ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 53.38ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි. 

විලියම්සන් ටෙස්ට් ශතක 20කින් සහ අර්ධ ශතක 30කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් වැඩිම ලකුණ (242*) ලබාගෙන තිබෙන මොහු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 8ක දී ලකුණු 968ක් ලබාගෙන තිබෙන්නේ 80.66ක පමණ ඉහල මට්ටමේ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් ලෙස කලක පටන් තම වගකීම් නිසියාකාරව ඉටු කළ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 80කට සිය දායකත්වය දක්වා ඇති අතර ලකුණු 5554ක් ලබාගෙන ඇත්තේ ලකුණු 44.79ක පමණ මට්ටමේ හොඳ ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි.

මැතිව්ස්ගේ එම ලකුණු අතරට ශතක 9ක් හා අර්ධ ශතක 33ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාවත් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද මොහුව හැඳින්වීමට හැකිය. තවද නවසීලන්තයට එදිරිව ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කර තිබෙන මැතිව්ස් ලකුණු 36.80කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව ඇත.

රොස් ටේලර්

නවසීලන්ත කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරන ටේලර්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 92ක දී ලකුණු 6727ක් ලබාගෙන ඇත්තේ ලකුණු 46.71ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ටේලර්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 30ක් හා ශතක 18ක් ඇතුළත්ව ඇත. 

දකුණතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 36.55කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.

Video – 2011 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්

2011 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ……

ප්‍රබල පන්දු යවන්නන්

සුරංග ලක්මාල්

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ නිමා වූ ටෙස්ට් තරගාවලි කිහිපයේ දී පිතිකරුවන් වුවද තරමක දෙගිඩියාවකින් යුතුව පන්දුවට පහර දුන්නේය. ඒ ඔහුගේ දක්ෂ පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. 

ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් තරග 57ක දී කඩුලු 137ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 3.13ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. නවසීලන්තයට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 42.56කි.

අජාස් පටෙල්

නවසීලන්ත පන්දු බල ඇණිය සවිමත් කරන අජාස් පටෙල් වයස අවුරුදු 30ක් පමණ වන ජවසම්පන්න ක්‍රීඩකයෙකි. පසුගිය දා නිමාව දුටු පුහුණු ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වූ අතර ඉතාමත් හොඳ දඟ කැවීමක් ඔහුගේ පන්දු යැවීම තුල දැකගන්නට හැකි විය. 

වමතින් දඟපන්දු යවන පටෙල් ටෙස්ට් තරග 5ක දී කඩුලු 13ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 35.84ක් ලෙස දැක්වේ. පටෙල් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 2.60ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. ඔහු ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් ක්‍රීඩා කර තිබේ. 

ලසිත් ඇඹුල්දෙණිය

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ඕනෑම තණතීරුවක් මත ඉතාමත් තර්ජනාත්මක ලෙස පන්දුව දඟ කැවීමට හැකි ක්‍රීඩකයෙකි. ඇඹුල්දෙණිය ජාත්‍යන්තර ටෙස්ට් තරග 2ක දී කඩුලු 6ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 3.44ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.

තවමත් වයස අවුරුදු 22ක් වන ඇඹුල්දෙණිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා  දීමට හැකිය.

 

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<<

ට්‍රෙන්ට් බෝල්ට්

උස අඩි 5 අඟල් 11ක් වන වමතින් වේගපන්දු යවන්න තරුවක් වන බෝල්ට්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 61ක දී කඩුලු 246ක් දවා ගැනීමට සමත් වී ඇත. 

ලකුණු 30කට කඩුලු 6ක් දවා ගැනීම එක් ඉනිමක කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති බෝල්ට් එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 2.99ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.54ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක සටහන් කරගෙන ඇත.

වේගපන්දු පුහුණුකරු නවසීලන්ත තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු වෙයි

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ………

ගාල්ල තණතීරුව පිටිය හා අවට කාලගුණ තත්ත්වය

ප්‍රේක්ෂකයින් 35,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත. දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන ගාලු තණතීරුව මත 2018 වර්ෂයේ නොවැම්බර් මාසයට පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. 

මේ ක්‍රිකට් පිටියේ තණතීරු මත ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් පවත්වා තිබෙන අතර ඒ තරග තුනම ශ්‍රී ලංකාව ජයගෙන තිබීම සුවිශේෂී වේ.

යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි. 

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, පළමු ටෙස්ට් තරගය පුරාවටම විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් ඇත. පැයට කිලෝමීටර් 16 – 26 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 26°C – 31°C වැනි පරාසයක උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

වර්තමාන තත්ත්වය

නවසීලන්ත කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර නවසීලන්තය දැනට (අගෝස්තු 12) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 2511ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 111ක් ලබා ගෙනයි.  ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3462ක් හා ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි‍.

අවසන් නිගමනය

තරග ඉතිහාසය පිරික්සා බලන කළ සංචාරක නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසිය තිබුනත්, තරගය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින් අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.

සංචිතයන්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය (පළමු ටෙස්ට් තරගයට) – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, 

නවසීලන්ත ටෙස්ට් සංචිතය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවෙල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී.ජේ වොට්ලින්, ටොම් බ්ලන්ඩල්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්ටනර්, ටොඩ් ඇස්ටල්, ටිම් සවුති , විල් යන්ග්, නීල් වැග්නර්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝල්ට්

ශේෂාඩ්ට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තවත් බාල්දියක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව ………

පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව  – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්,  කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර.

නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවෙල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, නීල් වැග්නර්, බී.ජේ වොට්ලින්, මිචෙල් සැන්ටර්නර්, ටොඩ් ඇස්ටල්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝල්ට්

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන 2019

  • අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<