සී. සී. සී. ශූරතා සතුටට මෙන්ඩිස්ගෙන් 200ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

5869
Kusal Mendis

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ ප්‍රිමියර් ලීග් Tier ‘A’ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට තරග වටයේ තවත් තරග තුනක් අද (22) දින නිමාවට පත්වූයේ කොළඹ ක්‍රිකට් සමාජයට එහි ලීග් ශූරතාවය හිමිකර දෙමිනි.  

එංගලන්ත ප්‍රබලයින්ට පාකිස්තාන සංචාරයෙන් විවේකයක්

ඔවුන් මෙම තරගාවලියේ ලීග් ශූරයින් බවට පත්වූ නමුත් සුපිරි අට වටයේ තවත් තරග කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ කෙසේ වෙතත් එම තරගවල අවසන් ප්‍රතිඵල මත ප්‍රසාද ලකුණු පුවරුවට සිදුවෙන බලපෑම ඉතාමත් අවම මට්ටමක තිබෙන නිසා සී. සී. සී. කණ්ඩායමට අඛණ්ඩව දෙවන වරටත් ලීග් ශූරතාවය හිමිවෙනු ඇත. 

සී. සී. සී. නායක කුසල් මෙන්ඩිස්, මෙම ජයග්‍රහණයේ සතුට සමරන ලද්දේ ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය (නොදැවී ලකුණු 200*) වාර්තා කරගනිමිනි. හතරේ පහර 24ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ මෙම ඉනිම ගොඩනැංවීම සඳහා මෙන්ඩිස්හට වැය වූයේ පන්දු 300ක් පමණි. ඊට අමතරව ලසිත් අබේරත්න හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් එල්ල කරමින් නොකඩවා සිය දෙවන ශතකය වාර්තා කරගත්තේය. 

කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් තරගයේ අද දිනය ආරම්භයේ දීම සිය පළමු ඉනිම අත්හිටුවීමට හලාවත මේරියන්ස් කණ්ඩායම තීරණය කරන ලදි. ඒ කෝල්ට්ස් පළමු ඉනිමට වඩා ලකුණු 97ක් ඉදිරියෙන් සිටිමිනි. කෝල්ට්ස් දෙවන ඉනිම තුළත් කැපී පෙනුන පිතිකරුවා බවට පත්වීමට යොවුන් ක්‍රිකට් ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක සමත් වූයේ ලකුණු 82ක් රැස්කර ගනිමිනි. සංගීත් කුරේ ලකුණු 57*යි. 

කටුනායක දී පැවැත්වුනු බී. ආර්. සී. සහ සැරසන්ස් තරගය තුළ කැපී පෙනුන දස්කම් දැක්වූ වමතින් වේගපන්දු යවන මොහොමඩ් ඩිල්ෂාඩ් සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ එක් ඉනිමක දැක්වූ හොඳම දස්කම දක්වමින් සැරසන්ස් දෙවන ඉනිමේ කඩුලු 7ක් ලකුණු 42ක් තුළ දවාලන ලදි. බී. ආර්. සී. දෙවන ඉනිම ලකුණු 124කට සීමා වූ නිසා සැරසන්ස් කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 255ක ඉලක්කයක් හඹා යාමට සිදුවූයේ පළමු ඉනිමේ වාසිය ඔවුන්ගේ අතින් ගිලිහී ගිය නිසයි. කෙසේ නමුත් අද දිනයේ නිමාවූ සුපිරි අට වටයේ අනෙක් තරග තුනම මෙන් මෙම තරගයත් නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. 

යුද හමුදා සහ රාගම තරගය ඉමහත් උණුසුම් මුහුණුවරක් ගත්තේ යුද හමුදා පළමු ඉනිම ලකුණු 189කට සීමා වීම නිසාවෙනි. කෙසේ නමුත් නැවත වතාවක් පිතිකරණය සඳහා පැමිණි රාගම කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස්කර ගනිමින් සිය දෙවන ඉනිම අත්හිටවූ නිසා යුද හමුදා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 439ක දැවැන්ත ඉලක්කයක් හිමි විය. අවසානයේ තරගයේ නියමිත කාලය අවසන් වන විට යුද හමුදා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 66ක් වාර්තා කරගෙන තිබුනි. 

යෝධ ලකුණු පුවරු දිස්වූ දවසක්

එන්. සී. සී. සහ සී. සී. සී. තරගය 

එන්. සී. සී. පළමු ඉනිම – 467 (89): චතුරංග ද සිල්වා 159, ලහිරු උදාර 111, මහේල උඩවත්ත 77, සහන් ආරච්චිගේ 62, මලින්ද පුෂ්පකුමාර 6/80.

සී. සී. සී. පළමු ඉනිම – 480/6 (123): කුසල් මෙන්ඩිස් 200*, ලසිත් අබේරත්න 104, ලහිරු මධුසංක 63*, දුෂ්මන්ත චමීර 2/81, ලහිරු කුමාර 2/103. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 


කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් තරගය  

කෝල්ට්ස් පළමු ඉනිම – 302 (72): සන්තුෂ් ගුණතිලක 74, දිල්රුවන් පෙරේරා 58, අකිල දනංජය 51*, අසිත ප්‍රනාන්දු 5/87. 

හලාවත මේරියන්ස් – 399/9 (101): රුමේෂ් බුද්ධික 145, කසුන් විදුර 68, ලසිත් කෘස්පුල්ලේ 52, දිල්රුවන් පෙරේරා 3/84. 

කෝල්ට්ස් දෙවන ඉනිම – 227/5 (87): සන්තුෂ් ගුණතිලක 82, සංගීත් කුරේ 57*, නිමේෂ් විමුක්ති 2/59. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 


බී. ආර්. සී. සහ සැරසන්ස් තරගය  

බී. ආර්. සී. පළමු ඉනිම – 392 (119.1): රමින්ද විජේසූරිය 109, ශනුක දුලාජ් 94, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, රනිත ලියනාරච්චි 4/66.  

සැරසන්ස් පළමු ඉනිම – 262 (88): ප්‍රමෝද් මදුවන්ත 47, සිතර ගිම්හාන් 43, කනිෂ්ක අමරසිංහ 43, මොහොමඩ් ශිරාස් 4/74. 

බී. ආර්. සී. දෙවන ඉනිම – 124 (27.1): හශේන් රාමනායක 35, මොහොමඩ් ඩිල්ෂාඩ් 7/42. 

සැරසන්ස් දෙවන ඉනිම – 75/3 (21): 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 


රාගම සහ  යුද හමුදා තරගය 

රාගම පළමු ඉනිම – 501/9d (144.3): ජනිත් ලියනගේ 107*, ශමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, බිනුර ප්‍රනාන්දු 62, නිශාන් මදුෂ්ක 56, යසෝද මෙන්ඩිස් 3/74.  

යුද හමුදා පළමු ඉනිම – 189 (59.1): හේෂාන් හෙට්ටිආරච්චි 54, දිනේෂ් චන්දිමාල් 50, ශසික දුල්ශාන් 4/44. 

රාගම දෙවන ඉනිම – 126/8d (30.2): සමින්ද ප්‍රනානදු 32, දුශාන් විමුක්ති 5/38. 

යුද හමුදා දෙවන ඉනිම – 66/2 (16): 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ලහිරු උදාරගේ ලකුණු මැෂිම 1000 සීමාව අභියසට

පලිහ තරග 

මීගමුව ක්‍රිකට් සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය 

ටැමිල් යුනියන් පළමු ඉනිම – 184 (49.1): ඩෙවින් පත්මනාදන් 40, රොෂේන් ප්‍රනාන්දු 5/31. 

මීගමුව පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 161/1 (40): ඩිල්ශාන් මුණවීර 57*, අශේන් සිල්වා 55*. 


එස්. එස්. සී. සහ බදුරලිය 

එස්. එස්. සී. පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 462/4 (90): දසුන් ශානක 108*, සඳුන් වීරක්කොඩි 101, චරිත් අසලංක 83, සම්මු අශාන් 58*. 


මුවර්ස් සහ ලන්කන්ස් 

මුවර්ස් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 410/4 (90): සචිත්‍ර සේරසිංහ 151, නිපුන් කරුණානායක 97*, මොහොමඩ් ශමාස් 81.

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<