ලහිරු උදාරගේ ලකුණු මැෂිම 1000 සීමාව අභියසට

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

3754

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග හතරක් අද (20) දින ආරම්භ විය. ඒ අතුරින් වැඩි අවධානයට ලක්වූයේ එන්. සී. සී. සහ සී. සී. සී. අතර පැවති තරගයයි. 

ශානකගේ ශතකයට ධනංජයගෙන් කඩුලු වැස්සක්

එම තරගය සඳහා වැඩි අවධානයක් යොමු වූයේ එහි අවසන් ප්‍රතිඵලය මත මෙවර ලීග් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන වග තීරණය කිරීමට හැකි වන නිසා සහ මෙම තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 22 දෙදෙනාගෙන් 17 දෙනෙකුම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම නිසාය. 

අද දිනය තුළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතර කැපී පෙනුන ක්‍රීඩකයින් බවට පත්වූයේ එන්. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ලහිරු උදාර සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුයි. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ශතකයක් සහ කඩුලු 5 අවස්ථාවක් සාර්ථක කරගනිමින් දස්කම් දක්වන ලදි. ලහිරු උදාර ඔහුගේ අවසන් ඉනිම් 5 තුළදී රැස්කර ගත් අවම ලකුණු ප්‍රමාණය ලකුණු 70ක් වන අතර ඔහු මේ වන විට මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේ මුළු ලකුණු 973ක් රැස්කර ගනිමිනි. 

කෝල්ට්ස් කණ්ඩායම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගනිමින් සිය දස්කම් තවදුරටත් මුවහත් කරගත් අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස්, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු වැනි ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 302කට සීමාකර ගැනීමට ඔවුන්ට හැකි විය. කෙසේ නමුත් සන්තුෂ් ගුණතිලක වාර්තා කරගත් අර්ධ ශතක ඉනිම වටා එක්වූ දිල්රුවන් පෙරේරා සහ අකිල දනංජය අර්ධ ශතක රැස්කර ගත්තේය. 

රාගම කණ්ඩායම නියෝජනය කරන රොෂේන් සිල්වා නැවතත් සිය සුපුරුදු රිද්මයට පිවිසීමට මාන බලමින් සිටින අතර අද දිනයේ දී ඔහු ලකුණු 80ක් රැස්කර ගනිමින් දස්කම් අතරට පැමිණියේය. ඊට අමතරව ශනුක දුලාජ් (ලකුණු 94), ශමින්ද ප්‍රනාන්දු (ලකුණු 92) සහ චතුරංග ද සිල්වා (ලකුණු 88*) පිතිකරණයෙන් දස්කම් දක්වන ලදි. 

Video – දේශීය ක්‍රිකට් වලට දැන් වැඩි වටිනාකමක් – පිටියේ කතා

එන්. සී. සී. සහ සී. සී. සී. තරගය

එන්. සී. සී. පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 341/5 (89): ලහිරු උදාර 111, චතුරංග ද සිල්වා 88, මහේල උඩවත්ත 77, ලහිරු ගමගේ 2/35. 

කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් තරගය

කෝල්ට්ස් පළමු ඉනිම – 302 (72): සන්තුෂ් ගුණතිලක 74, දිල්රුවන් පෙරේරා 58, අකිල දනංජය 51*, අසිත ප්‍රනාන්දු 5/87. 

හලාවත මේරියන්ස් (පළමු දිනය අවසානයේ) – 53/0 (11): 

බී. ආර්. සී. සහ සැරසන්ස් තරගය

බී. ආර්. සී. පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 319/6 (90): ශනුක දුලාජ් 94, රමින්ද විජේසූරිය 64, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, සචින්ත පීරිස් 2/83. 

රාගම සහ  යුද හමුදා තරගය

රාගම පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 294/5 (90): ශමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් මදුෂ්ක 56. 

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<