දිනේෂ් චන්දිමාල්ගෙන් රිදෙන ඉනිමක්

1394

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (19) පෙරවරුවේ දී එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගත්තේ ය.

සැරසන්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා වූ එම ඉනිම නොදැවුණ ලකුණු 101කින් සමන්විත ය. ඒ වෙනුවෙන් ඔහු චන්දිමාල් පන්දු 62ක් වැය කළ අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය. මේ අතර අද පැවති එස්. එස්. සී. සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේ දී පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි.

මධුරංග සහ චානක සුපිරි කඩුලු සබඳතාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18)…

එන්. සී. සී. සහ සැරසන්ස් අතර තරගය (A කාණ්ඩය)

කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 47ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් සැරසන්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ තම සුපුරුදු තණතීල්ලේ දී කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබා ගත්හ.

Photos: NCC vs Saracens SC – Major T20 Tournament 2018/19

එම ඉනිමේ දී දිනේෂ් චන්දිමාල්ගේ ඉනිමට අමතරව පැතුම් නිස්සංක පන්දු 22ක දී හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 35ක් ලබා ගත්තේ ය. ඊට අමතරව චතුරංග ද සිල්වා පන්දු 7ක දී ලකුණු 23ක් ලබා ගත්තේ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

කඩුලු ලබා ගැනීමේ දී රවීන් සේයර් ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 149ක් පමණි. එම ඉනිමේ දී රනිත ලියනාරච්චි පන්දු 33කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී සචින්ද කොළඹගේ ලකුණු 8කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

එන්. සී. සී. කඩුලු 5ක් දැවී 196 (20) දිනේෂ් චන්දිමාල් නොදැවී 101, පැතුම් නිස්සංක 35, චතුරංග ද සිල්වා 23, රවින් සේයර් 2/28

සැරසන්ස් ක්‍රීඩා සමාජ ; කඩුලු 9ක් දැවී 149 (20) ඇන්ඩි සොලමන්ස් 35, රනිත ලියනාරච්චි 48, නිපුන් කරුණානායක 20, සචින්ද කොළඹගේ 3/08

එස්. එස්. සී. සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය  (A කාණ්ඩය)

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කළහ.

කාසියේ වාසිය දිනූ බ්ලූම්ෆීල්ඩ් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස එස් එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 24කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තවත් පන්දු 17ක් සහ කඩුලු 4ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය පසු කළේය. එම ඉනිම වෙනුවෙන් මධුශාන් රවිචන්ද්‍රකුමාර් පන්දු 30කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේ ය.

ඊට අමතර ව නායක සචින් ජයවර්ධන පන්දු 18කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේ ය.

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 8ක් දැවී 149 (20) සඳුන් වීරක්කොඩි 41, නිපුන් ධනංජය 28, සචිත්‍ර සේනානායක 28, දසුන් ශානක 23, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/20, අසේල් සිගේරා 2/17, සචින් ජයවර්ධන 2/20

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 150 (17.1) සචින් ජයවර්ධන 34, සනෝජ් දර්ශික 20, මධුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 47, ජෙෆ්රි වැන්ඩර්සේ 2/40

නිශාන් මදුෂ්කගේ පිත්ත යළිත් ක්‍රියාත්මක වෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටය මේ වන විට…

කෝල්ට්ස් සහ කළුතර ටවුන් සමාජය අතර තරගය (B කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 48ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමත් විය.

කාසියේ වාසිය දිනූ කළුතර ටවුන් නායකයාගේ ආරාධනාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 150ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම පන්දු 55කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. නායක ඩිල්රුවන් පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31කි.

කඩුලු ලබා ගැනීමේ දී සචිත ජයතිලක ලකුණු 22කට කඩුලු 4ක් ලබා ගත් අතර ඊට අමතරව එරංග රත්නායක කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙණුනි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කළුතර ටවුන් ක්‍රීඩකයන්ට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 102ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නිපුන් ගමගේ (22) ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 150 (20) සධීර සමරවික්‍රම 55, ඩිල්රුවන් පෙරේරා 31, එරංග රත්නායක 3/23, සචිත ජයතිලක 4/22

කළුතර ටවුන් සමාජය; කඩුලු 6ක් දැවී 102 (20) නිපුන් ගමගේ 22, නිසල තාරක 2/27, කවිශ්ක අංජුල 2/15, ප්‍රභාත් ජයසූරිය 2/14

යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය (C කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදාව සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් රොස්කෝ තටිල් පන්දු 40කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ ය.  

Photos: Air Force SC vs Army SC | Major T20 Tournament 2018/19

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තවත් පන්දු 23ක් සහ කඩුලු 8ක් අතැතිව තිබිය දී නාවික හමුදා ලකුණු ප්‍රමාණය පසු කළේය.

යුද හමුදා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 2ක් එක් විය. අශාන් රන්දික පන්දු 28කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 53ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අසේල ගුණරත්න පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තේ ය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 153 (20) රවිඳු සෙම්බකුට්ටිගේ 26, උදයවංශ පරාක්‍රම 22, රොස්කෝ තටිල් නොදැවී 52, ජානක සම්පත් 2/21

යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 2ක් දැවී 154 (16.1) ලක්ෂිත මධුශංක 22,අශාන් රන්දික 53, අසේල ගුණරත්න නොදැවී 54, හිමාෂ ලියනගේ නොදැවි 21

වලියට බර ඕස්ට්‍රේලියානු පරෙවියා

2003 වසරේ දිනෙක කොදෙව්වන්ට එරෙහිව ඇන්ටිගුවාහී පැවති ටෙස්ට් තරගයේ සිව්වැනි ඉනිමේ…

වරාය අධිකාරිය සහ නාවික හමුදාව අතර තරගය (C කාණ්ඩය)

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ වරාය අධිකාරිය කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 150ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 107ක් පමණි.

වරාය අධිකාරිය කණ්ඩායම වෙනුවෙන් සාලිත ප්‍රනාන්දු පන්දු 27කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය. කඩුලු දවා ගැනීමේ දී රනේෂ් පෙරේරා කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වරාය අධිකාරිය කණ්ඩායම ඉනිම අවසන් වීමට තවත් පන්දු 12ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 107ක් පමණි. එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට ප්‍රිමෝෂ් පෙරේරා සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 46කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 09කට කඩුලු 3ක් දවා ගනිමින් වරාය ක්‍රීඩකයෝ අමාරුවේ දැමීමට පෙරමුණ ගත්තේ ය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 150 (19.3) තරුෂාන් ඉද්දමල්ගොඩ 30, සාලිත ප්‍රනාන්දු 40, චමින්ද බණ්ඩාර 2/31, පූර්ණ ද සිල්වා 2/22, රනේෂ් පෙරේරා 3/24

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 107 (18) ප්‍රිමෝෂ් පෙරේරා 56, සතික් නිමල්ෂ 2/19, තරුෂාන් ඉද්දමල්ගොඩ 2/16,  දුෂාන් හේමන්ත 3/09

බදුරලිය සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය (D කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් බදුරලිය ක්‍රීඩකයෝ ලකුණු 37ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි කස්ටම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තේ ය. එම ඉනිම වෙනුවෙන් නායක අලංකාර අසංක පන්දු 28ක දී ලකුණු 43ක් ලබා ගත්තේ ය. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

Photos: Badureliya CC vs Kandy Customs SC – Major T20 Tournament 2018/19

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122ක් පමණි. එම ඉනිමට එරෙහිව බුද්ධික සංජීව ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තේ ය.  

බදුරලිය ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 159 (20) අලංකාර අසංක 43, සචිත් පතිරණ 27, ප්‍රමුද් හෙට්ටිවත්ත 33, ශ්‍රිරාන් රත්නායක 23, සී. ප්‍රනාන්දු 2/40, එන්. රත්නායක 4/25

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 122 (19.2) තාරක වඩුගේ 24, ඩී. සුරවීර 21, බුද්ධික සංජීව 4/22, නුවන් තුෂාර 2/33, සචිත් පතිරණ 2/21  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<