ෂාරෝගේ රතු කාඩ්පත මැද CR අමාරුවෙන් ජයග්‍රහණයට

69
Club Rugby

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CR&FC හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර දෙවන වටයේ තරගයෙන් ලකුණු 22-28ක් ලෙස ජය හිමි කර ගන්නට CR&FC සමත් වුනා.  

නාවිකයෝ වැලිසර දී අසරණ වෙති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා

තරග තහනමකට ලක්ව සිටි CR නායක ඔමල්ක ගුණරත්න හා ෂාරෝ ප්‍රනාන්දු මේ තරගයේ දී නැවතත් කණ්ඩායම හා එක්වුණේ CR ඉදිරිපෙළ සවිමත් කරමින්.

තරගය ආරම්භයේ දී ම ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත් මුර්ශිඩ් සුබයිර් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා. යුධ හමුදා ක්‍රීඩා සමාජය ආරම්භක මිනිත්තු කිහිපයේ දී CR කණ්ඩායමට දඬුවම් පහර රාශියක් පූජා කළ අතර අවස්ථා කිහිපයක් උත්සාහක දිනුම් බවට පරිවර්තනය කරන්නට ඔවුන්ට නොහැකි වුනත් 13 වැනි මිනිත්තුවේ දී ඔමල්ක ගුණරත්නගේ අලංකාර ධාවනයක පසුව මිලාන් වීරසිංහ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළා. සුබයිර් එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තා. (CR 10-00 යුධ)

යුධ හමුදා කණ්ඩායම දිගින් දිගටම සිදු කළ අතපසුවීම් රැසකට පසුව රාහුල් ද සිල්වා උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගිය නමුත් විනිසුරු සඳහන් කළේ එය held up අවස්ථාවකට ලක් වූ බවයි. කෙසේ වෙතත් එම උත්සාහයට පසුව මුර්ශිඩ් සුබයිර් 25 වැනි මිනිත්තුවේ දී ධවල රේඛාව ඉක්මවා ගියේ ලකුණු පරතරය තවත් ඉහළ දමමින්. එහි ප්‍රවර්තනයත් ඔහු සාර්ථක කර ගත්තා. (CR 17-00 යුධ)

දිගින් දිගටම සිදු කළ අතපසුවීම් කිහිපයක් නිසා ෂාරෝ ප්‍රනාන්දු හට කහ කාඩ්පතකින් සංග්‍රහ කිරීමට විනිසුරුට සිදු වුණු අතර එය තරගයේ විශේෂ අවස්ථාවක් වුනා. ඉන් උපරිම ප්‍රයෝජනය ගත් යුධ හමුදා ක්‍රීඩකයින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළා.

පළමු අර්ධයේ දක්ෂතා පොලීසියට ජය ගෙන එයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වැනි සතියේ තරග ඊයේ (14)

සුධාරක දික්කුඹුර ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් තමන් වෙතට ඇදගෙන පන්දුව ඉසුරු මැදගෙදර වෙත ලබා දුන් අතර ඉසුරු ධවල රේඛාව පහසුවෙන් ඉක්මවා ගියා. තරගය වෙනස් වීමට බලා පෑ තවත් සාධකයක් වුනේ පෙර තරගවල දී ඉතා හොඳින් පන්දුවට පා පහර ලබා දුන් ඉසුරු මැදගෙදර මේ තරගයේ දී අසාර්ථක වීමයි. ඔහු එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැහැ. (CR 17-05 යුධ)

කෙසේ වෙතත් පළමු අර්ධය ලකුණු සමඟින්ම නිමා කරන්නට සමත් වුනේ CR&FC කණ්ඩායමයි. CR ෆ්ලයි හාෆ් ක්‍රීඩක ලෙස ක්‍රීඩා කළ යොවුන් කළිඳු නන්දිල යුධ හමුදා ආරක්ෂක වළල්ල මඟ හැර ගිය අතර මුර්ශිඩ් සුබයිර්ගේ හා ජනිඳු දිල්ශාන්ගේ පන්දු හුවමාරුවකට පසු ජනිඳු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියා. එහි ප්‍රවර්තනය නම් සාර්ථක වුනේ නැහැ.

පළමු අර්ධය: CR&FC කණ්ඩායම 22 – 05 යුධ හමුදා ක්‍රීඩා සමාජය

යුධ හමුදා ක්‍රීඩා සමාජය දෙවන අර්ධයේ පළමු මිනිත්තු 20 තමන්ගේ නමට ලියා ගත්තේ නැවතත් තරගයට පිවිසෙමින්. ඔවුන්ට මනා සහයක් දෙමින් 45 වැනි මිනිත්තුවේ දී ෂාරෝ ප්‍රනාන්දු සිය දෙවන කහ කාඩ්පතත් ලබා ගත්තේ රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවතට යමින්. 

අහිමි වූ ක්‍රීඩකයාගේ වාසිය මනා ලෙස ලබා ගත් යුධ හමුදා ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක නිරත වුණු අතර CR ආරක්ෂක වළල්ල කිසිදු සංවිධානාත්මක ක්‍රීඩා විලාසයක් පෙන්වන්නට සමත් වුනේ නැහැ.

51 වැනි මිනිත්තුවේ දී යුධ හමුදාව වෙනුවෙන් ධනුක විජේතිලක ධවල රේඛාව ඉක්මවා ගිය නමුත් විනිසුරු සඳහන් කළේ එය Held Up අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසුව අශාන් බණ්ඩාර අලංකාර පාද චලනයකින් CR ක්‍රීඩකයින් නොමඟ යවා තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. ඉසුරු මැදගෙදර හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. (CR 22-10 යුධ)

හැව්ලොක් පිටියට ආ ආගන්තුකයින් අසරණයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ එකොළොස්වැනි සතියේ තවත් තරගයක්

යුධ හමුදාව දිගින් දිගටම ඉතා හොඳ ආක්‍රමණයක යෙදෙමින් CR කණ්ඩායම දැඩි පීඩනයක හෙලූ අතර මෙවර යුධ හමුදාවේ සේවයට ආවේ ෆිජී ක්‍රීඩක ටොමාසි කක්සාවූ. CR ක්‍රීඩකයින් දෙදෙනෙක් සම්පුර්ණයෙන් බිඳ දමමින් ඔහු සුපිරි ධාවනයක නිරත වුණු අතර සුධාරක දික්කුඹුර හා ඔහු අතර සිදුවුණු පන්දු හුවමාරුවකින් පසුව ලහිරු රත්නායක උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ මෙවර තරග වාරයේ හොඳම උත්සාහක දිනුමක් යුධ හමුදාවේ නමට ලියා ගනිමින්.

තරගයේ තීරණයට දැඩි බලපෑමක් කරමින් ඉසුරු මැදගෙදරගේ එම ප්‍රවර්තන උත්සාහයත් අපතේ ගියා. (CR 22-15 යුධ)

දැඩි යුධ හමුදා පීඩනය මධ්‍යයේ CR පුහුණුකරු අත්දැකීම් බහුල රීසා මුබාරක් කණ්ඩායම එකතු කළ අතර 63 වැනි මිනිත්තුවේ හා 68 වැනි මිනිත්තුවේ ඔහු වාර්තා වුණු දඬුවම් පහර දෙකකින් CR නැවත තරගය තමන් දෙසට හරවා ගත්තා. (CR 28-15 යුධ)

මද පසුබෑමකට පත් වූ යුධ හමුදා කණ්ඩායම නැවත 74 වැනි මිනිත්තුවේ දී තරගයට අවතීරණ වුනා. සුධාරක දික්කුඹුර පන්දුවට පා පහර දී පන්දුව හඹා ගෙන ගොස් යුධ හමුදාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. ලකුණු පරතරය එක් උත්සාහක දිනුමකට සීමා කරමින් ලහිරු රත්නායක එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා.  (CR 28-22 යුධ)

යුධ හමුදාව දිගටම පන්දුව තමන්ගේ අතේ තබාගෙන ක්‍රීඩා කරන්නට උත්සහ කළත් අවාසනාවන්ත ලෙස ඔවුන් CR කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන්නේ තරගයේ ග්‍රහණය අතහරිමින්. රීසා මුබාරක් රිසි සේ කාලය රැගෙන තවත් ලකුණු තුනක් ගෝල කණු අතරින් ගුවන්ගත කළේ තරගයේ CR ජය ස්ථිර කරමින්.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 22 (4T, 1C) – 28 (3T, 2C, 3P) CR & FC ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ 

  • යුධ හමුදාව: සුධාරක දික්කුඹුර (1T), ලහිරු රත්නායක (1T, 1C), ඉසුරු මැදගෙදර (1T), අශාන් බණ්ඩාර (1T)  
  • CR&FC: මුර්ශිඩ් සුබයිර් (1T, 2C), රිසා මුබාරක් (3P), ජනිඳු දිල්ශාන් (1T), මිලාන් වීරසිංහ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<