වලියට බර ඕස්ට්‍රේලියානු පරෙවියා

4333

2003 වසරේ දිනෙක කොදෙව්වන්ට එරෙහිව ඇන්ටිගුවාහී පැවති ටෙස්ට් තරගයේ සිව්වැනි ඉනිමේ ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් හඹායමින් සිටියේ. රම්නරේෂ් සර්වාන් ඔවුන් වෙනුවෙන් ඉතාම හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. මා කල්පනා කලා ඔහුව අවුස්සන්න. මගේ කටින් පිටවුණේ අසැබි වදන් කිහිපයක්. නමුත් ඔහු එයට පිළිතුරු දුන්නේ පිළිකා රෝගයකින් පීඩා විදින මගේ බිරිඳවත් ඇඳා ගනිමිනුයි.

මෙහෙම කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙක් ලෙස සැලකෙන ග්ලේන් මැක්ග්‍රාත්. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 563ක් සහ එක්දින කඩුලු 381ක් දවාගත් මැක්ග්‍රාත් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙසයි. තමන්ගේ දුෂ්කර ළමාවිය, බිරිඳගේ අකල් වියෝව, ක්‍රිකට් ක්‍රීඩාවේ දී මුහුණ දුන් අභියෝග සම්බන්ධයෙන් මැක්ග්‍රාත් පවසන්නේ මේ ආකාරයෙන්.

විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට (13) ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි……

මගේ කුඩා කාලය ගැන කතා කළොත් මම හරිම ලැජ්ජාශීලී දරුවෙක්. පිරිසක් ඉදිරියේ වචන දෙකක් කතා කිරීම පවා මට සෑහෙන අභියෝගයක් වුනා. මගේ සමහර ගුරුවරුන් මගේ පෞරුෂය වර්ධනයට කියා පංතියේ ගැහැණු ළමයින් අතරට මාව දැමූ අවස්ථාත් තිබුණා.

මා කලින් සඳහන් කළ පරිදි පිරිසක් ඉදිරියේ කතා කිරීමේ අපහසුතාව ඇති බව. එක්තරා දිනක මම තීරණය කළා මගේ බිය පසෙකින් තබා යථාර්ථයට මුහුණ දීමට. මා නොදන්නා දේ ගැන කතා කිරීමෙන් වැළකීමටත්, මා දන්නා දේ ගැන පමණක් කතා කිරීමටත් මම තීරණය කළා. පසුව මට තේරුම් ගියා මගේ බිය ඇත්තටම පුස්සක් බව.

මගේ කුඩා කල ජීවිතය තරමක සංකීර්ණ සහ දුෂ්කර එකක්. වයස හත වන විට මට වාහන පැදවීමේ හැකියාව ලබා ගන්නට පවා සිදු වුනා. අප ජීවත් වූ පරිසරය ඒ ආකාරයි. ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූවාට පසුව මට නගරයට සංක්‍රමණය වෙන්න සිදු වුනා. නමුත් නගරයේ අප හඳුනන කිසිවෙකු සිටියේ නැහැ. ඒ නිසා කැරවෑන් රථයක පදිංචි වෙන්නට මටත් මගේ මවටත් සිදු වුනා.

වමත් කසකරුවාගේ ඔබ නොදන්නා ආරම්භය

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම සීමිත පන්දුවාර තරග රටාව සහ එහි හැඩතල වෙනත්ම දිශානතියකට යොමු කළ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය…….

මා මගේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විට පළමුපෙළ තරග හත අටකට වඩා සංඛ්‍යාවට සහභාගි වී තිබුණේ නැහැ. මට මතකයි වයස අවුරුදු දහසයේ දී පමණ මා පාසල් කණ්ඩායමෙන් පවා ප්‍රතික්ෂේප වුනා. මටම සමහර විට පුදුමයි මම ආ ගමන්මග ගැන. ටෙස්ට් කඩුලු 563ක් කියන්නේ සුළුපටු ප්‍රමාණයක් නොවෙයි. මගේ වාර්තා දකින සමහර විට මම මාවම කොනිත්තා ගසමින් සපථ කරගන්නවා මෙය සිහිනයක් නොවන  බවට.

මා විසින් දවා ගන්නා ලද කඩුලු, දැවී ගිය ආකාරය සමඟ මතක තබා ගැනීමට සුවිශේෂී හැකියාවක් මා සතුව තිබුණා. උදාහරණයකට ඔබ මගෙන් විමසුවොත් මගේ 138 කඩුල්ල කවුද කියා නසාර් හුසේන්, හෙඩිංග්ලි වලදී මාක් ටේලර් උඩපන්දුවක් රැක ගැනීමෙන් කියන්නට මට හැකියාවක් තිබෙනවා. මා විසින් දවා ගත් කඩුලු දිගින් දිගටම ආවර්ජනය කරමින් ඉතාම ධනාත්මක සිතුවිලි සමඟ ක්‍රීඩාවේ යෙදෙන්න මට හැකි වුනා.

1995 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කොදෙව් සංචාරය කණ්ඩායමක් ලෙස අපට ඉතා වැදගත් සංචාරයක්. කොදෙව් වේගපන්දු බලඇණියට පවා කෙටි පන්දු යැවීමට කණ්ඩායම් රැස්වීමේ දී අප තීරණයකට පැමිණියා. කර්ට්ලි ඇම්බ්‍රෝස්, කර්ට්නි වෝල්ෂ්, කෙනත් බෙන්ජමින් වැනි ක්‍රීඩකයින්ට කිසිම කණ්ඩායමක් එවැනි ආකාරයකින් සලකා තිබුණේ නැහැ. කෙටි පන්දුවලින් අප ඔවුන්ට ලබා දුන් අභියෝගය බොහෝ දෙනෙකුට  විශ්මය දනවන්නක් වුනා.

පිතිකරුවෙකු ලෙස මගෙන් කණ්ඩායමට එතරම් මෙහෙයක් ඉටු වුනේ නැහැ. නමුත් මගේ සෑම දැවී යෑමක්ම මට සෑහෙන වේදනාවක් ගෙන දුන්නා. ඉයන් හීලී වරෙක පැවසුවා මා මගේ දැවී යෑම් ගැන දිගින් දිගටම කල්පනා කිරීම පන්දු යැවීමට බාධාවක් වෙයිදෝ කියා ඔහු මහත් කනස්සල්ලට පත්වූ බව.

ටෙස්ට් තරගවල මා ලබා ඇත්තේ එකම අර්ධ ශතකයක් පමණයි. එය මා රැස්කළේ  නවසීලන්ත කණ්ඩායමට එරෙහිව. බොහෝ දෙනෙක් එය අහම්බයක් ලෙසයි දකින්නේ. නමුත් බොහෝ දෙනා නොදන්නා කාරණාවක් ඒ පිටුපස තිබෙනවා. ආබාධයකට ලක්වීමෙන් අනතුරුව සෑහෙන කලකට පසුවයි මම ජාතික කණ්ඩායම නියෝජනය කළේ. ඒ අතර කාලයේ මට සෑහෙන දුරකට පුහුණු දැල්වල පන්දුවට පහර දීමට සිදු වුනා. වෙනදා අවුරුද්දකට මුහුණ දෙන පන්දු ප්‍රමාණයට සතියක් ඇතුළත මා මුහුණ දුන්නා. මා රැස්කළ අර්ධ ශතකයේ රහස එයයි.

පොඩිම තැනින් ලොකුම තැනට ගිය වසීම් අක්‍රම්

ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්. 1984 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වුණා එක්තරා ක්‍රිකට් පුහුණු කඳවුරක්. වේගපන්දු යවන්නෙකු…..

බොහෝ විට මා පන්දුවට පහර දීමට පැමිණෙන විට අනෙක් සගයින් එයට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. ඒ මගේ පිතිහරඹයේ තරම දන්නා නිසා. නමුත් මෙදා රිකී පොන්ටින්, ඇඩම් ගිල්ක්‍රිස්ට් වැනුන් මා දිරිමත් කරමින් සහ සිනහ වෙමින් අර්ධ ශතකය රැස්කරන තෙක් තරගය නැරඹුවා.

සර්වාන්ගේ සිද්ධිය සේම සහෝදර ක්‍රීඩක මැතිව් හේඩ්න් සමඟ සිදු වූ ගැටුමටත් විශාල ප්‍රචාරයක් ලැබුණා. තවමත් අපි දෙදෙනා එය මතක් කරමින් එකිනෙකාට චෝදනා කර ගනිමින් විනෝද වෙනවා. හේඩොස්ගේ බිරිඳ කෙලී නම් කියන්නේ දැන් ඔය සිද්ධිය අමතක කිරීමට කාලය බවයි.

ක්‍රිකට් කියන්නේ පිතිකරුවන් ආධිපත්‍යය පැතිර වූ ක්‍රීඩාවක්. පන්දු යවන්නන් ලෙස මෙම ක්‍රීඩාවේ දී අපට ලැබෙන ගෞරවය සෑහෙන අඩුයි. පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ ශතකයක් ලබා ගත් විට පිත්ත ඔසවා ප්‍රේක්ෂකාගරයට ආචාර කරනවා. මම එක්තරා අවස්ථාවක යෝජනා කළා පන්දු යවන්නන් වශයෙන් අපිත් යමක් කළ යුතු බව. එතැන් පටන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කඩුලු පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගත් විට පන්දුව ඔසවා ප්‍රේක්ෂකාගරයට ආචාර කිරීම සිරිතක් බවට පත්වුනා.

මට ජේන් පළමු වරට මුණගැහෙන්නේ 1995 වසරේ හොංකොං හි සමාජශාලාවක් තුළ දී. 1999 වසරේ දී අප විවාහ වුනා. ඇයට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව 1997 වසරේ දී අපි මුලින්ම දැන ගත්තේ. මා මෙන්ම ඇයත් එතරම් සමාජයට විවෘත වූ අය නෙවෙයි. නමුත් අප තීරණය කළා සමාජය ඉදිරියට ඇවිත් ඇගේ රෝගය ගැන තවත් කෙනෙකු දැනුවත් කරන්න සහ හැකි නම් තවත් ජීවිතයක් බේරගන්න.

එය වැඩිදුරටත් ඉදිරියට ගෙන යෑමට 2005 වසරේ අප මැක්ග්‍රාත් පදනම පිහිට වූයේ. ජේන් මියගිය කාලය මට හරිම අසීරු එකක්. අන්තිමේ මම තීරණය කළා දරුවන් දෙදෙනා මගේ මවට බාරදී කෙටි කාලයට ඕස්ට්‍රේලියාවෙන් නික්මෙන්න. මානසික තත්වය යථා තත්වයට පත්වන තෙක් මා සති කිහිපයක් සිම්බාබ්වේ බලා පිටත් වුනා.

අසනීප තත්වයෙන් පසුවුනත් ඇයට අවශ්‍ය වූයේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට. ඉන්දියාව වගේ රටක අධික උෂ්ණත්ව තත්වයන් යටතේ වේගපන්දු යවන්නන්ට කිසිසේත් සුදුසු නැති පරිසරයක ක්‍රීඩා කරද්දී මට ජේන් සහ ඊට සමාන තත්වයෙන් සිටින මනුෂ්‍යයින් විඳින ගැහැට දිගින් දිගටම මතකයට නැගුණා.

මම සාමාන්‍යයෙන් අනෙක් රටවල ක්‍රීඩකයින් හා එතරම් විවෘත චරිතයක් නෙවෙයි. නමුත් ඉන්දියානු ප්‍රිමියර් ලීගය හරහා විවිධ රටවල ක්‍රීඩකයින් මුණගැහෙන විට ඒ තත්වය සෑහෙන දුරකට වෙනස් වුනා. 2009 වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීගයට දකුණු අප්‍රිකාවට ගිය අවස්ථාවේදීයි මට මගේ දෙවන බිරිඳ සාරා මුණගැහෙන්නේ. කෙවින් පීටර්සන් සහ පෝල් කොලින්වුඩ් දෙදෙනාගේ මහත් පරිශ්‍රමය නිසා තමයි අප දෙදෙනා අතර සම්බන්ධතාවයක් ඇතිවෙන්නේ.

මා තුළ දැවෙන ආශාවක් තිබුණා ජාත්‍යන්තර කඩුලු දහසක් දවා ගැනීමට. නමුත් 2006 වසරේ අළුබඳුන තරගාවලිය අතරතුර එක්තරා උදෑසනක නින්දෙන් අවදි වන විට ඒ සියලු ආශාවන් මගේ සිතෙන් තුරන්ව තිබුණා. ඊට දින කිහිපයකට පසුව මම ෂේන් වෝන් සමඟින්ම ක්‍රීඩාවට සමුදෙන්න තීරණය කළ බව කණ්ඩායමේ සාමාජිකයින්ට දැනුම් දුන්නා. එය ඉතාම හැඟීම්බර අවස්ථාවක් වුනා.

ක්‍රීඩා කළ සමයේ මා හදවතින්ම ක්‍රීඩා කළා. නියමිත කාලයේ හෝ ඊට පෙර ක්‍රීඩාවෙන් සමුගත්තා. මා ක්‍රිකට් පිටියේ කළ දේ ගැන මිහිරි මතකයක් මිස කිසිදු පසුතැවීමක් නැහැ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<