නිශාන් මදුෂ්ක පිත්තෙන් යළිත් වැඩ පෙන්වයි

491

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටය මේ වන විට අවසන් වී තිබෙන අතර ඊයේ (18) දිනයේ දී තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක්ම ක්‍රියාත්මක විය.

සාන්ත ජෝසප් විද්‍යාලයට තවත් වාසියක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ

ගුරුකුල විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාල පිතිකරුවන් එරන් හංසමාල්ගේ දක්ෂ පන්දු යැවීමට එරෙහිව පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 134ක් පමණි.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින මොරටු මහා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 159ක් ලබාගෙන පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගෙන තිබුණි.

එහි දී මොරටු මහා විද්‍යාලයේ නායක මෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ආරම්භක කඩුලු රකින පිතිකරුවෙක් වනා නිශාන් මදුෂ්ක මෙවර තරග වාරය තුල සාර්ථක කර ගත් 6 වැනි ශතකය සම්පූර්ණ කරගන්නා ලදි. නිශාන් ලකුණු 110*ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 134 (48.2): ප්‍රවීන් නිමේෂ් 34, සිතිජ චමෝද් 30, සසිත අශාන් 26, ඒරන් හංසමාල් 5/35, රශාන් කවිෂ්ක 2/31

මොරටු මහා විද්‍යාල පළමු (පළමු දිනය අවසානයේ) – 159/5 (44.3): නිශාන් මදුෂ්ක 110*, නුවන්ත මදුශාන් 2/35, ප්‍රවීන් නිමේෂ් 2/75.

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන


මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

තවත් සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් විද්‍යාර්ථ විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 168ක් රැස්කර ගත්තේය.

සංචාරක විද්‍යාර්ථ විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන මෙදුනක විජයතිලක මේ තරගයේ පළමු දිනය අවසන් වන විට වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියේ ලකුණු 36ක් රැස්කර ගැනීම නිසාවෙනි. ඔහුගේ ඉනිම 4 පහර 3කින් වර්ණවත් විය. පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ චාමික රණසිංහ කඩුලු 3යි.

තරගයේ පළමු දිනයේ නිමාව සටහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 59ක් ලබාගෙන තිබුණි.

තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

විද්‍යාර්ථ විද්‍යාල පළමු ඉනිම –  168 (72.5): මෙදුනක විජයතිලක 36, නවෝද් දිලක්ෂ 29, චාමික රණසිංහ 3/38, කවිඳු නිර්මාල් 2/31, සචිර රශ්මික 2/33.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 59/5 (21)

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇපත් නැති වෙයි

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර (17) පැවති තෙවැනි සහ අවසාන එක්දින තරගයේ දී ද


සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 246ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි.

සත්කාරක සාන්ත පීතර විද්‍යාල පිතිකරණ අංශය වර්ණවත් කළ ආරම්භක පිතිකරු දිනිත් අංජුල ලකුණු 91ක් ලබාගෙන සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඔහුගේ එම ඉනිම 4 පහර 9කින් වර්ණවත් විය.

Photos: St.Peter’s College vs St.Anthony’s College | Singer U19 Cricket Tournament 2018/19

ඊට අමතරව නායකත්වයේ ඉනිමක් දියත් කළ රන්මිත් ජයසේන සාන්ත පීතර ඉනිමේ මැදපෙළ ශක්තිමත් කරමින් ලකුණු 60ක් වාර්තා කරගත්තේය. පන්දු යැවීමේ දී සසිත් හිරුදික හා නිම්නක ජයතිලක අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම 22/1ක් ලෙස සාන්ත පීතර විදුහල් ක්‍රිකට් පිටියේ ප්‍රධාන ලකුණු සටහනේ දිස්ව තිබුණි.  

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 246/9d (79.4): දිනිත් අංජුල 91, රන්මිත් ජයසේන 60, කනිෂ්ක ප්‍රනාන්දු 36, සසිත් හිරුදික 3/45, නිම්නක ජයතිලක 3/65, තමාෂණ අබේකෝන් 2/26.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ)  – 22/1 (13):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම අද (19) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<