පළමු ශතකය තික්ෂිලගෙන්

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021

943

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර මෙවර ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා සමත් වූවා. ඔහුගේ මෙම ශතකය වාර්තා වන්නේ තරගාවලිය ආරම්භ වී දින 26ක් ගතවූ පසුවයි.

27 හැවිරිදි වමතින් පන්දුවට පහර දෙන තික්ෂිල පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා. එය ඔහුගේ List A ලැයිස්තුවේ හොඳම ඉනිම බවට පත් වූවාට අමතර ව එම ලැයිස්තුවේ ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ද තික්ෂිල අද (21) සමත් වුනා.

මේ අතර අද නිමා වූ තරගවල දී සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ සචිත ජයතිලක, සැරසන්ස් කණ්ඩායමේ සිතාර ගිම්හාන්, හලාවත මේරියන්ස් කණ්ඩායමේ කසුන් විදුර, පොලිස් කණ්ඩායමේ චතුරංග කුමාර, ගුවන් හමුදාවේ කෙමිර විජේනායක, යුද හමුදාවේ ලක්ෂාන් එදිරිසිංහ සහ අසේල ගුණරත්න අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට BRC කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන 27 හැවිරිදි දුශාන් හේමන්ත සමත් වුනා. ඔහු Kandy Customs කණ්ඩායමට එරෙහිව ලකුණු 28කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතරව සැරසන්ස් කණ්ඩායමේ උදිත මධුශාන්, ගුවන් හමුදාවේ අරවින්ද ප්‍රේමරත්න සහ යුද හමුදාවේ ශෙහද සොයිසා දක්ෂ පන්දු යැවීම්වල නිරත වුවා.

Group A, කළුතර Town සහ නුගේගොඩ (Surrey ක්‍රීඩාංගණය, මග්ගොන)

නුගේගොඩ ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්

  • කළුතර Town; සියලුම දෙනා දැවී 88 (26.4) අසන්ත බස්නායක 18, රනිත ලියනාරච්චි 2/16, නවීන් ප්‍රනාන්දු 2/23, රවීන් සේයර් 2/11
  • නුගේගොඩ; කඩුලු 5ක් දැවී 89 (18.5) නිමේෂ් ගුණසිංහ 28, ඩිලාන් ජයලත් 21, ඉන්ෂක සිර්වර්ධන 2/34, මහේෂ් ප්‍රියදර්ශන 2/40

Group B, සෙබස්තියනයිට්ස් සහ සැරසන්ස් (ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව)

සැරසන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්

  • සෙබස්තියනයිට්ස්; සියලුම දෙනා දැවී 170 (31.5) අදිශ නානායක්කාර 38, මනෝජ් සරත්චන්ද්‍ර 22, සචිත ජයතිලක නොදැවී 61, උදිත් මධුශාන් 4/56, ආකාශ් සේනාරත්න 2/25
  • සැරසන්ස්; කඩුලු 3ක් දැවී 171 (31) සිතාර ගිම්හාන් 51, නිපුන් කරුණානායක 38, නවිඳු විතානගේ නොදැවී 41, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 29

Group B, හලාවත මේරියන්ස් සහ පොලිසිය (තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණය)

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 54ක ජයක්

  • හලාවත මේරියන්ස්; සියලුම දෙනා දැවී 275 (49) ලසිත් කaaස්පුල්ලේ 22, කසුන් විදුර 60, තික්ෂිල ද සිල්වා නොදැවි 106, නිසල තාරක 2/58, චතුරංග කුමාර 2/05
  • පොලිසිය; සියලුම දෙනා දැවී 221 (45) දෙනුවන් රාජකරුණා 41, අශේන් බණ්ඩාර 46, චතුරංග කුමාර 52, නදීර බාලසූරිය 32, අවිඳු තීක්ෂණ 3/38, පුලින තරංග 2/45, කමිඳු මෙන්ඩිස් 2/39, කසුන් විදුර 2/19

Group A, BRC සහ Kandy Customs (BRC ක්‍රීඩාංගණය)

Kandy Customs ක්‍රිකට් සමාජයට කඩුල්ලක ජයක්

  • BRC; සියලුම දෙනා දැවී 101 (30.4) Dan Mousley 21, රවින්ද්‍ර කරුණාරත්න 3/19, සචිත්‍ර පෙරේරා 2/18, උමේග චතුරංග 2/20
  • Kandy Customs; කඩුලු 9ක් දැවී 103 (36.1) මින්හාජ් ජලීල් 21, Dan Mousley 2/27, දුශාන් හේමන්ත 6/28

Group A, ගුවන් හමුදාව සහ CCC (ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කටුනායක)

CCC කණ්ඩායමට ලකුණු 41ක ජයක්

  • CCC; සියලුම දෙනා දැවී 187 (50) රොන් චන්ද්‍රගුප්ත 31, අශාන් ප්‍රියංජන් 38, ලසිත් අබේරත්න 47, චමිඳු විජේසිංහ 27, අරවින්ද ප්‍රේමරත්න 5/38, මධුශංක ප්‍රේමරත්න 2/44
  • ගුවන් හමුදාව; සියලුම දෙනා දැවී 146 (46.1) කෙමිර විජේනායක 50, මොවින් සුබසිංහ 26, මාලින්ද පුෂ්පකුමාර 3/25, සොනාල් දිනූෂ 3/17, අශාන් ප්‍රියංජන් 2/28

Group A, යුද හමුදාව සහ නාවික හමුදාව (යුද හමුදා ක්‍රීඩාංගණය, දොඹගොඩ)

යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්

  • නාවික හමුදාව; සියලුම දෙනා දැවී 139 (39.5) සුහඟ විජේවර්ධන 23, මධුර මධුශංක 23, තුශාර මධුශංක 20, සීක්කුගේ ප්‍රසන්න 2/25, අසේල ගුණරත්න 2/13, ශෙහද සොයිසා 5/37
  • යුද හමුදාව; කඩුලු 3ක් දැවී 140 (31) ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 59, අසේල ගුණරත්න නොදැවී 59, පසිඳු මධුශාන් 2/28

මේ අතර Group A කාණ්ඩයෙන් පැවැත්වීමට නියමිත තිබූ NCC සහ මූවර්ස් අතර තරගයත්, ලංකන් සහ මීගමුව අතර තරගයත් සහ Group B කාණ්ඩයෙන් පැවැත්වීම නියමිතව තිබූ Tamil Union සහ රාගම අතර තරගයත් ක්‍රීඩාංගණවල පැවති අයහපත් තත්වයන් මත අතහැර දමන ලදි.

Group B කාණ්ඩයෙන් තරග වැදීමට සිටි Ace Capital සහ කෝල්ට්ස් අතර තරගයේ Ace Capital ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම තරගය ද අතහැර දමන ගොඩට වැටුණා.

ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන් ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<