Home Sinhala දිමුත්ගේ සටන්කාමී ශතකයට ධනංජයගෙන් නොදැවුණු අර්ධ ශතකයක්

දිමුත්ගේ සටන්කාමී ශතකයට ධනංජයගෙන් නොදැවුණු අර්ධ ශතකයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

560

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබාගෙන සිටිනවා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 132*ක් ලබාගෙන නායකත්වයේ ඉනිමක් දියත් කරමින් සිටින්නේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 13 වැනි ශතකය ද සමඟිනුයි.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම.
  • බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Jeremy Solozano, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Rahkeem Cornwall, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Shannon Gabriel

කාසියේ වාසිය දිනා ගත් දිමුත් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් වන මේ තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි දිමුත් සහ නිස්සංක පළමු දිනයේ පළමු සැසිය අවසානය දක්වා සිය කඩුල්ල රැකගනිමින් ඉතාමත් හොඳ සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා. ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නවතා දමන විට ශ්‍රී ලංකාව කිසිවෙක් නොදැවී ලකුණු 61ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී දිමුත් එල්ල කිරීමට වෙරදැරූ පුල් පහරක් short leg කලාපයේ පන්දු රකිමින් සිටි, මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන Solozanoගේ හිස් ආවරණයේ වැදුණු අතර ඉන් තරමක් අසාධ්‍ය තත්වයට පත් වූ ඔහු වහාම රෝහල් ගත කිරීමට පියවර ගැනුණා.

ලකුණු 14 දී දිමුත්ව දවා ගැනීමට නිර්මාණය වූ අනගි අවස්ථාවක් ස්ලිප් කලාපයේ පන්දු රකිමින් සිටි Blackwood අතින් මඟ හැරී ගියා. එසේම කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථා තුනෙන් දෙකක් ඉතාමත් දුර්වල ලෙස අපතේ යවා ගත්තා.

දිවා ආහාරයෙන් පසුව ද ඉතාමත් හොඳින් කොදෙව් පන්දු යවන්නන් පීඩනයට හසු කරමින් පන්දුවට පහර දෙමින් සිටි නිස්සංක සහ දිමුත්ගේ සබඳතාවය ලකුණු 139 දී නිමා කිරීමට Gabriel සමත් වුනා. පන්දු 140ක දී ලකුණු 56ක් ලබාගෙන සිටි නිස්සංකගේ ඉනිමට 4 පහර 7ක් ඇතුළත් වුනා. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකයයි.

එකම වසරේ, එකම ක්‍රීඩාංගණයේ වෙනස්ම ආකාරයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක්, පළමු කඩුල්ල සඳහා ශතක සබඳතාවයන් දෙකක් ලබා ගත් පළමු අවස්ථාව ද මෙය වුනා. දිමුත් සහ නිස්සංක කොදෙව්වන්ට එරෙහිව මේ ලබා ගත් ලකුණු 139 සබඳතාවයට අමතරව මේ වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ ක්‍රීඩාංගණයේ දී ම පැවති ටෙස්ට් තරගයක දී කුසල් පෙරේරා සහ ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලකුණු 101ක සබඳතාවයක් ගොඩනැංවූවා.

එසේම මේ ලකුණු 139 සබඳතාවය, කොදෙව් කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගයක දී පළමු කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැංවූ හොඳම සබඳතාවය බවට ද පත් වුනා.

තේ පානයට පසුව පන්දු 27කට මුහුණ දී ලකුණු 3ක් ලබාගෙන සිටි ඕෂද ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගත් Chase ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල ද ඉතාමත් ඉක්මනින් බිඳ හෙලීමට සමත් වුනා.

ලකුණු 170කට කඩුලු 3ක් දැවී ගොස් තිබූ ඉනිම නැවත වරක් ගොඩනැංවීම වෙනුවෙන් දිමුත් සමඟ පිටියේ එක් වූ ධනංජය ද සිල්වා ලකුණු 97*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවූවා. තරගයේ නිමාව සටහන් වන විට දිමුත් 4 පහර 13ක් සමඟ නොදැවී ලකුණු 132*ක් ලබාගෙන සිටි අතර ධනංජය නොදැවී ලකුණු 56*ක් ලබාගෙන සිටියේ 4 පහර 5ක් එල්ල කරමිනි.

මේ තරගයේ දී ධනංජය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 9 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුනා. එසේම දිමුත් මේ තරගයේ දී ලබා ගත් ශතකය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 13 වැනි ශතකය වුනු අතර එය ඔහු විසින් මේ වසරේ දී ලබා ගත් සිව්වැනි ටෙස්ට් ශතකය වුනා. ඔහු එක් වසරක් තුල ශතක 4ක් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

පන්දු යැවීමේ දී Roston Chase කඩුලු 2ක් දවා ගන්නා විට, Shannon Gabriel කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනෙක් සහ අතිරේක දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් ද සමඟ සමස්ත දඟපන්දු යවන්නන් සිව්දෙනෙක් මේ තරගයට කැඳවා තිබුණා.

කොදෙව් කණ්ඩායම දෙස අවධානය යොමු කිරීමේ දී ඔවුන්ගේ පිතිකරුවන් බොහෝමයක් දෙනා දකුණත් පිතිකරුවන් නිසාවෙන්, Jeremy Solozano යන 26 හැවිරිදි නවක වමත් පිතිකරුවා හට ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබා දීමට කොදෙව්වන් කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු යවන්නන් ලෙස වමතින් දඟපන්දු යවන Jomel Warrican සහ දකුණතින් පිට දඟපන්දු Rahkeem Cornwall මේ තරගයට ක්‍රීඩා කරනවා.

මේ තරගයේ තරග තීරක ලෙස කටයුතු කරනු ලබන රංජන් මඩුගල්ල මහතා තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරනු ලබන 200 වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගය මෙයයි. තරගයේ දෙවැනි දිනය හෙට (22) මේ පිටියේ දීම ක්‍රියාත්මක වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 267/3 (88): දිමුත් කරුණාරත්න 132*, ධනංජය ද සිල්වා 56*, පැතුම් නිස්සංක 56, Roston Chase 2/42, Shannon Gabriel 1/56.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


West Indies
230/10 (85.5) & 160/10 (79)

Sri Lanka
386/10 (133.5) & 191/4 (40.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahkeem Cornwall b Shannon Gabriel 56 140 7 0 40.00
Dimuth Karunaratne st Joshua Da Silva b Roston Chase 147 300 15 0 49.00
Oshada Fernando c Nkrumah Bonner b Roston Chase 3 27 0 0 11.11
Angelo Mathews c Jason Holder b Roston Chase 3 25 0 0 12.00
Dhananjaya de Silva hit-wicket b Shannon Gabriel 61 95 5 0 64.21
Dinesh Chandimal c Rahkeem Cornwall b Roston Chase 45 83 5 0 54.22
Ramesh Mendis c Joshua Da Silva b Jomel Warrican 13 49 2 0 26.53
Suranga Lakmal lbw b Jomel Warrican 11 44 2 0 25.00
Dushmantha Chameera c Kraig Brathwaite b Jomel Warrican 3 0 0 0 0.00
Lasith Embuldeniya c Jermaine Blackwood b Roston Chase 17 0 1 1 0.00
Praveen Jayawickrama not out 8 0 1 0 0.00


Extras 19 (b 5 , lb 6 , nb 8, w 0, pen 0)
Total 386/10 (133.5 Overs, RR: 2.88)
Fall of Wickets 1-139 (49.1) Pathum Nissanka, 2-164 (57.3) Oshada Fernando, 3-170 (65.1) Angelo Mathews, 4-281 (94.4) Dhananjaya de Silva, 5-296 (99.5) Dimuth Karunaratne, 6-331 (112.6) Ramesh Mendis, 7-355 (124.4) Suranga Lakmal, 8-361 (127.4) Dinesh Chandimal, 9-361 (128.1) Dushmantha Chameera, 10-386 (133.5) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Shannon Gabriel 19 2 68 2 3.58
Jason Holder 19 9 24 0 1.26
Rahkeem Cornwall 27 3 91 0 3.37
Kyle Mayers 3 0 9 0 3.00
Jomel Warrican 32 5 87 3 2.72
Roston Chase 28.5 3 83 5 2.91
Jermaine Blackwood 1 0 6 0 6.00
Kraig Brathwaite 4 0 6 0 1.50
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite c Pathum Nissanka b Ramesh Mendis 41 115 7 0 35.65
Jermaine Blackwood lbw b Lasith Embuldeniya 20 44 1 1 45.45
Nkrumah Bonner c Dhananjaya de Silva b Praveen Jayawickrama 1 11 0 0 9.09
Shai Hope c Oshada Fernando b Ramesh Mendis 10 31 0 0 32.26
Roston Chase c Oshada Fernando b Ramesh Mendis 2 24 0 0 8.33
Jomel Warrican c Dinesh Chandimal b Praveen Jayawickrama 1 8 0 0 12.50
Kyle Mayers c Dimuth Karunaratne b Dhananjaya de Silva 45 62 8 0 72.58
Jason Holder c Dushmantha Chameera b Praveen Jayawickrama 36 60 3 2 60.00
Joshua Da Silva b 15 88 1 0 17.05
Rahkeem Cornwall c Ramesh Mendis b Suranga Lakmal 39 58 5 1 67.24
Shannon Gabriel lbw b Praveen Jayawickrama 2 11 0 0 18.18


Extras 18 (b 3 , lb 10 , nb 2, w 3, pen 0)
Total 230/10 (85.5 Overs, RR: 2.68)
Fall of Wickets 1-46 (20.1) Jermaine Blackwood, 2-51 (23.5) Nkrumah Bonner, 3-80 (31.6) Kraig Brathwaite, 4-83 (33.1) Shai Hope, 5-86 (36.6) Jomel Warrican, 6-100 (39.6) Roston Chase, 7-163 (57.1) Kyle Mayers, 8-175 (60.4) Jason Holder, 9-224 (79.6) Rahkeem Cornwall, 10-230 (85.5) Shannon Gabriel,

Bowling O M R W Econ
Suranga Lakmal 6 1 10 1 1.67
Dushmantha Chameera 8 0 14 0 1.75
Lasith Embuldeniya 32 11 67 1 2.09
Praveen Jayawickrama 19.5 6 40 4 2.05
Ramesh Mendis 17 1 75 3 4.41
Dhananjaya de Silva 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shai Hope b Rahkeem Cornwall 3 11 0 0 27.27
Dimuth Karunaratne c Jermaine Blackwood b Rahkeem Cornwall 83 103 9 0 80.58
Oshada Fernando lbw b Jomel Warrican 14 32 1 0 43.75
Angelo Mathews b 69 83 6 0 83.13
Dhananjaya de Silva c & b Jomel Warrican 1 7 0 0 14.29
Dinesh Chandimal b 10 8 0 0 125.00


Extras 11 (b 8 , lb 2 , nb 1, w 0, pen 0)
Total 191/4 (40.5 Overs, RR: 4.68)
Fall of Wickets 1-4 (2.3) Pathum Nissanka, 2-39 (11.5) Oshada Fernando, 3-162 (36.3) Dimuth Karunaratne, 4-163 (38.1) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Rahkeem Cornwall 15.5 0 60 2 3.87
Jason Holder 5 0 19 0 3.80
Roston Chase 6 1 28 0 4.67
Jomel Warrican 9 0 42 2 4.67
Shannon Gabriel 4 0 23 0 5.75
Kraig Brathwaite 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 0 14 0 0 0.00
Jermaine Blackwood c Angelo Mathews b Lasith Embuldeniya 9 18 0 0 50.00
Nkrumah Bonner not out 68 220 0 0 30.91
Shai Hope b Ramesh Mendis 3 9 0 0 33.33
Roston Chase b Lasith Embuldeniya 1 7 0 0 14.29
Kyle Mayers lbw b Ramesh Mendis 2 5 0 0 40.00
Jason Holder b Ramesh Mendis 0 1 0 0 0.00
Joshua Da Silva c Dhananjaya de Silva b Lasith Embuldeniya 54 129 0 0 41.86
Rahkeem Cornwall c Suranga Lakmal b Praveen Jayawickrama 13 46 0 0 28.26
Jomel Warrican c Avishka Fernando b Lasith Embuldeniya 1 21 0 0 4.76
Shannon Gabriel c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 6 0 0 0.00


Extras 9 (b 0 , lb 5 , nb 2, w 2, pen 0)
Total 160/10 (79 Overs, RR: 2.03)
Fall of Wickets 1-3 (3.4) Kraig Brathwaite, 2-11 (6.4) Jermaine Blackwood, 3-14 (9.1) Shai Hope, 4-15 (10.2) Roston Chase, 5-18 (11.3) Kyle Mayers, 6-18 (11.4) Jason Holder,

Bowling O M R W Econ
Lasith Embuldeniya 29 12 46 5 1.59
Ramesh Mendis 31 5 64 4 2.06
Praveen Jayawickrama 14 6 28 1 2.00
Dhananjaya de Silva 1 0 5 0 5.00
Dushmantha Chameera 4 0 12 0 3.00