තරුෂාන් සහ අශේන්ගෙන් වැඩි දක්ෂතා

Major සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලිය 2021

689

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති තරගවල දී පිතිකරුවන් අතුරින් සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජයේ තරුෂාන් ප්‍රනාන්දු සහ පන්දු යවන්නන් අතුරින් CCC කණ්ඩායමේ අශේන් ඩැනියෙල් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා. 

තරුෂාන් ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව නොදැවී ලකුණු 75ක් රැස් කළ අතර අශේන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 20කට කඩුලු 5ක් දවා ගත්තා.

මේ අතර පැවති තරගවල දී NCC කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ, හලාවත මේරියන්ස් කණ්ඩායමේ පුලින තරංග, පානදුර ක්‍රීඩා සමාජයේ ශනුක දුලාජ් සහ පොලිස් ක්‍රීඩා සමාජයේ මධුරංග සොයිසා අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙනෙන පිතිකරුවන් බවට පත් වුනා.

පන්දු යවන්නන් අතුරින් කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ අකිල දනංජය, Ace Capital ක්‍රිකට් සමාජයේ චානක කොමසාරු සහ පොලිස් ක්‍රීඩා සමාජයේ අසෙල් සිගේරා දවසේ දක්ෂ පන්දු යැවීම්වල නිරත වූවා.

Group A – NCC සහ නාවික හමුදාව (වැලිසර)

NCC කණ්ඩායමට ලකුණු 168ක ජයග්‍රහණයක්.

NCC – කඩුලු 8ක් දැවී 256 (50): සහන් ආරච්චිගේ 62, අහන් වික්‍රමසිංහ 60, ලහිරු උදාර 39, කවීන් බණ්ඩාර 43, ධම්මික ප්‍රසාද් 2/39, බුද්ධික මධුශාන් 2/21.

නාවික හමුදාව – සියලුම දෙනා දැවී 88 (32.4): අනුක් ප්‍රනාන්දු 26, අශේන් ඩැනියෙල් 5/20, චතුරංග ද සිල්වා 2/08.

Group B – කෝල්ට්ස් සහ බදුරලිය (මග්ගොන Surrey)

කොල්ට්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 56ක ජයක්.

කෝල්ට්ස් – සියලුම දෙනා දැවී 167 (48.2): විශාද් රන්දික 24, මුදිතලක්ෂාන් 20, ජීවන් මෙන්ඩිස් 3/40, බුද්ධික සංජීව 2/37, රුචිර කෝෂිත 2/17, අලංකාර අසංක 2/38.

බදුරලිය – සියලුම දෙනා දැවී 111 (42.1): මිතිර තේනුර 22, බුද්ධික සංජීව 33, අකිල ධනංජය 4/21, මුදිත ලක්ෂාන් 2/32, මොහොමඩ් ශිරාස් 3/23.

Group B – හලාවත මේරියන්ස් සහ Ace Capital (FTZ, කටුනායක)

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 65ක ජයක්.

හලාවත මේරියන්ස් – සියලුම දෙනා දැවී 169 (37.4): පුලින තරංග 55, විශ්ව චතුරංග 33, අවිඳු තීක්ෂණ 32, චානක කොමසාරු 4/20, රොහාන් ජයතිස්ස 3/33, ඉරෝෂ් සමරසූරිය 2/01.

Ace Capital – සියලුම දෙනා දැවී 104 (32): ජනක් ප්‍රකාශ් 24, අවිඳු තීක්ෂණ 2/12, තික්ෂිල ද සිල්වා 3/24, කසුන් වීරංග 2/16, කමිඳු මෙන්ඩිස් 2/29.

Group B – සෙබස්තියනයිට්ස් සහ ගාල්ල (දොඹගොඩ)

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 4ක ජයක්.

ගාල්ල – කඩුලු 9ක් දැවී 163(45): ලිසුල ලක්ෂාන් 34, ඩිල්ශාන් කාංචන 30, යශෝධ ලංකා 21, සචිත ජයතිලක 2/34, චාමිකර එදිරිසිංහ 3/24.

සෙබස්තියනයිට්ස් – කඩුලු 6ක් දැවී 164 (41.3): තරුෂාන් ප්‍රනාන්දු නොදැවී 75, ශශ්‍රීක පුස්සෙගොල්ල 26, සචිත ජයතිලක 28, හරීන් බුද්ධිල 2/22, රජිත ප්‍රියාන් 2/41.

Group B – පානදුර සහ පොලිසිය (තිඹිරිගස්යාය)

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්.

පානදුර – සියලුම දෙනා දැවී 170 (44.3): ශනුක දුලාජ්  64, නිමන්ත පීරිස් 21, මාලිංග අමරසිංහ නොදැවී 31, නිසල තාරක 2/24, නලින් ප්‍රියදර්ශන 2/22, අසේල් සිගේරා 4/30. 

පොලිසිය – කඩුලු 5ක් දැවී 171(34.2): මධුරංග සොයිසා 51, තිලකරත්න සම්පත් 29, අශේන් බණ්ඩාර නොදැවී 30, චාමර සිල්වා 24, නිමේෂ් විමුක්ති 2/33, සංජය චතුරංග 2/35.

මේ අතර Group A කාණ්ඩයෙන් පැවැත්වීමට නියමිතව තිබූ නුගේගොඩ සහ ගුවන් හමුදාව අතර තරගයත්, BRC සහ ලංකන් අතර තරගයත්, CCC සහ යුද හමුදාව අතර තරගයත් සහ Group B කාණ්ඩයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රාගම සහ SSC අතර තරගයත්, Tamil Union සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගයත් අයහපත් කාලගුණ තත්ත්වයන් මත පිළිසකර කර ගැනීමට නොහැකි වූ ක්‍රීඩාංගණ හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැනෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<